වතු කම්කරු ගැටළු නොවිසදෙන හේතුව ජවිපෙ හෙලි කරයි..

April 1, 2019 at 8:40 am | lanka C news
වතු කම්කරු ගැටළු නොවිසදෙන හේතුව ජවිපෙ හෙලි කරයි..

වතුකරයේ වෘත්තිය සමිතිවල නායකයින් පලකයින්ට පක්ෂපාතිව කටයුතු කරන නිසා වතුකරයේ ජනතාවගේ අයිතිවාසිකම් දිනා ගැනිමට  නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ පා.ම බිමල් රත්නායක මහතා පැවසිය.

බිමල් රත්නායක මහතා  ඒ බැව් කියා සිටියේ බගවන්තලාව ප්‍රදේශයේ වතු කම්කරුවන්ගේ ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම සදහා (31) බගවන්තලාව එ.කේ ශාලාවේ පැවති රැස්විමක් අමතමිණි.

80% වෘත්තිය සමිති සමාජිකත්වයක් තිබෙන වතුකරයේ ජනතාවට වඩා අඩු වෘත්තිය සමිති සමාජිකත්වයක් දරන රටේ බහුතර රාජ්‍යය සේවකයන් සහ පෞද්ගලකි අංශයේ සේවකයින් අයිතිවාසිකම්  ලබා ගන්නා බවයි.

රාජ්‍ය සේවයේ සහ පෞද්ගලික අංශයේ පිහිටුවා ඇති වෘත්තිය සමිති අතරින් රටේ පාලකයන් සමග ගැටෙමින් ජනතාවගේ අයිතිවාසිකම් ලබාදෙන එකම වෘත්තිය සමිතිය ඇත්තේ  ජනතා විමක්ති පෙරමුණට අනුබද්ධ වෘත්තිය වෘත්තිය සමිති බව බිමල් රත්නායක මහතා කියා සිටියි.

වතුකරය නියෝජනය කරන ඇතැම් දේශපාලඥයන්ට මෙන්ම කැබිනට් මණ්ඩලය නියෝජනය කරන ඇතැම් ඇමතිවරුන්ට වතු තිබෙන නිසා වතුකම්කරුවන්ගේ අයිතිවාසිකම් සහ වැඩි වැටුපක් ලබා දිමට කටයුතු නොකරන බවද බිමල් රත්නායක මහතා පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

80 views
Main News