වනාතවිල්ලුව OIC රිමාන්ඩ්…

October 30, 2021 at 2:30 am | lanka C news
වනාතවිල්ලුව OIC රිමාන්ඩ්…

ලිංගික අල්ලසක් හා මුදල් අල්ලසක් ලබා ගැනීමට තැත් කිරිමේ චෝදනාව මත අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමේ නිලධාරින් විසින් අත් අඩංගුවට ගනු ලැබු වනාතවිල්ලුව පොලිස් ස්ථානාධිපතිව නොවැම්බර් මස 11 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට පුත්තලම අංක 2 අධිකරණයේ විනිසුරු හා මහේස්ත්‍රාත් අසේල සිල්වා මහතා ( 29 දා ) නියෝග කළේය.

මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරුණේ ප්‍රධාන පොලිස් පරික්ෂක එස්.පී.එන්.යු.පතිරත්න නමැති අයයි.

වනාතවිල්ලුව පොලිස් වසමේ පදිංචි කාන්තාවක සිය ස්වාමි පුරුෂයා සමග පැවැති පවුල් ආරාවුලක් නිසා ඇති කර ගෙන තිබු ගැටුම විසදීමේ දි හා සැමියා විසින් කර තිබු ඇති පැමිණිල්ලක් මත පොලිස් අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටි කාන්තාව පසුව ඇප මතමුදා හරින ලදී.

ඇයට විරුද්ධව නගා ඇති චෝදනා වන් සම්බන්ධයෙන් ඇයට වාසි වන ලෙසින් කටයුතු කිරිම පිණිස මුදලින් රුපියල් ලක්ෂයක මුදලක් හා ලිංගික අල්ලසක් ලබා ගැනීම පිණිස එම කාන්තාව පුත්තලම තානායම වෙත කැදවා ගෙන පැමිණ එම සිද්ධිය සම්බන්ධයෙන් කලින් කරණ ලද පැමිණිල්ලක් මත අල්ලස් හෝ දුෂණ විමර්ෂන කොමිසමේ විමර්ශන නිලධාරින් විසින් සැකකාර පොලිස් ස්ථානාධිපතිවරයා මේ මස 28 වන දින පස්වරු අත්අඩංගුවට ගෙන තිබුණි.

සැකකාර පොලිස් ස්ථානාධිපතිවරයා ගේ සේවය අත් හිටුවීමේ නියෝග මෙතෙක් පොලිස් මාධ්‍යය ප්‍රකාශ කාර්යාලය වෙත ලැබි නැතිව එම කාර්යාලයේ නිලධාරියෙකු කීය.

– හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු

19,128 views

4 Comments to “වනාතවිල්ලුව OIC රිමාන්ඩ්…”

  1. සිරිමල් උයනේ BOC සක්කිලි චාමර says:

    අය්යෝ මේ මල්ලි අපේ ගෙදර එන්ඩකෝ, ඔයාට අපේ ගෙදර එක්කෙනා මර විදියට ෆිට් වෙනවා
    මම ok , අපි ෆුන් කරමුකෝ, ගමම දන්නවා ඒක.

    මට වාසියක් නම් මම ඕනෑම කුපාඩි, වාසල් වැඩක් කරනවා

  2. Leyon Ma says:

    හරියට පස්සෙන් පන්නලා අල්ලනවානම් මේ “කොස් පෝල්” ලා 90% ක් ම් ලිංගික හා අනෙකුත් මාදිලියන්හි අල්ලස් සඳහා සිරගතවියයුතුය. එකම දේ නම් පසුව ඇතිවන ප්‍රතිවිපාක හා පළිගැනීම් වලට බයෙන් බහුතරයක් සිද්ධීන්ට ගොදුරුවූවන් පැමිණිළි නොකිරීමයි.

  3. මැදමුලනෙ මුත්තා says:

    මෙි යෝදයා නැවත සේවයේ පිහිටුවලා නීතිය හා සාමය ඇමතිගෙ ආරක්ෂකයා හැටියට පත්කිරීමට සුදුසුයි බොලවි. ඔක්කොම එකවල්ලෙ බඩු වගෙයි පේන්නෙ. හැක්…….හැක්……හැක්…….

  4. Kakuluwa says:

    Maha eka yana pare podi eka yanawa. mathakene anukampa karala edum ehema laba dunna nowe ara nirupikawakata.