වන අලියකු යතුරුපැදිකරුට පන්නා පහර දෙයි.. බරපතලව රෝහලේ..

June 24, 2021 at 2:18 am | lanka C news
වන අලියකු යතුරුපැදිකරුට පන්නා පහර දෙයි.. බරපතලව රෝහලේ..

මුලතිව් මාන්කුලම් පොලිස් වසමේ පැරණි මුරුකණ්ඩි ප්‍රදේශයේදී ඒ- 9 මාර්ගයේ ධාවනය වූ යතුරුපැදියක ගමන්ගත් අයෙකුට රාත්‍රියේ වනඅලියෙකු පහරදීමෙන් බරපතල තුවාල ලබා එක් අයෙකු රෝහල්ගත කොට ඇති බවට මාන්කුලම් පොලීසිය පවසයි.

පැරණි මුරුකණ්ඩි ප්‍රදේශයේ 236 වන කිලෝමීටර් කනුව අසලදී යතුරුපැදිය ධාවනය කරමින් සිටි සැකකරුට හදීසියේම කැලෑවේ සිට මාර්ගයට දිව ආ වන අලියෙකු යතුරුපැදිය පසුපස හඹා අවුත් එකවරම යතුරුපැදියට පහරදීමෙන් යතුරුපැදිකරු වැටී ඇත.

පසුව යතුරුපැදිය සමග වැටුනු පුද්ගලයා තුවාල සහිතව ඉතා අසීරුවෙන් පඳුරක සැඟවී ඇති අතර එම අවස්ථාවේදී යතුරුපැදිය සමීපයට ආ වන අලියා යතුරුපැදියට පහරදී පලා ගොස් ඇත.

අනනතුරුව යතුරුපැදිකරු මාර්ගයේ ගමන්ගත් අයෙකු විසින් මාන්කුලම් රෝහලට ඇතුලත් කොට ඇති අතර 32 හැවිරිදි යතුරුපැදිකරු බරපතල තත්වයේ සිටි නිසාවෙන් කිලිනොච්චිය මහරෝහලට ඇතුලත් කොට ඇත.

වනඅලියා පහරදීම සිදුකල ස්ථානයට ඊයේ රාත්‍රියේම කිලිනොච්චිය වනජීවි නිලධාරීන් පැමිණ වනඅලියා වෙනත් ප්‍රදේශයකට පලවා හැරීමට පියවර ගත් බවටද පරික්ෂණ සිදුකරන මාන්කුලම් පොලීසිය වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

18,838 views

4 Comments to “වන අලියකු යතුරුපැදිකරුට පන්නා පහර දෙයි.. බරපතලව රෝහලේ..”

  1. පියුමිගේ පස්වන සරත් ( විශ්‍රාමික) says:

    පාපැදි කරුවා රනිල් කියල හිතලද දන්නේ නෑ

  2. අපතයා says:

    තුවාල සිදුවන ඔහුට ඉක්මනින් සුවය ප්‍රාර්ථනා කරනවා. අනේ මේ පන්න පන්නා ගහන අලියා ලන්කාවෙ ක්‍රිකට් කන්ඩායමට යවන්න බැරිද? අර කුසල් මෙන්ඩිස් අපතයා හැම දාම බිංදු ගහනවා වගේ මේ පාරත් එන්ගලන්තයෙ තරගයේදී අසාර්ථකයි. බෝන් එගේන් ගහන්නයි බලු කමට කුරුස ගහන්නයි මිසක් ලන්කාව දිනවන්නට මුන්ට ඕනෑ කමක් නැහැ.

  3. sadun ekanayaka says:

    Saka karu kiwwe, aliyata saka hithuna hinda wenta oneeee maye hithe 😀

  4. බොරුවේ පියා says:

    හොදවෙලාවට ඒ අසරණ මනුෂ්‍යා ජීවතුන් අතර. නැතිනම් තවත් කොරෝනා රෝගියෙක් කියල කියයි.