වනජිවි නිලධාර්නට රජය මගින් ඉඩම් සහ නිවාස ලබා දිමේ වැඩපිලිවෙලක්…

April 14, 2019 at 2:06 am | lanka C news
වනජිවි නිලධාර්නට රජය මගින් ඉඩම් සහ නිවාස ලබා දිමේ වැඩපිලිවෙලක්…

ඉඩම් සහ නිවාස නොමැති වනජිවි නිලධාරින්ට ඔහුන් පදිංචි දිස්ත්‍රික්ක වලම නිවසක් ඉදි කර දිමට කටයුතු කරන බව හම්බන්තොට දිස්ත්‍රික් පා.ම සහ නිවාස සහ සංස්කෘතික අමාත්‍යය සජිත් ප්‍රේමදාස මහතා එකගතාවය පල කර  ඇති බව සමස්ත ලංකා එකාබද්ධ වනජිවි නිලධාරින්ගේ සංගමයේ සභාපති ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසිය.

ප්‍රභාෂ් කරුණාතිලක මහතා මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ ඉකුත් 8 වෙනිදා යාල වනජිවි උද්‍යාන මුලස්ථානයේ පැවති වනජිවි නිලධාරින්ගේ අවුරුදු උළෙලේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් පැමිණි සජිත් ප්‍රේමදාස අමාත්‍යයවරයා තම සංගමය විසින් ඉදිරිපත් කල යෝජනාවට අමාත්‍යයවරයා එකගතාවය පල කල බවයි.

දිවයින පුරා නිවාස සහ  ඉඩම් නොමැති වනජිවි නිලධාරින් 400 දෙනෙකු පමණ සිටින බවත්, එම සියළු දෙනා වෙනුවෙන්ම නිවාස ඉදි කර දිමේ ව්‍යපෘතිය මේ වසරේම ආරම්භ කිරිමට අමාත්‍යය සජිත් ප්‍රේමදාස මහතා එකග වු බවයි.

පරිසරය ගහකොල සතා සිව්පාවුන් සමග රාජකාරි කරන වනජිවි නිලධාරින් දුෂ්කරතා රාශ්‍රියක් මධ්‍යයේ රාජකාරි කරන බවත්, එසේ රාජකාරි සිදු කර ලබා ගන්නා වැටුපෙන් ඉඩමක් මිලදි ගෙන නිවසක් ඉදි කර ගැනිමට නොහැකි නිලධාරින් විශාල පිරිසක් වනජිවි දෙපාර්තුමේන්තුව තුල සිටන බවද ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසිය.

එවැනි නිලධාරින් වෙනුවෙන් රජය මගින් නිවාස යෝජනා ක්‍රමයක් ක්‍රියාවට නැංවිමට කටයුතු කිරිම වනජිවි නිලධාරින් අගය කරන බව සමස්ත ලංකා එකාබද්ධ වනජිවි නිලදාරින්ගේ සංගමයේ සභාපති ප්‍රභාෂ් කරුණාතිලක මහතා මාධ්‍යය හමුවේ වැඩි දුරටත් කියා සිටියේය.

– හැටන් රංජිත් රාජපක්ෂ

79 views