වධකයන් දෙදෙනෙකු බදවා ගනී.. එල්ලා මරන්න වැලිකඩ සූදානම්.. ලයිස්තුවේ සිරකරුවන් කැළඹේ..

July 2, 2019 at 12:01 am | lanka C news
වධකයන් දෙදෙනෙකු බදවා ගනී.. එල්ලා මරන්න වැලිකඩ සූදානම්.. ලයිස්තුවේ සිරකරුවන් කැළඹේ..

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා වධකයන් දෙදෙනකු බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් බඳවා ගෙන ඇති බව වාර්තා වේ.

ඔවුන් දෙදෙනාම මේ වන විට එල්ලුම්ගස ඇති වැලිකඩ බන්ධනාගාර පරිශ‍්‍රයෙහි සූදානමින් රැඳී සිටින බව සඳහන්ය.

ජනාධිපතිවරයා විසින් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා අත්සන් කළ බව මෑතකදී ප‍්‍රකාශ කල අතර බන්ධනාගාරය විසින්ද ඉක්මනින්ම එල්ලුම්ගහ නිසි ලෙස සකස් කර වදක තනතුරු සඳහා ද පුද්ගලයන් බඳවා ගෙන සිටී.

කෙසේ වෙතත් මේ වන තෙක් ජනාධිපතිවරයාගෙන් නියෝගයක් අධිකරණ අමාත්‍යාංශය ලැබී නැති බවද වාර්තා වෙයි.

මේ අතර ජනාධිපතිවරයා වෙත යවන ලද නම් 18ක ලයිස්තුවේ සිටින මරණ දඬුවම නියම වූ සිරකරුවන් බන්ධනාගාර තුළ ඉමහත් ආතතියෙන් පසුවන බව එහි ආරංචි මාර්ග කියා සිටී.

37,464 Viewers

13 Comments to “වධකයන් දෙදෙනෙකු බදවා ගනී.. එල්ලා මරන්න වැලිකඩ සූදානම්.. ලයිස්තුවේ සිරකරුවන් කැළඹේ..”

  1. sky says:

    සිරිසේනගේ තවත් ලොකු වීර ක්‍රියාවක් …..මොකද්ද මේ නටන එල්ලුම් ගසේ නාඩගම ….කාවද මේ රවටන්නේ ? අන්තවාදී ඇමතිලා , ජාතිවාදී දමිල දේශපාලකයින් මුළු රටම මංකොල්ලා කමින් රට විනාශ කරනවා ..ඔවුන් නිදැල්ලේ ..සිරදඩුවම් විදින සිරකරුවෝ මරන්න හදනවා
    කැකිරිල්ලේ නඩු තීන්දු මිට වඩා හොදයි සිරිසේනගේ ජන්දෙට වෙළද දැන්වීම්

    • මනෝජ් says:

      අද තොන්ඩුවක පින්තුරේ දාලා යටින් පානාතිපාතා වේරමණී සික්ඛා පාදන් සමාදියාමි කියල ලියල තිබෙන පෝස්ටරයක් ගහල තිබෙනවා කොළඹ පුරා .මේ අනිවාර්යෙන්ම මිනිමරුවන්ගේ ,කුඩු කාරයන්ගේ ,ත්‍රස්තවාදීන්ගේ මානව හිමිකම් රකින එන්ජිඕ කාරයන්ගේ වැඩක් බව පැහැදිලියි .

      එදා බුදුරදුන්දේ කාලයේ රජවරුන් තම රටවල විවිද වැරදි ක්‍රියා කලවුන්ට මරණ දඩුවම දුන්නා නමුත් බුදු හාමුදුරුවන් ඒ දඩුවම් ගැන මැදිහත් වුයේ නෑ කොසොල් රජතුමා යම්කිසි පිරිසකට මරණදඩුවම් දී බුදුහිමියන් බැහැදකින්න පැමිණි අවස්ථාවක් ගැනත් සඳහනක් තිබෙනවා ඒ අවස්ථාවේදී බුදුහිමියන් යම්කිසි ධර්මයක් දෙසු බව අසා තිබෙනවා නමුත් උන්වහන්සේ කිසිම වෙලාවක රාජ්‍ය පාලයන සඳහා වූ දඩුවම් ගැන මැදිහත් වුයේ නෑ. බුදුදහම එකෙක් නමුත් රටක සමස්ත ප්‍රජාව ආරක්ෂා කිරීමට යම් යම් පියවර ගන්න සිදුවෙනවා .රටක බහුතර ජනතාවට පුද්ගලයන් කිහිපදෙනෙකුගෙන් අනර්ථයක් සිදුවනවානම් එයින් ඔවුන්ව වලක්වන්න නොහැකිනම් ඒ පුද්ගලයන් විනාශ කරන්නේ බහුතරයකගේ යහපත තකා .එනිසා මරන දඩුවමට විරුද්දව බොරු ධර්ම ටෝක් දාන්න එපා සික්ෂා පද අපි දන්නවා නමුත් මෙතන පන්සිල් රකිම පිලිබද ප්‍රශනයක් නෑ.

