වනරක්ෂිත සේම ජනතාවට ජීවත් වීමේ අයිතිය ද වටිනවා.. ආනවිලුන්දාවේ රක්‍ෂිතය හෙලිපෙහෙලි කිරීමක් සිදුව නෑ..

September 6, 2020 at 11:20 am | lanka C news
වනරක්ෂිත සේම ජනතාවට ජීවත් වීමේ අයිතිය ද වටිනවා.. ආනවිලුන්දාවේ රක්‍ෂිතය හෙලිපෙහෙලි කිරීමක් සිදුව නෑ..

වනරක්ෂිත සේම ජනතාවට ජීවත් වීමේ අයිතිය ද වටින බව රාජ්‍ය අමාත්‍යා සනත් නිශාන්ත මහතා සඳහන් කරයි.

ආනවිලුන්දාවේ සිදුව ඇත්තේ පැවති ඉස්සන් පොකුණ රොන්මඩ ඉවත් කර සුද්ධ පවිත්‍ර කිරීමක් පමණක් බවත් අභය භූමි සීමාවට අයිති කිසිම ස්ථානයක් අලුතින් එළිපෙහෙළි කිරීමත් සිදු කර නැති බවත් ඔහු පැවසීය.

රැුම්සා අභය භූමිය ආරච්චිකට්ටුවට පමණක් නොව මුළු පුත්තලම දිසාවටම අනර්ඝ සම්පතක් බවත් එය දේවාශිර්වාදය කොට රක්ෂා කළ යුතු බවත් ඇමතිවරයා සඳහන් කළේය.

රැම්සා තෙත් බිම විනාශ කළේ තමන් බවට ඍජුව චෝදනා එල්ල නොවෙතත් ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට තමන් නීතිඥවරුන්ට භාරදී ඇතැයිද ඔහු පැවසීය.

එවන් ප්‍රචාර මගින් තම කීර්ති නාමයට කිසියම් හෝ හානියක් සිදුවී ඇත්නම් ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔහු කියා සිටියේය.

17,910 views

9 Comments to “වනරක්ෂිත සේම ජනතාවට ජීවත් වීමේ අයිතිය ද වටිනවා.. ආනවිලුන්දාවේ රක්‍ෂිතය හෙලිපෙහෙලි කිරීමක් සිදුව නෑ..”

  1. මලකාන්ති says:

    මූ තමයි රැම්සා පිටුපස ඉන්නේ, පරයා. මීගමුවේදී දේවානිට පහර ගැහැව්වා. පරයා.

  2. චූටි දූ says:

    හැම පරිසර හානියකටම වගේ සනත් නිශාන්ත සම්බන්ධ බව රටම දන්නා සත්‍යක්.

  3. Godaya says:

    ඇයි මිනිස්සු මේ වගේ අහිංසකයෙකුට බනින්නෙ. මෙයා පරිසරයට හරි ආදරෙයි වගේ .

  4. catseye says:

    උම්බෑ ……….උම්බෑ ……….

  5. SL says:

    මේ මාස කිහිපයට මෙවැනි බලු වැඩ කිහිපයක් කළා .කිසිම එකකට හරියට නීතිය ක්‍රියාත්මක වුනේ නැහැ.ගොට ට චන්දෙ දීල , ලංකාවේ තිබුණු රක්ෂිත ටිකටත් කෙලවුනා කියල කම්පාවෙන් ජීවත් වෙන්න අපිට සලස්වන්න එපා.
    මේවා කරන දේශපාලන දඩබල්ලන් ව බැඳලා තියන්න නැතිනම් හිර කරලා තියන්න ජනාධිපතිට ,පොලිස්පතිට පුළුවන් වෙන්න ඕනේ.

  6. Viraj says:

    Ane wasanawan. 800000 wuna minissunta hoda wade…….. me wage aya tawa wadi wadiyen ape rate pahala wewa. Lankwata kela welama palayan. muslim ratakma weyan

  7. මාටින් says:

    මුන් ආපුදා ඉන්දන් වනසමිපත විනාශ කරමින් සල්ලි හම්බ කරන්න පටන් අරන්. තවත් මර්වියෙක්, සජින් වාස් කෙනෙක්. 2015දී මහින්ද ගෙදර ගියේ මේ වගෙ හරක් නිසා.

  8. gamarala says:

    මොහුව පක්ෂයෙන් එළවා දමන්න

  9. හාරත බූරුවා says:

    මේ ගොනට තේරෙන්නෙ නෑ වනාන්තර තුරන් වුනාම ජීවිතත් ඉවරයි කියල

Main News