වතු කම්කරුවෝ විරෝධතා…

November 13, 2021 at 6:48 pm | lanka C news
වතු කම්කරුවෝ විරෝධතා…

තමන් දිනපතා නෙලන අමු තේ දළු ප්‍රමාණය වතු පාලන අධිකාරි විසින් නිසි ලෙස කිරා භාර ‍නොගෙන තමන් නෙලන තේ දළු වලින් විශාල ප්‍රමාණයක් කපා හරින බව පවසමින් බගවන්තලාව ප්‍රදේශයේ වතු කම්කරුවන් පිරිසක් (13) දින උද්ඝෝෂණයක නිරත විය.

බගවන්තලාව වැවිලි සමාගමට අයත් චැපල්ටන් වතු යායේ ඩි/පි කොටසේ වතු කම්කරුවන් පිරිසක් මෙසේ උද්ඝෝෂණයේ නිරත විය.

දිනපතා තමන් නෙලන තේ දළු ප්‍රමාණයෙන් කිලෝ 5 කට වැඩි ප්‍රමාණයක් වතු පාලන අධිකාරිය විසින් තමන්ට නිසි ගෙවිමකින් තොරව ලබා ගන්නා බවත්, එම තත්ත්වය හමුවේ තමන් ගැටළු රැසකට මැදි වි ඇති බව උද්ඝෝෂණයේ නිරතව සිටි වතු කම්කරුවන් කියා සිටිහ.

උද්ඝෝෂණයේ නිරතව සිටි වතු කම්කරුවන් අතරට පැමිණි වතුකරයේ වෘත්තිය සමිතියක ප්‍රාදේශිය නායකයෙකු වතු පාලන අධිකාරියෙන් කල විමසුමකට ඔහු කියා සිටියේ තේ වතු සමාගම් පාඩු ලබන තත්ත්වයක පවතින බවත්,එම පාඩුව අවම කර ගැනිමට නම් වතු කම්කරුවෙකු නෙලන තේ දළු ප්‍රමාණයෙන් කිලෝ කිහිපයක් කපාගත යුතු බවයි.

මෙයට වෙනත් විකල්පයක් නොමැති බවද වතු පාලන අධිකාරිය විසින් දුරකථනය ඔස්සේ උද්ඝෝෂණයේ නිරතව සිටි වතු කම්කරුවන් හමුවේ කියා සිටිහ.

වතු කම්කරුවන් (13) දින නෙලන ලද තේ  දළු කිරා වතු පාලන අධිකාරියට භාර නොදිමට උද්ඝෝෂණයේ නිරතව සිටි වතු කම්කරුවන් කටයුතු කලහ.

– හැටන් රංජිත් රාජපක්ෂ

12,101 views

2 Comments to “වතු කම්කරුවෝ විරෝධතා…”

  1. wijesena says:

    GODAKMA KANAGAATUI.. MEE AHINSAKA MINISSUNTA WENA ASAADANAYA GANA

  2. Tea_business_dead says:

    කොළ කැඩීම තවදුරටත් රැකියාවක් නොවේ.