වන්නි ප්‍රදේශයේ නිරෝධයනය නිමා කරමින් අවසන් කණ්ඩායමත් පිටවෙයි…

April 4, 2020 at 2:07 am | lanka C news
වන්නි ප්‍රදේශයේ නිරෝධයනය නිමා කරමින් අවසන් කණ්ඩායමත් පිටවෙයි…

කොරෝණා වයිරස් අවධානම හේතුවෙන් යුද හමුදාව හා ගුවන් හමුදාව එක්ව වන්නි දිස්ත්‍රීක්කයේ පිහිටවූ නිරෝධයන මධ්‍යස්ථානයන්හි නිරෝධායනය කටයුතු සියල්ල නිමා කරමින් (03) අවසන් කණ්ඩායම වශයෙන් පුද්ගලයින් 16 දෙනෙකු නිරෝධායනය අවසන් වී යුදහමුදාවේ පෙරියකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිට නිවෙස් වෙතට ගියහ.

මේ අනුව යුද හමුදාව හා ගුවන් හමුදාව වන්නි දිස්ත්‍රීක්කයේ පිහිටවූ නිරෝධායන මධ්‍යස්ථානයන්හි සිට නිරෝධායනය ක්‍රියාවලිය අවසන් වී පුද්ගලයින් 538 දෙනෙකු සිය නිවෙස් වෙතට ගොස්  ඇති අතර එහිදී යුද හමුදාව මගින් පෙරියකාඩු හා පම්පමඩුව නිරෝධායන මධ්‍යස්ථානයන්ගෙන් පුද්ගලයින් 332 දෙනෙකුද ගුවන් හමුදාව මගින් වන්නි ගුවන්හමුදා කඳවුරේදී පුද්ගලයින් 206 දෙනෙකුද නිරෝධායනය කොට අවසන් කර ඇත.

වන්නි ආරක්ෂකසේනා ආඥාපති මේජර්ජෙනරල් රෝහිත ධර්මසිරි මහතාගේ අධීක්ෂණයන් පරිදි යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානය හා වන්නි ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී එයාර් කොමදෝරු ඩී.සී.අයි.වීරසූරිය මහතාගේ අධීක්ෂණයන් පරිදි ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානයන් දිනක් දෙකක් වැනි සුලු කාලයක් තුලදී පිහිටුවා නිරෝධායනය කිරීමේ ක්‍රියාවලිය සිදුකරනු ලැබීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

1,753 Viewers
Main News