වතු කම්කරු නිවාස ඉදිකිරීමට යුධ හමුදා සහාය දීමට සූදානම්…

June 22, 2019 at 2:03 am | lanka C news
වතු කම්කරු නිවාස ඉදිකිරීමට යුධ හමුදා සහාය දීමට සූදානම්…

යුධ හමුදාවේ මිනිස් ශක්තිය වැවිලි ප්‍රජාව උදෙසා ඉදිකරන නිවාස ඉදිකිරීම සඳහා යෙදවීමට තමන් පොරොන්දු වන බව ශ්‍රී ලංකා යුධ හමුදාපති ලුතිනන් ජෙනරල් මහේෂ් සේනානායක මහතා පවසයි.

යුධ හමුදාපතිවරයා මේ බව කියා සිටියේ කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන ගරු අමාත්‍ය පලනි තිගාම්බරම් මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වූ හරිත ගම්මානයක් – සරුසාර ආර්ථිකයක් යන්න තේමා කරගත් වැවිලි ප්‍රජාව සඳහා ආර්ථික වටිනාකමින් සහිත පැළ බෙදා දීමේ ජාතික වැඩසටහනට නුවරඑළිය ඩන්සිනන් වතුයායේදී එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ යුධ හමුදාපතිවරයා,

“මෙවැනි ව්‍යාපෘති තුළින් කඳුකරයේ නායකයින් බලාපොරොත්තු වන්නේ වතුප්‍රජාවගේ ජීවන තත්ත්වය ඉහල නැංවීමයි. ඒ සඳහා ඔවුන් ගන්නා උත්සාහය යුධ හමුදාපති වශයෙන් මා අගය කොට සලකනවා. එමෙන්ම අපගේ ආසන්නම හිත මිතුරා වන ඉන්දියානු රජයේ මැදිහත්වීමත් ඉතා වැදගත් කොට සලකනවා. අද දිනයේදී ලබාදුන් ආර්ථික වටිනාකමකින් යුතු පැළ වඩා වැදගත් වන්නේ අපටත් වඩා අපගේ මතු අනාගතයටයි. ශ්‍රී ලංකා යුධ හමුදාපති වශයෙන් යුධ හමුදාවේ මිනිස් ශක්තිය කඳුකරයේ ඉදිකිරීම් කටයුතු සඳහා යෙදවීමට මා පොරොන්දු වෙනවා.” යැයි පැවසීය.

– අරුණ රත්නායක

18 views

5 Comments to “වතු කම්කරු නිවාස ඉදිකිරීමට යුධ හමුදා සහාය දීමට සූදානම්…”

  1. W.Milton says:

    The job of Sri lanka Nation army is not that building Houses for Plantation workers who are badly needed shelters.
    Army chief has to keep his mind that is non of your own business,by keep security and alter of Muslim Terrorist and Tamil of TNA a Terrorism and ongoing Terrorism of JVP back by Muslim IBrahim of man who give life for their children for suicide cardres to attack Churches and hotels in 12/4/19? Killed 400 citizens and 800 people being injured by ISIS attack

  2. W.Milton says:

    People and citizens security is army most paramount duties of Army chief.
    The job of Sri lanka’s Nation army is not that building Houses for Plantation workers who are badly needed shelters. Nation urgently needed that your services for Security of all citizens of Island.
    Army chief has to keep his mind that is non of your own business, of building houses; by keep security and alter of Muslim Terrorist and Tamil of TNA +LTTE Terrorism and ongoing Terrorism of that JVP back by Muslim IBrahim of man who give life for their children for suicide cardres to attack Churches and hotels in 12/4/19?
    Killed 400 citizens and 800 people being injured by ISIS attack in 21/4/19!

    • CAT says:

      හමුදාපතිත් දැන් තිගාම්බරම් කඩේ යමින් වතුදෙමල කොලනි සෑදීමට සහය දෙනවද ?
      මේ රටේ සිංහලයන්ට ඉඩමක් ගැනීමට තමන්ගේම ශක්තියෙන් මුදල් උපයා ගත යුතුයි .
      කදුරටේ ඉඩම් වතුදෙමලුන්ට නොමිලේ බෙදාදෙමින් ගෙවල් සාදා සින්නක්කර ඔප්පු ලබා දෙයි …..
      ඉන්දියාවෙන් ආපු සරණාගතයන්ට ගෙවල් හදලා දෙන්න ප්‍රථමයෙන් මේ රටේ සිංහලයන් ගැන සොයා බැලුවොත් නරකද ?
      දෙමල ජාතිවාදී ඇමතිලා තමන්ගේ දෙමල ජාතිය රැකගන්න හදනවා අපේ රටේ සිංහලයෝ තමන්ගේ මාතෘ භුමියේ දෙමල නිජ බිමක් හදන්න ඔවුන්ට සහය දෙනවා ..ලැජ්ජයි …උතුරට නැගෙනහිරට සිදුවූ/සිදුවන දෙයින් වත් පාඩමක් ඉගන ගනිව් සිහලුනේ

      • නයා says:

        මෙයත් හිටපු පොලිස් ලොක්කගේ අනිත් එක වගේ

        පූජිත් II

  3. Sun says:

    Dear friends, without knowing the logic and intelligence you cannot just comment. They have to understand the inner and thinking of people rather than being in a camp. Then only the can project. Not like our big minister those who like to go to in big car. Can they understand the thinking of people. They are always away of people. The army should know all the corners. Than you. You can see beyond the common.

Main News