වන අලියෙකු වගා ළිඳකට වැටී මිය යයි…
August 25, 2019 at 2:10 am | lanka C news
ජලය සොයා පැමිණි වන අලියෙකු මුලතිව් ඔඩ්ඩුසුඩාන් සමලන්කුලම් ප්රදේශයේ වගා ළිඳකට වැටීමෙන් වන අලියෙකු මිය ගොස් ඇති බවට ප්රදේශවාසීන් පවසති.
සමලන්කුලම් ප්රදේශයේ පිහිටි අදාල වගා ළිඳට මෙම වන අලියා වැටී මීට දින 5 කට වැඩි කාලයක් බවත් ජලය පෙවීමෙන් වන අලියා ළිඳෙන් මතුපිටට ගැනීමට කිසිවෙකුත් නොසිටීම හේතුවෙන් වන අලියා මිය ගොස් ඇති බවට ප්රදේශවාසීන් පවසති.
මෙම වන අලින් රක්ෂිත වනාන්තර වෙතට පලවා හැරීමට වනජීවි නිලධාරීන්ට දැනුවත් කොට සිටියද මෙතෙක් කිසිදු පියවරක් නොගැනීම හේතුවෙන් මෙසේ වන අලින් මිය යන බවටද ප්රදේශවාසීන් චෝදනා කොට සිටියි.
එමෙන්ම මිය ගිය වන අලියා ළිඳෙන් ගොට ගෙන අවසන් කටයුතු සිදු කරන ලෙසටද මුලතිව් වන ජීවි නිළධාරීන් වෙතට දැනුම් දුන් බවටත් ප්රදේශවාසීන් වැඩිදුරටත් පැවසූහ.
– වන්නි රොමේෂ් මධුෂංඛ