වනජීවී ඇමතිවරුන් අලි බලද්දී දෙහිවල සත්තු වත්තේ ආපනශාලා ටෙන්ඩරය පණුවන් සහිත ආහාර විකිණු පුද්ගලයෙකුට…
July 18, 2018 at 6:21 am | lanka C news
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
වනජීවී ඇමතිවරුන් අලි බලද්දී දෙහිවල සත්ව උද්‍යානයේ ආපනශාලාවේ ටෙන්ඩරය පනුවන් සහිත කෑම අලෙවි කල පුද්ගලයෙකුට
දෙහිවල ජාතික සත්ව උද්‍යානයේ ආපනශාලාවේ ටෙන්ඩරය මීට පෙර අධ්‍යාපන අමාත්‍යාශය පිහිටි ඉසුරුපාය ගොඩනැගිල්ලේ පිහිටි සී ආපනශාලාව අසතුටුදායක ලෙස පවත්වාගෙන ගිය පුද්ගලයෙකුට ලබා දීමට මේවන විට කටයුතු කරමින් සිටී. ඔහු විසින් උක්ත ආපනශාලාවේ නිතරම වාගේ පණුවන් සහිත ආහාර අෙලවි කරනු ලබන බව මාධ්‍ය වාර්තා කළේ 2018 අප්‍රේල් මාසයේ වන අතර දෙහිවල ජාතික සත්ව උද්‍යානයේ මෙම ආපනශාලාවේ ටෙන්ඩරය ඔහුට පිරිනැමීමට සැරසෙන්නේ හරියටම ඉන් මාස තුනක් ඉක්මයාමට මත්තෙන් වීම පුදුම සහගතය.
2018/02/19 දින සිට වසරක කාලයක් සදහා ඔහුට අධ්‍යාපන අමාත්‍යාශය පිහිටි ඉසුරුපාය ගොඩනැගිල්ලේ පිහිටි සී ආපනශාලාව පවත්වාගෙන යාම සදහා ලබා දුන්නද 2018/05/01 දින ලිපියක් යවමින් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා සදහන් ඔහුගේ අසතුටුදායක සේවය මත ගිවිසුම එම ගිවිසුම අවසන්කරන බවයි. එපමනක් නොව ඔහු විසින් තබන ලද කාර්ය සාධක ඇපකරය වන රැපියල් 150000.00 මුදලද රාජසන්තක කරන ලදී. තවද එකී ටෙන්ඩර්කරු පින්නවල සත්ව උද්‍යානයේ ආපනශාලාව අසතුටුදායක ලෙස පවත්වාගෙන ගිය පුද්ගලයෙක් වශයෙන්ද මීට පෙර නම්කර ඇත.
දහස් ගණන් පාසැල් ළමයින් ආහාර ලබා ගන්නා දෙහිවල ජාතික සත්ව උද්‍යානයේ ආපනශාලාව ටෙන්ඩර් පටිපාටිය උල්ලංඝණය කරමින් මෙවැනි පුද්ගලයෙකුට ලබා දීමට කටයුතු කිරීමේ වගකීම සම්පූර්ණයෙන්ම වන ජීවී ඇමතිවරයා හා නියෝජ්‍ය ඇමතිවරයා විසින් දැරිය යුතු බව අප සංවිධානය දැඩිව අවධාරණය කරන අතර වහාම මෙම ටෙන්ඩර්කරැට එම ටෙන්ඩරය ලබා දීම වලක්වාලන ලෙසද ඉල්ලා සිටිමු
රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය
ඇස් රෝහලේ කුනු තේකොළ වලින් තේ දලා මාට්ටු වුන ආපනශාලාව බේරලා දෙන්න කියන්න ආවේ මේ ලියුම ලියන සභාපති..මෙයා කරන්නේ ටෙන්ඩර් ගන්න එවුන් එක්ක එකතුවෙලා කඩේ යන එක..
When ministers are robbing in trillions, why can’t an official make a small buck by giving a tender.
The govt should appoint a “Panu jeevi amathi” to look into this matter.
දෙහිවල සත්තු වත්තේ සතුන් මැරුණාම වළලන එකක් නැහැ