වතු නිවාස පෙලකට නිරවුල් ඔප්පු ලබාදෙයි.. පෙලක් ජනතා අයිතියට…

June 17, 2018 at 2:07 am | lanka C news
වතු නිවාස පෙලකට නිරවුල් ඔප්පු ලබාදෙයි.. පෙලක් ජනතා අයිතියට…

කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන ගරු අමාත්‍ය පලිනි තිගාම්බරම් මහතාගේ උපදෙස් පරිදි කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශ ප්‍රතිපාදන යටතේ ගාල්ල උඩුගම හෝමදොල වතුයායේ ඉදිකළ නිවාස ජනතා අයිතියට පත්කෙරිණි.

මෙහිදී හෝමදොල වතුයායේ ඉදිකළ නිවාස 25 ඇතුළු ගාල්ල දිස්ත්‍රික්කයේ ඉදිකරන ලද නිවාස 100ක් සඳහා නිරවුල් ඔප්පු ලබාදීමට කටයුතු කිරීමද විශේෂත්වයකි.

මෙම අවස්ථාව සඳහා ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ ගරු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා, කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අධීක්ෂණ මන්ත්‍රී එම්. තිලකරාජ් මහතා, ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා ඇතුළු වැවිලි මානව සංවර්ධන භාරයේ නිළධාරීන් රැසක් එක්ව සිටියහ.

– අරුණ රත්නායක

34 views

4 Comments to “වතු නිවාස පෙලකට නිරවුල් ඔප්පු ලබාදෙයි.. පෙලක් ජනතා අයිතියට…”

  1. JOY says:

    කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන දෙමල ජාතින් ට පමණක් ලබා දෙන්නේ මන්ද ?උතුරේ අනාථ වී ඇති සිංහලයන්ට මේ පහසුකම් නොදෙන්නේ මන්ද ?
    දෙමළ හා මුස්ලිම් වාර්ගිකයන් ඔවුන්ගේ ජාතීන්ට අදාළ යැයි කියවෙන එකම බිම් අගලක් හෝ වෙනත් කිසියම්ම වැදගත් හෝ අවැදගත් කරුණක්වත් නිතර කියවෙන සංහිදියාව හෝ සාමකාමී සහජීවනය වෙනුවෙන් අත් හැරීමට කිසිම කැමැත්තක් නොදක්වන යුගයක හෝ අවස්ථාවක දී, සිංහල ජාතිය පමණක් ඔවුන්ටම ආවේනික වූ සම්ප්රදායන් හෝ ගම් බිම් අත්හරින්නේ ඇයි?
    අපි සංහිදියාව වැනි වචන වලට සවන් දී අපි අපවම රවටා ගත යුතුද?

  2. Mahasona says:

    දෙමල ඇමතිගේ උවමනාවට මහජාතියේ බදුමුදල් වලින් කදු රටේ දෙමළ මිනිසුන්ට පහසුකම් දීපල්ලා
    තමන්ගේ රටේ බිම් අගලක් නැතිව සිංහළ මිනිස්සු කරදර වලට මුහුණ පාද්දී ..දෙමල දේශපාලුවන් සතුටු කරපියව්

  3. John says:

    තිගාම්බරම් දෙමළ ජාතිවාදියෙක් ..

  4. NAK says:

    Tea estates are being replaced with housing estates.

Main News