වතු නිවසක ගැස් උදුන පිපිරි යයි… ගින්න පාලනය කෙරේ….

December 9, 2021 at 2:18 am | lanka C news
වතු නිවසක ගැස් උදුන පිපිරි යයි… ගින්න පාලනය කෙරේ….

හැටන් පොලිස් වසමට අයත් වනරාජා වත්ත පාලම කොටසේ වතු නිවාසක මුළුතැන්ගෙහි තිබු ගැස් උදුනක් (08) දින පුපුරාගොස් එතුලින් ගින්නක් හටගෙන තිබු බව හැටන් පොලිසිය පැවසිය.

එම නිවසේ ගෘහණිය ගැස් උදුන දල්වනවාත් සමග විශාල ශබ්දයක් සමග ගැස් උදුන පුපුරාගොස් ඒ තුලින් මුළුතැන්ගෙහි පුරා ගිනි ජාලාවක්ද හටගත් බවත්, පසුව අසල්වාසින් පැමිණ ගැස් උදුන සම්බන්ධ කර තිබු ගැස් රෙගුලේටරය ගලවා ගැස් සිලින්ඩරය ඉවතට දමා ඇති බවයි පොලිසිය කියා සිටියේ.

ගැස් සිලින්ඩරය හැටන් ප්‍රදේශයෙන් දින කිහිපයකට ප්‍රථම මිල දි ගෙන ඇති බවද නිවාස හිමියා පැවසිය.

පිපිරිම සම්බන්ධයෙන් හැටන් පොලිසිය පරික්ෂණ පවත්වයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

4,527 views

2 Comments to “වතු නිවසක ගැස් උදුන පිපිරි යයි… ගින්න පාලනය කෙරේ….”

  1. මේ බොරු. අමූලික බොරු. රැවටෙන්න එපා.

Main News