වතු කම්කරු වැටුප 1000 කරන්නැයි ඉල්ලු විරෝධතාවට බාධා..

February 24, 2019 at 2:08 am | lanka C news
වතු කම්කරු වැටුප 1000 කරන්නැයි ඉල්ලු විරෝධතාවට බාධා..

වතු කම්කරුවන්ගේ මුලික වැටුප රු 1000 දක්වා වැඩි කරන ලෙස වතු සමාගම්වලට බලපැම් කරමින් රු 1000  ව්‍යාපාරයේ සමාජිකයන් (23) බගවන්තලාව නගරයේදි අත් පත්‍රිකා බෙදා දිමේ වැඩසටහනක් සිදු කරමින් සිටියදි එයට බාධා පැමිණ තිබේ.

එම ව්‍යපාරයේ සමාජිකයන් බගවන්තලාව නගරයේදි අද අත් පත්‍රිකා බෙදා දි ජනතාව දැනුවත් කර අද (24) දිනයේදි බගවන්තලාව නගරයේදි විරෝධතා ව්‍යාපාරයක් සහ  උද්ඝෝෂනයක් පැවැත් විමට සැලසුම් කර තිබුණි.

එම ව්‍යාපාරයේ සමාජිකයන් අත් පත්‍රිකා බෙදා දෙමින් සිටි අවස්තාවේ බගවන්තලාව ප්‍රදේශයේ වතු කම්කරුවන් පිරිසක් එම ස්ථානයට පැමිණ රු 1000 ව්‍යාපාරයේ සමාජිකයන්ට බාධා පමුනවමින් කියා සිටියේ ඉන්දියානු රජයේ ආධාර යටතේ බගවන්තලාව ප්‍රදේශයේ ඉදි වු වතු නිවාස ගම්මානයක් විවෘත කිරිමට හෙට දින අග්‍රාමාත්‍යය රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රි ලංකා ඉන්දියානු මහ කොමසාරිස් තරංජිත් සින් සන්ධු මහතා සහ මැති ඇමතිවරුන් රැසක් සහභාගි වන බවත්, එම විවෘත කිරිමෙන් අනතුරුව අදාල විරෝධතාව සහ උද්ඝෝෂනය පවත්වන ලෙසයි.

මෙම ප්‍රකාශයත් සමග දෙපාර්ශවය අතර ඇති වු තරමක නොසන්සුන්කාරි තත්ත්වයක් පාලනය කිරිමට බගවන්තාලව පොලිසියේ නිලධාරින්ටද මැදිහත් විමට සිදුවුණි.

රු 1000 ව්‍යාපාරයේ සමාජිකයන් පොලිස් ස්ථානය වෙත කැදවා දෙපාර්ශවය අතර සාකච්ඡාවක් පවත්වා දෙපාර්ශවයේ එකගතාවය මත අත් පත්‍රිකා බෙදා දිමේ වැඩසටහන 1000 ව්‍යාපාරය විසින් තාවකාලිකව නතර කරනු ලැබුනි.

අත් පත්‍රිකා බෙදා දිමට විරුද්ධ වු වතු කම්කරුවන් කියා සිටින්නේ 1000 ව්‍යාපාරය විසින් සිදු කරන විරෝධතා සහ උද්ඝෝෂන ව්‍යාපාරයට හෙට දිනයෙන් පසු ඕනැම අවස්තාවක සම්ස්ත වතුකරයේ ජනතාවගේ සහයෝගය එම ව්‍යාපාරය වෙත ලබාදෙන බවයි.

හෙට දිනයේ බගවන්තලාව නගරයේ එම ව්‍යාපාරය මගින් පැවැත් විමට  සුදානම් කර ඇති විරෝධතා ව්‍යපාරයට සහ උද්ඝෝෂනය සම්බන්ධයෙන් බගවන්තලාව,  නොර්වුඩ් , මස්කෙලිය යන පොලිස් ස්ථානවලින් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ කරුණු වාර්තා කරමින් මහෙස්ත්‍රාත්වරයාගෙන් අතුරු තහනම් නියෝගයක් ඉල්ලා ඇති අතර එහිදි දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ජේ.ස්ට්‍රොස්කි මහතා විසින් පොලිසියෙන් කරන ලද ඉල්ලිමට නියෝගයක් ලබාදෙමින් සදහන් කර ඇත්තේ විරෝධතා ව්‍යාපාරය සාමයට බාධාක් නොවන පරිදි හා මහජන පිඩාවක් ඇති නොවන පරිදි සිදු කරන ලෙසටය.

1000 ව්‍යාපාරයේ සංවිධායකයින් සහ සමාජිකයින්  ගණනාවක් වග උත්තර කරුවන් කරමින් පොලිසිය මගින් අධිකරණයෙන්  අදාළ නියෝගය ඉල්ලා තිබුණි.

– හැටන් රංජිත් රාජපක්ෂ

30 views
Main News