වනවාසී භාවනායෝගී භික්ෂුවක් වන ජීවියෙන් පැන වනයෙන් එලවයි..

October 24, 2017 at 12:00 pm | lanka C news
වනවාසී භාවනායෝගී භික්ෂුවක් වන ජීවියෙන් පැන වනයෙන් එලවයි..

මොරගහකන්ද වාරි ව්‍යාපෘතිය ඉදිරිපිට පිහිටි වන ලැහැබේ ගල් ගුහාවක වැඩ සිටින භික්ෂූන් වහන්සේ නමකට වහාම එම ස්ථනයෙන් ඉවත් වන්නැයි වනජීවි දෙපාර්ථමේන්තුව නියෝග කර තිබේ.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේනතුවේ ඇලහැර අඩවි ආරක්ෂක කාර්යාලයේ වන සත්ව අඩවී ආරක්ෂ රංජිත් කේ විජිත මහතා විසින් ස්වාමීන් වහන්සේ වැඩ සිටින ස්ථානයේ දැන්වීම් පුවරුවක් ප‍්‍රදර්ශනය කරමින් දින 07 ක් ඇතුළත ඉදිරිමි ඉවත් කර ගන්නා ලෙස දන්වා ඇත.

ඇලහැර 12 කනුව ප‍්‍රදේශයේ පිහිටි මහසෙන් විහාරස්ථායේ දී 1989 වසරේ දී පැවිදි උපසම්පදාව ලබන පුජ්‍ය ධම්මරතන ස්වාමින් වහන්සේ විහාරස්ත ජීවන රටාවෙන් ඉවත්ව භාවනායෝගීව කටයුතු කිරීම සදහා දැනට වැඩසිටින ස්ථානය සකසා ගත් බව ස`දහන් කළහ.

ඉකුත් දා (23) අප එම ස්ථානයට ගමන් කරන විටත් උන්වහන්සේ මොරගහකන්ද ජලාශය අසල පිහිටි කදුවැටියේ වැඩ සිටින අයුරු දක්නට ලැබුනි.

‘මේ ස්ථානය නිස්කලන්ක තැනැක්. නිදහසේ භාවනා කිරීම සදහා හොද ස්තානයක්. මෙතනින් ඉවත් වෙන්න කියලා වනජීවි එකේ මහත්වරු කියලා ගියා. මෙතනට මගෙන් කිසිම කරදරයක් නැහැ. කොටින්ම මේ අවට ඉන්න වන සතුන්ගෙන් පවා මට කිසිම කරදරයක් නැහැ. මට හරිම පුදුමයි මේ මහත්වරු මට මේ ස්ථානයෙන් ඉවත් වෙන්න කියන එක.’

අප හා අදහස් දැක්වු උන්වහන්සේ වැඩිදුරටත් සදහන් කළේ හැකි සෑම අවස්ථාවකම පිණ්ඩපාත චාරිකාවේ ගොස් දානය ලාබගෙන වැඩ සිටින බවයි.

කෙසේ වෙතත් මෙම ගැටළුව සම්බන්ධයෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේනතුවේ ඇලහැර අඩවි ආරක්ෂක කාර්යාලයේ වන සත්ව අඩවී ආරක්ෂ රංජිත් කේ. විජිත මහතාගෙන් විමසීමක් කළෙමු.

එහිදි ඔහු සදහන් කළේ සොභා රක්ෂිතයක කිසිදු අයුරකින් කිසිවෙකුට හෝ ඉදිකිරීම් සිදුකර රැදී සිටිය නොහැකි බවයි. භික්ෂූන් වහන්සේ රැදී සිටින ස්ථනයෙන් දින 07 ක් තුළ ඉවත් වන ලෙස දන්වමින් දැන්වීමක් ප‍්‍රසිද්ධ කළ බව ද හෙතෙම සදහන් කළේය.

භික්ෂුන් වහන්සේ රැදී සිටින ස්ථානයේ දිවියන් දෙනෙකු වාසය කරන බවත් ඔවුන්ගෙන් උන්වහන්සේ ආරක්ෂාකර ගැනීම සදහා දැනුමිදිම් සිදුකර ඇති බව ද හෙතෙම ස`දහන් කළේය.

