වනඅලි රෑනක් පොල් වගාවක් වනසයි..

July 22, 2020 at 2:31 am | lanka C news
වනඅලි රෑනක් පොල් වගාවක් වනසයි..

වව්නියාව කනගරායන්කුලම් ප්‍රදේශයේ පිහිටි පොල් වගාවකට වන අලි රංචුවක් ඇතුල් වී එහි තිබූ පොල් වගාව විනාශ කොට ඇති බවට ප්‍රදේශවාසීන් පවසති.

කනගරායන්කුලම් උතුරු ප්‍රදේශයේ පිහිටි අදාල පොල් වගාව වෙතට ඇතුලු වූ වන අලි රංචුවක් විසින් එහි තිබූ පොල් ගස් 20 කට අධික ප්‍රමාණයක් බිම හෙලා විනාශ කොට ඇත.

පසුගිය දිනයන්හි වන අලි ගම්වැදීම සීග්‍රෙයන් වැඩී වී ඇති බවටත් ගං වදින වන අලින් විසින් ප්‍රදේශයේ වගාවන් රැසකට මේ වන විටත් දැඩි හානි සිදු කොට ඇති බැවින් වනඅලින් පන්නා දැමීමට හෝ විසඳුමක් හැකි විගසින් ලබා දීමට බලධාරීන් ක්‍රියාකරන ලෙසට කනගරායන්කුලම් උතුරු ප්‍රදේශයේ වැසියන් වැඩි දුරටත් ඉල්ලා සිටිති.

– වන්නි රොමේෂ් මධුෂංඛ

104 views

One Comment to “වනඅලි රෑනක් පොල් වගාවක් වනසයි..”

  1. සහරාන් says:

    විල්පත්තුව එලි කර එක එකාට පදිංචි වීමට ඉඩ දීමේ ප්‍රතිඵල තමයි මේවා.

    විල්පත්තු රක්ෂිතයේ මායිම් ලෙස මුලින් ගැසට් කර තිබූ මායිම් ඇතුලත පදිංචි වී සිටින සියළු දෙනා විලප්ත්තුවෙන් ඉවත් කර ඒ අයව තට්ටු නිවාස වල පදිංචි කළ යුතු ය.

    ගම් වැදී සිටින අලි විල්පත්තුවට යොමු කළ යුතුය.

Main News