      එපමණක් නොවේ නීතියේ ලියැවී තිබෙන ආකාරයට මරණ දඩුවම උසාවියෙන් නියෝග කලවිට ජනපතිතුමා කරන්නේ නිතිය ඉෂ්ට කිරීම තහවුරු කිරීමක් පමණයි එනිසා එතුමාට පවක් සිදුවන්නේත් නෑ,වධකයන් සිදුකරන්නේද තමන්ට දුන් නියෝගයක් ඉටුකිරීමක් පමණයි එයින් ඔවුන්ටද පාපයක් සිදුවන්නේ නෑ.
      අපේ ඉල්ලීම නම් කිසිම විදියකින් මරණ දඩුවම අහෝසි කරන්න එපා එසේම ශාෆි නමැති වහාබි අන්තවාදී ගර්භාෂ ත්‍රස්තවදියාටද මරණ දඩුවම දෙන ලෙසයි එය මෙරට අනාගත පරම්පරා ගණනකට ආදර්ශයක් සපයනු ඇත

  2. john the baptice says:

    බටලන්දේ වධකයාට කිව්වා නම් එක දවසින් සිරකරුවන් එල්ලුම් ගස නැතුවත් එල්ලා මරයි ..අද රට පාලනය කරන්නේ ලොකුම වධකයෝ ,
    ඕකට මොකටද පිටින් බදවා ගන්නේ

  3. මාතුපාල says:

    “…………මරණ දඬුවම නියම වූ සිරකරුවන් බන්ධනාගාර තුළ ඉමහත් ආතතියෙන් පසුවන බව එහි ආරංචි මාර්ග කියා සිටී”

    කරන කලට පවු මිහිරිය මීසේ.
    විඳින කලට දුක් දැඩිවෙයි ගිනිසේ!

  4. simion says:

    ඔය වැඩේට කියාපු බඩු තුනක් ඇතුලෙම ඉන්නවා අපේ මහත්තයෝ……බටලන්දේ රනීශ්, “ප්‍රා” එකේ රාජීශ්, සහ ටයර් සෑ අදිපතිගේ පුත්‍ර රත්නය සජීශ්…

  5. Nandasoma says:

    මරණීය දණ්ඩනය නීතියට සම්බන්ධ අධිරණමය ක්‍රියාවක් (තීන්දුවක්) මිස ජනාධිපති හෝ ව්‍යවස්ථාවෙන් නියම කරණු ලබන දෙයක් නොවේ…..!

    එබැවින් එයට විරුද්ධව අධිකරණයට යාමේ තේරුමක් නැත……!! අධිකරණ තීන්දුවකට විරුද්ධ වීමට අධිකරණයට නොහැකිය……!!!

  6. Palitha says:

    Marana danduwama kalin ahosi nokalanam me prashna kisiwak ne. Pitarata un kegahanneth ne.
    Rate winayath thiyenna thibuna.

  7. SL says:

    “කුලියට ගන්නා ලද සුඛෝපභෝගී ඇලියොන් මෝටර් රථයකින් පැමිණ මින්නේරිය වැව් ඉවුරේ නිවසක් තුළ හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය පානය කරමින් සිටි කාන්තාවන් දෙදෙනකු පාසල් සිසුන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයන් 09 දෙනකු ඉකුත් 28 දා මින්නේරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පොළොන්නරුවේ ප‍්‍රධාන පෙළේ පාසලක උසස් පෙළ හදාරණ සිසුන් තිදෙනකු බේරුවල පදිංචි 25 හැවිරිදි තරුණියක, පානදුර පදිංචි 42 හැවිරිදි කාන්තාවක සහ පුත්තලම පදිංචි තරුණයන් දෙදෙනකු ඇතුළු පිරිසකි.

    සැකකරුවන් සමග හෙරොයින් මත්කුඩු ග‍්‍රෑම් 02 යි මිලි ග‍්‍රෑම් 120 ක් ද අයිස් මත්ද්‍රව්‍ය මිලිග‍්‍රෑම් 150 ක් ද අත්අඩංගුවට ගෙන තිබේ.

    පුත්තලම සිට පැමිණි පිරිස ඇලියොන් වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථය කුලියට ගෙන කාන්තාවන් දෙදෙනකු සමග අදාළ ස්ථානයට පැමිණ තිබේ.

    සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබිණි.”……..Who put these kids in danger , do these student deserve this life??? ………………..!

  8. SL says:

    “මේ අතර ජනාධිපතිවරයා වෙත යවන ලද නම් 18ක ලයිස්තුවේ සිටින මරණ දඬුවම නියම වූ සිරකරුවන් බන්ධනාගාර තුළ ඉමහත් ආතතියෙන් පසුවන බව එහි ආරංචි මාර්ග කියා සිටී.”

    මත් කුඩු වලට ඇබ්බැහි වූ දරුවන්ගේ දෙමාපියන් ඉන්නේ හැම වෙලේම හිතින් දුක් විඳ විඳ , මුන් ඒ ගැන හිතලද පොඩි උන් ට මත් කුඩු පොවලා උන්ගේ ජීවිත විනාශ කලේ !

  9. As says:

    Sirakaruvan kese vethath, ungen udav gaththa eveun kalambila kiyalanan penava…
    Anyway respect president…
    Mekavath hsriyata karaganna siraa sir..

  10. UD says:

    අධර්මයෙන් ධර්මය රැකිය හැකිද?

  11. SLCabinet says:

    Minihata Dan Karanna ithuruwela thiyenne Paanathipaatha wade witharai ..

  12. omrw says:

    උඹලට මේ සුද්දගේ කලකන්නි නීතියේ නරක පේන්නේ උඹලට වදින වෙලාවට විතරයි. ඔය නීතියේ වැරද්දක් තියෙන්නත් පුළුවන් අහිංසකයින් මැරෙන්නත් පුළුවන් නම් මරණ දඬුවම විතරක් නෙවෙයි ඔය සල්ලි තියන එක බේරන ඔය ක්‍රමයම නැති කරමු.

Main News