වනාතවිල්ලුවේ අක්කර සිය ගාණක් විනාශ වෙලා නෑ.. විනාශ වී ඇත්තේ අක්කර 29යි..

September 15, 2020 at 6:26 am | lanka C news
වනාතවිල්ලුවේ අක්කර සිය ගාණක් විනාශ වෙලා නෑ.. විනාශ වී ඇත්තේ අක්කර 29යි..

වනාතවිල්ලුව කුරටියාමොහොට්ට ප්‍රදේශයේ පිහිටි සිමෙන්ති සංස්ථාවට අයත් ඉඩමක් අත්පත් කර ගැනීමේ අරමුණින් සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් විසින් වනසා එහි තිබූ වනය කපා ගිනි තබා විනාශ කිරීමේ සිද්ධිය නිරික්ෂණයට එක්වූ වනජීවි හා වන සංරක්ෂණ ඇමති සී.බී.රත්නායක මහතා එය නැවත තීබු ලෙස හරිත වනාන්තරයක් කිරීමට උපදෙස් දුන් බව (14) පැවසීය. මාසයක් තුළ එම කටයුතු ආරම්භ කළ යුතු බවට අමාත්‍යවරයා අදාල බලධාරින්ට උපදෙස් දී තිබුණි.

අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ සිමෙන්ති සංස්ථාවට අයත් බව කියන කුරටියාමොහොට්ට ප්‍රදේශයේ වනය වනසමින් ගිනිතබා විනාශ කළ භූමිය බැලීමට එක්වූ අවස්ථාවේදීය.

ඇමතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ ඉදිරියේදී තමන් වන විනාශයට දැඩිව ක්‍රියාත්මක වී දණ්ඩ නීති සංග්‍රහය යටතේ මිනිස් ජීවිතයක් වැනසීමට කටයුතු කලා සේ සලකා නීති ගෙන ඒමට බලාපොරොත්තු වන බවයි.

වනජීවි හා වන සංරක්ෂණ ඇමති සී.බී.රත්නායක මහතා සමග වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලියු.ඒ.සි.වේරගොඩ, වනජීවි අධ්‍යක්ෂ ජනරාල් එම්.ජී.සී.සුරියබණ්ඩාර, මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ, පුත්තලම නියෝජ්‍ය පොලිස්පති නිමල් පෙරේරා, පුත්තලම පොලිස් අධිකාරි ජයමහ, වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් චතුරක ජයසිංහ, සිමෙන්ති සංස්ථා සභාපති ගාමිණි ඒකනායක, සිමෙන්ති සමාගමෙන් මේ වන විට මෙම භූමිය ලබා ගෙන ඇති ඉන්සි සිමෙන්ති සමාගමේ නිලධාරින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

වන විනාශය සිදුව තිබු ස්ථානයට පැමිණි ඇමතිවරයා පවසා සිටියේ එම ස්ථානය වන ජීවි හෝ වන සංරක්ෂණ හෝ වෙනත් කිසිදු රාජ්‍ය ආයතනයකට අයත් නොවන බවත්, එය සිමෙන්ති සංස්ථාවට රජය ලබා දුන් අක්කර 5200 කට ආසන්න භුමියේ කොටසක් බවත්ය. එම භූමිය පිළිබඳව සිමෙන්ති සංස්ථාව සොයාබලා නැති බවත්, ඒ හේතුවෙන් මෙසේ විනාශ වී ඇති බවත් කී ඇමැතිවරයා කීය.

මෙම විනාශය සුලු සිදුවීමක් බවට ඉහළ පොලිස් නිලධාරීන් විසින් ඇමැතිවරයාට දැනුම් දෙනු ලැබූවද, සුලු වුවත් විශාල වුවත් එය බරපතල කරුණක් බව ඇමැතිවරයා සඳහන් කළේය.

එම ස්ථානයේ අක්කර 100ක්, 200ක් විනාශ වී ඇතැයි වාර්තා වී තිබුණද, විනාශ වී ඇත්තේ අක්කර 29ක් බවද අමාත්‍යවරයා මාධ්‍යවේදීන්ට පෙන්වා දුන්නේය. එම භූමිය ආරක්ෂා කිරීමටත්, එය හරිත වනයක් ලෙස සකස් කිරීම මාසයක් ඇතුළත ආරම්භ කළ යුතු බවත්, අමාත්‍යවරයා සිමෙන්ති සංස්ථාවට උපදෙස් දුන්නේය.

