වනඅලියකු යතුරුපැදියක් පන්න පන්නා පහර දේ.. තරුණයා අනූනවයෙන් බෙරේ…

May 17, 2021 at 1:20 pm | lanka C news
වනඅලියකු යතුරුපැදියක් පන්න පන්නා පහර දේ.. තරුණයා අනූනවයෙන් බෙරේ…

මන්නාරම මාන්තෙයි බටහිර ප්‍රාදේශීය ලොක්ම් කොට්ඨාශයේ පරුප්පු කඩන්තාන් ප්‍රදේශයේදී වනඅලියෙකුගේ පහරදීමකින් (16) තරුණයෙකු සුලුතුවාල පමණක් ලබා දිවි බේරාගැනීමට හැකිව ඇත.

අදාල තරුණයා පරුප්පු කඩන්තාන් ප්‍රදේශයේ සිට මඩුක්කරෙයි පිහිටි තම නිවසට යතුරුපැදියකින් ගමන් කරමින් සිටි අවස්ථාවේදී වැව් බැම්මකින් යතුරුපැදිය ධාවනය වන අවස්ථාවේදී කැලෑවේ සිට එකවරම වනඅලියෙකු පසුපසින් ලුහුබැඳ අවුත් පහරදී ඇති අතර එහිදී වනඅලියා විසින් එල්ල කරන ලද ප්‍රහාරය යතුරුපැදියට වැදී යතුරුපැදිය වැව දෙසට පෙරලී ගොස් ඇත.

අනතුරුව තරුණයා වැටුනු ස්ථානයේ පඳුරක සැඟවි සිටීම හේතුවෙන් වනඅලියාට සොයාගැනීමට නොහැකිව වනඅලියා පලා ගිය බවටත් යතුරුපැදියෙන් වැටීම හේතුවෙන් තරුණයාට සුලු තුවාල පමණක් සිදුව තිබෙනවා.

– වන්නි රොමේෂ් මධුෂංඛ

33,755 views

7 Comments to “වනඅලියකු යතුරුපැදියක් පන්න පන්නා පහර දේ.. තරුණයා අනූනවයෙන් බෙරේ…”

  1. කැප්පෙටිපොළ says:

    මොකද මේ හින්දු බෞද්ධ නිතිය
    මෙය දශ වස්තුක සම්මා දෘෂ්ටිය ඇසුරු කර ගත් නිති ක්‍රමයකි. කවුරුත් නැද්ද මෙම නිතිය සකස් කල හැකි මමම හදලා දෙන්න ඔනෙද

  2. කැලණියේ නයා says:

    රටටම නරක කාලයක් ඒකයි අලි කුලප්පු වෙන්නේ

    • කැලණි නයාගේ යාලුවෙක් says:

      එහෙනම් උඹ අහවල් එකටද රටට සුබ කාලයක් එනව කියල බයියො ඇන්දුවෙ මින් පස්සෙ වත් කොම්බු අයියගෙ කොන්ත්‍රාත් වලට ඉලෙක්සන් කැම්පේන් වල ගොදුරු නොවී හිටහන් උඹ නිසා නයෙක්ටවත් පාරෙ යන්න බෑ ලැජ්ජාවෙ

  3. bolilima says:

    ele – friendly bus එකේ යන්න

  4. කැප්පෙටිපොළ says:

    මම අභියෝග කරන්නෙ එකම එක්කෙනෙකුටවත් නොවේ කමල්ට විතරයි.හැකිනම් හින්දු බෞද්ධ නිතිය සකස් කර 2021 අගෝස්තු හය වෙනිදා මට සහ බෝගම්බර හිමියන්ට දෙන්න. මිට කිරිබත්ගොඩ ඤණානන්ද මහ රහත් හිමි හා දියසෙන් කුමාරයා

  5. නාලාගිරි රිටර්න් says:

    තල් රා ඩිංගක් බීල හිටියෙ ඕයි

  6. Gama says:

    ඔබගේ ජීවිතය බේරුනු එක ගැන සතුටුයි පුතා.

Main News