වනජීවී නිලධාරීන් පිස්සු බල්ලන් වගේ.. විමලවීරට විරුද්ද වූ නිලධාරීන් මාරු කල යුතුයි..
November 27, 2020 at 10:02 pm | lanka C news
වනජීවී රාජ්‍ය ඇමති විමලවීර දිසානායකට එරෙහි වූ වනජීවී නිලධාරීන් මාරු කර දැමිය යුතු බව රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සඳහන් කරයි.
විමලවීර දිසානායක මහතාගෙන් ජනතාවාදී යෝජනාවලට ද අවස්ථාව නොදෙන වනජීවී නිලධාරීන් එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කල යුතු බවත් එහි සිටි නිලධාරීන් තක්කඩින් බවත් ඇමැතිවරයා මහතා පැවසීය.
මෙම වනජීවී නිලධාරීන් විසින් සිදුකරමින් සිටින්නේ මාධ්‍ය සංදර්ශනයක් බවත් පවසන ඇමැතිවරයා තමන් මාධ්‍යයට ගරු කරන නමුත් බය නැති බවද සඳහන් කළේය.
පාර්ලිමේන්තුවේදී අයවැය කාරක සභා අවස්ථාවේදී විවාදයට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.
එමෙන්ම අමාත්‍යවරයා මාධ්‍ය වෙත කියා සිටියේ වනජීවී නිලධාරීන් ජනතාවගේ පැත්තෙන් කටයුතු නොකරන බවයි.
වනජීවී නිලධාරීන් නීතිය ඔවුන්ට අවශ්‍ය ආකාරයට ක්‍රියාත්මක කරන බවද පැවසූ ඔහු විමලවිර දිසානායක මහතා වනජීවි නිලධාරින් සමග කිසිදු ගැටුමකට නොගිය බවත් ඔහු ජනතාව වෙනුවෙන් පෙනී සිටි බවත් කියා සිටියේය.
වනජීවී නිලධාරීන් හැසිරෙන්නේ පිස්සු බල්ලන් ආකාරයෙන් බවත් ඇමතිවරයා තවදුරටත් පැවසීය.
ඒකල කසිප්පු ජාවාරම් කාරයන්ගෙන් ඔත්තේ කැලේ රැක ගනිමු……ඒකල කසිප්පු ජාවාරම් කාරයන්ගෙන් ඔත්තේ කැලේ රැක ගනිමු…..ඒකල කසිප්පු ජාවාරම් කාරයන්ගෙන් ඔත්තේ කැලේ රැක ගනිමු
minissu pennalaa mun meeka wanasanawaa. apee rate moda harak cj=handaya denakan mun rajawaru