වතු නිවසක ගෑස් පිපිරීමක්….

December 8, 2021 at 2:06 am | lanka C news
වතු නිවසක ගෑස් පිපිරීමක්….

හැටන් වැලිඔය වත්තේ මැද කොටසේ වතු නිවසක මුළුතැන්ගෙහි තිබු ගැස් උදුන පුපුරා ගොස් ගෘහස්ථ ගැස් සිලින්ඩරයෙන් ගැස් කාන්දුවන් සිදු වි ඇති බව වටවල පොලිසිය පැවසිය.

එම නිවසේ කාන්තාවක් ආහාර පිසමින් සිටින අවස්තාවේ එකවරම විශාල ශබ්දයක් සමග ගැස් උදුන පුපුරා ගිය බවත්,පසුව එම කාන්තාවගේ සැමියා පැමිණ ගැස් සිලින්ඩරය රෙගුලේටරයෙන් ගලවා නිවසින් ඉවතට දමා ඇති අතර , එම සිලින්ඩරයේ ගැස් කාන්දුවක්ද පවතින බවයි නිවාස හිමියා කියා සිටියේ.

මිට දින කිහිපයකට පමණ ප්‍රථම මෙම ගැස් සිලින්ඩරය හැටන් ප්‍රදේශයෙන් මිල දි ගෙන ඇති අතර , පිපිරිමෙන් කිසිවෙකුටත් තුවාල සිදු වි නොමැති අතර , පිපිරිමෙන් නිවසේ මුළුතැන්ගෙට සුළු අලාභ හානි සිදු වි ඇත.

– හැටන් රංජිත් රාජපක්ෂ

10,302 views
Main News