වනජීවී අමාත්‍යංශ ලේකම්වරිය වලකට ඇද වැටී රෝහල් ගත කරයි..

June 6, 2020 at 12:40 pm | lanka C news
වනජීවී අමාත්‍යංශ ලේකම්වරිය වලකට ඇද වැටී රෝහල් ගත කරයි..

වනජීවී රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරිය වන කුමාරි වීරසේකර මහත්මිය පැළ රෝපණ වැඩසටහනකදී වලකට ඇද වැටීමෙන් පසුව රෝහල් ගත කර තිබේ.

පුත්තලම නගරයේ දී පැවති පැළ රෝපණ වැඩසටහනක දී මෙසේ ඇය ඇද වැටී ඇති බව වන සංරක්ෂණ නිලධාරීන් කියා සිටිති.

පුත්තලම දිසා වන කාර්යාලයේ කඩොලාන පැල රෝපනය සිදු කරමින් සිටියදී ලේකම්වරිය එක්වරම පාදය පැටලී ආසන්නයේ තිබූ නොගැඹුරු වළකට ඇද වැටී ඇත.

එම සිදුවීමෙන් පසු විනාඩි 10 ක ආසන්න කාලයක් ඇයට නැගී සිටීමට නොහැකි වූ බව ද වාර්තා වෙයි.

408 views
Main News