වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයෙන් සැක කරුවන් 84ක්… ගිනි හා යුද උපකරන…

May 8, 2019 at 2:06 am | lanka C news
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයෙන් සැක කරුවන් 84ක්… ගිනි හා යුද උපකරන…

පසුගිය අප්‍රේල් 21 වනදා සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පසුව අද (07) දක්වා යුද හමුදාව විසින් සිදු කල සෝදිසි මෙහෙයුම් වලදී සැකකටයුතු පුද්ගලයින් 84 දෙනෙකු අත්අඩංගුවට ගෙන පොලීසියට භාර දී ඇති බවට වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය පවසයි.

වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් වව්නියාව, මන්නාරම, වැලිඔය හා පදවිය යන ප්‍රදේශයන්හි වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් කුමුදු පෙරේරා මහතාගේ උපදෙස් පරිදි මෙසේ සිදුකල සෝදිසි මෙහෙයුම් වලදී සැකකටයුතුමුස්ලිම් ජාතිකයින් 85 දෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා පොලීසියට භාර දී ඇත.

එසේ සිදු කරන ලද සෝදිසි මෙහෙයුම් වලදී වවුනියාව ඉරනේරුප්පු කුලම් මුස්ලිම් ගම්මානයේ තිබී නීති විරෝධී ගිනි අවි 3ක්ද අත් අඩංගුවට ගෙන ඇති අතර ඊට අමතරව ස්ථාන කිහිපයකදී යුද හමුදා නිල ඇඳුම් හා යුද උපකරණ ලඟ තබා සිටි සැකකරුවන්ද අත්අඩංගුවට ගෙන ඇත.

වන්නි ආරක්ෂක සේනා බල ප්‍රදේශය තුල පිහිටි සියලු ප්‍රදේශයන්හි දෛනිකව යුද හමුදා සෙබලුන් පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකායේද සහය ඇතිව සෝදි මෙහෙයුම් දියත් කිරීමට පියවර ගෙන ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

16 views
Main News