වනජීවීන්ගේ නම් කියමින් පුද්ගලයන්ට බැණ වැදීම, අපහාස කිරීම වනජීවී ඇමතිට නුහුරු දෙයක් නොවේ..

July 20, 2018 at 6:28 am | lanka C news
වනජීවීන්ගේ නම් කියමින් පුද්ගලයන්ට බැණ වැදීම, අපහාස කිරීම වනජීවී ඇමතිට නුහුරු දෙයක් නොවේ..

පොදුජන මාධ්‍ය පෙරමුණ විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

වනජීවී අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා නෙත් එෆ් .එම් . මාධ්‍යට බැණ වැදීම හා තර්ජනය කිරීම .

සරත් ෆොන්සේකකා වනජීවී අමාත්‍යවරයා නෙත් එෆ් .එම් . වෙබ් අඩවියේ වූ ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් නෙත් එෆ්. එම් .ප්‍රවෘත්ති අංශ ප්‍රධානී , මාධ්‍යවේදී හේමන්ත කහවවලගේ ට අපහාසාතමකව බැන වැදීම ” ශ්‍රි ලංකා පොදුජන මාධ්‍ය පෙරමුණ ” පිලිකුලෙන් යුතුව හෙලා දකිමු.

කලක පටන් කරගෙන යනු ලබන මත්ද්‍රව්‍ය , ජාවාරමක් පිලිබඳව නෙත් වෙබ් අඩවියේ පලවූ ,ප්‍රවෘත්තියක් පිලිබඳව අමාත්‍යවරයා , නෙත් මාධ්‍යවේදියාගෙන් කරුණු විමමසා ඇති අතර, එහිදී, අමාත්‍යවරයා ඔහුට තර්ජනාත්මකව ප්‍රකාශ කර ඇත්තේ ,අදාල ප්‍රවෘත්තිය වෙබ් අඩවියෙන් ඉවත් කරන ලෙසයි .

මත්ද්‍රව්‍ය ජාවරමට ආණ්ඩුවේ බලවත් අමාත්‍යවරයකුගේ රැකවරනය පිලිබඳව සඳහන්ව ඇතත් , එම ප්‍රවෘත්තියේ කිසිදු තැනක අමාත්‍ය සරත් ෆොන්සේකා මහාතාගේ නම සඳහන් නොවේ. ඔහු පිලිබඳ සඳහන් නොවී තිබිය දී , අදාල පුවත වෙබ් අඩවියෙන් ඉවත් කරන ලෙස ප්‍රකාශ කිරීමට අමාත්‍ය සරත් ෆොන්සේකා මහතාට ඇති අයිතිය කුමක් ද?.

සිය අමාත්‍යාංශයේ විෂය පථයට අයත් , වනජීවීන්ගේ නම් භාවිත කරමින් ,අමාත්‍යවරයා මාධ්‍යවේදීයාට බැණ වැදී ඇත. මේ පිලිබඳව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මංත්‍රී විමල් වීරවංශ මහතා ද පාර්ලිමේන්තුවේ දී , කතා කොට තිබේ.

වනජීව්න්ගේ ගේ නම් ගම් කියමින් පුද්ගලයන්ට බැණ වැදීම , අපහාස කිරීම ෆොන්සේකා මහතාට නුහුරු දෙයක් නොවේ . ඔහුගේ ව්‍යවහාරික ශබ්ද කෝෂයට අපා , දෙපා , සිව්පා සතුන් ගේ නම් ඇතුලත් වීම සාමාන්‍ය සංසිද්ධිය කි.

සදාචාරය , මාධ්‍ය නිදහස , යහපාලනය පිලිබඳ ඉහල වටිනාකම් වලින් කතා කරන යහහපාලනය යැයි කියා ගන්නා පාලන තන්ත්‍රයකට සරත් ෆොන්සේකා අමාත්‍යවරයාගේ මේ අශෝබන භාවිතය කෙතරම් ගැලපෙන්නේ ද?

මාධ්‍ය නිදහස පිලිබඳ යහපාලකයින් කෙතරම් පාරම් බෑවද , ඔවුන්ගේ සැබෑ ස්වරූපය මෙවැනි සිද්ධීන් ගෙන් මැනවින් පෙන්නුම් කෙරෙන බව අප මාධ්‍ය පෙරමුණේ මතයයි.

නෙත් එෆ් .එම් .මාධ්‍යවේදියාට ,බැණ වැදීම , තර්ජනය කිරීම පොදු ජන මාධ්‍ය පෙරමුණ තරයේ හෙලා දකින් අතර ,මාධ්‍ය නිදහස පිලිබඳ යහපාලකයින්ගේ සැබෑ මුහුණුවර මෙවැනි සිද්ධීන් ගෙන් මැනවින් පෙන්නුම් කෙරෙන බවද ප්‍රකාශ කරමු.

යහහපාලනයේ නාමයෙන් බලයට පත් වත්මන් ආණ්ඩුව සියළු යහගුණ ධර්මතා ද ,කෙලසමින් සිටී. එවන්වට පිටාවක දී , වත්මන් ආණ්ඩුව වෙතින් මාධ්‍ය නිදහසක් හෝ ,නිදහස් මාධ්‍යක් සඳහා පාරිසරික වට පිටාවක් අපේක්ෂා කල නොහැක.

කෙසේ නමුත් ෆොන්සේකා අමාත්‍යවරයාගේ මේ සිිද්ධිය නැවතත් දැඩි පිලිකුලෙන් හෙලා දකින අතර , නෙත එෆ්. එම මාධ්‍යවේදී හේමන්ත කහවල ගේ ජීවිත ආරක්ෂාව තහවුරු කරන ලෙස අපි ආණ්ඩුව ට බලකර කියා සිටිමු.

නිශ්ශංක නලින් කුමාර
මාධ්‍ය ලේකම්
පොදුජන මාධ්‍ය පෙරමුණ.

26 views
Main News