කෙසේ වෙතත් අප විමසා සිටියේ බවුන් වඩන භික්ෂුවකට වනාන්තර වල රැදී සිටීමට අවස්ථාවක් නැති ද යන්නනයි. ඒ සදහා පිළිතුරු ලබාදුන් රංජිත් කේ විජිත මහතා කියා සිටියේ වන ජීවී දෙපාර්තමේන්තුවට අයත් සොභා රක්ෂිත වල කිසිදු පුද්ලයෙකුට ඉදිකිරීම් සිදුකර රැදී සිටිමේ බලයක් නොමැති බවයි.

එහෙත් ප‍්‍රාදේශිය ලේකම් වරුන් හා වන සංරක්ෂන දෙපාර්තමේන්තුවට අයත් භූමී වලට මෙම තත්ත්වය බල නොපාන බව ද හෙතෙම සදහන් කළේය.

දිවයිනේ වන ජීවි දෙපාර්ථමේනතුවට අයත් භූමී වල පෙර ඉදිකළ භාවනා කුටි සහිත ස්ථාන පවතින බවත් නව පනත් අනුව ඒ සදහා අවස්ථාවක් නොමැති බව ද හෙතෙම වැඩිදුරටත් සදහන් කළේය.

අවසන් වශයෙන් ඔහු සදහන් කළේ ධම්මරතන ස්වාමීන් වහන්සේ වැඩවසන ස්ථානයේ ජිවිත්වන වන සතුන්ට සිදුවන බලපෑම හා ඉදිරියේ දී සිදුවන මිනිසුන්ගේ පැමිනීම් හේතුවෙන් පරිසරයට සිදුවිය හැකි බලපෑම් ද සැලකිල්ලට ගෙන දින 07 ක් ඇතුළත උන්වහන්සේ ඉවත් නොවුනහොත් අධිකරණ ක‍්‍රියාමාර්ග ගන්නා බවයි.

– ඉන්දික අරුණ කුමාර

156 views

51 Comments to “වනවාසී භාවනායෝගී භික්ෂුවක් වන ජීවියෙන් පැන වනයෙන් එලවයි..”

  1. අජිත් says:

    මා හට මහත් හිත් වෙදනාවක් පැමිනියා. මෙ පුවත කියවද්දි මට දුක මෙ වැඩේ කරපු එ අහිංසක මිනිස්සු ගැන බලන්න ස්වබාදහම තුල ජිවත් වෙන්න වරම් අහිමි කලේ ඇයි…? එ උතුම් බික්ශුන් වහන්සේට ස්වබාවය තුල ඇති සැනසිල්ල මිනිස් කට හඩවල් තුලින් ලබා ගත නොහැක. එ සැපය අහිමි කරලා කුමක් ලබා ගත්තද…? දිනක මේ පරිසරය විනාශ වෙයි. නමුත් එ පරිසරය ප්‍රයොජනය අරන් සසරින් එතෙර වෙන්න දිනම් පරිසරය අඩම්බර ඇතිව විනාශ වෙයි. ඇයි ඔබලා එ උතුම් ජිවිත පැවැත්මට බදා කලේ. මේ පරිසරය මිනිසුන්ට අවස්‍ය පරිදි අරක්ශා කල හැකිද…? හැකි නම් ස්වබාවික විපත් සිදු නොවෙනු ඇත. අනේ යම් බලයක් හිමි අයෙක් වෙතොත් වුන්වහන්සේගේ උතුම් ජිවිත ක්‍රියාවට පිටුවහලක් වෙන්න.. ඔබට එයම ඇති සසරෙන් ගැලවෙන්න. සව්බාදහම සුවපත් කරන්නේ ඔවැනි වෛරය ක්‍රොධය ගුනුමකුකම් ගැරහින් සිඳු නොකරන උතුම් ආර්‍යන් වහන්සේලාය එසේ නොවන්න ලොකය මිට වඩා විනාශ වෙයි ස්වාබාවික විපත් වැඩි වෙයි බුදු සරනයි

  2. Gayan says:

    අනේ අපිටම කියල රජෙක් හිටියනම්…..

Main News