– කේ.ප්‍රියංකර කළුපහන

17,566 views

14 Comments to “වනාතවිල්ලුවේ අක්කර සිය ගාණක් විනාශ වෙලා නෑ.. විනාශ වී ඇත්තේ අක්කර 29යි..”

  1. Sunil JDahanayake says:

    the problems is not one or 29 or 100.

    These are serious crimes. We need the government to take action against these people and sent them to Jail.

    Sri Lanka forests and other resources are not private property of politicians.

  2. Rana says:

    ඇමතිතුමෝ ඔය පෞද්ගලික සිමෙන්ති සමාගමකට කැළා අක්කර 5200 දීල තියෙන්නේ මොකටද ? සිමෙන්ති හදන්න ඕනකරන අමුද්‍රව්‍ය සපයාගන්න වෙන්න ඇති. ඕක සංරක්ෂිත කලාපයක් නොවුනත් ස්වභාවික වනයක්නේ. නරකද ඕකත් විල්පත්තුවටම යා කරලා විල්පත්තුවේ ප්‍රමාණය තව ටිකක් වැඩිකලා නම්. අවාසනාවකට අපේ රටේ මැටි ඇමැතිවරුනට ඔය වගේ අදහස් පහල වෙන්නේ නැහැ. ඔබතුමා ඔය වන විනාසය බලන්න අකමැත්තෙන් වගේ ඇවිත් මුණ පුළුටු කරගෙන කතාකළ විලාසයෙන් පෙනුනේ ජනාධිපති තුමාගේ හෝ අගමැතිගේ උපදෙස් නිසාම ආව ගමනක් විනා කැමැත්තෙන් ආපු ගමනක් නොවෙන බවයි.

  3. Wee says:

    I feel, Sri Lanka is not in right track still. SriLankans are never want to be.
    There are no rules, rules are not on the ground.
    Uneducated politicians know this, and do what ever they want. They will never change the law in the “Ambalame”, and don’t expect.

    • Opa-dupa says:

      ටීවී එක බැලුවම පේනවා අපේ රටේ මිනිස්සු කොච්චර වහල්ලු ද කියලා . වයසක මිනිස්සු පවා දේශපාලකයන් ට වදිනවා . එහෙම වෙන කොට කොහොමද රටක් හැදෙන්නේ . ඇත්තටම දේශපාලකය තමයි මිනිස්සු න්ට බය වෙන්න ඕනෙ . දේශපාලකයො රජයේ නිලධාරීන් කියන්නෙ මහජන සේවකයො.

  4. polgahawela says:

    යකෝ අයෙත් හදන්න නෙවේ .කවිද මේක කරේ .උන්ව හොයපන් 29 කපලා තියනේ කොහොමත් උබලට පෙන්නේ නැ 20 හදපු එකෙක් නැ

  5. අරුනසිරි says:

    මෙයාගේ හැටියට අක්කර 29 සුළු දෙයක්. මෙම නීතිවිරෝධී ක්‍රියාව කළ පුද්ගලයන් නිතිය හමුවට පත්කිරීම ගැන ඇමති වචනයක්වත් කතාකරන්නේ නෑ. අනාගතයට නීති හදනවලු. එතකොට පෙරහැර ගිහින් ඉවරයි. මොනවද මේ රඟපෑම්?

    • Saman says:

      Caption witharak bala, anthargathaya nodena kiyawana thawa booruwek!!!

      That’s why our Teachers have taught us to know all facts before speaking. If this mutt read the content, he would have realized that the minister has totally said something else!

      • ABN says:

        අරුනසිරි කියන්නෙ මෙහා මොට්ටයෙක්…මොකක් හරි කියවලා තේරෙන්නෙ නැති මෝඩ කදක්…

  6. saman says:

    ඇති යන්තන්. අපි නයෙ හිටියෙ සිය ගානක් විනාශ වෙලා කියල

  7. Neil says:

    Useless guys from the MR regime

  8. Daabare says:

    Bay Choon…
    එය නැවත තීබු ලෙස හරිත වනාන්තරයක් කිරීමට උපදෙස් දුන් බව (14) පැවසීය. මාසයක් තුළ එම කටයුතු ආරම්භ කළ යුතු බවට අමාත්‍යවරයා අදාල බලධාරින්ට උපදෙස් දී තිබුණි.
    Mewwata Monawain Hinawennada.?

  9. Kalaapaalu says:

    Bayawnna Epaaa 20 Weni Shansodaneta Anuwa 29.99 AC wenakan kapannna puluwan …Nadu Naaa