වන අලි ප්රහාරයෙකින් අයෙකු මිය යයි…
October 4, 2019 at 5:30 pm | lanka C news
කිලිනොච්චිය මුරුසමොට්ටෙයි ප්රදේශයේදී ඊයේ (03) රාත්රියේ වන අලි ප්රහාරයකට ලක්ව පුද්ගලයෙකු මි ගොස් ඇති බවට කිලිනොච්චිය පොලීසිය පවසයි.
මුරුසමොට්ටෙයි ප්රදේශයේ පිහිටි නිවසක ගබඩා කොට තිබූ වී තොගයක් ආහාරයට ගැනීමට අදාල වන අලියා උත්සහ දරා ඇති අතරම එහිදී ගෙහෙමියා විසින් වන අලියා පන්නා දැමීමට ගත් උත්සහයකදී වන අලියා විසින් නිවෙස් හිමියාට පහර දීමේන් එම පුද්ගලයා මිය ගොස් ඇති බවට පොලිසිය අනාවරනය කොට ගෙන ඇත.
වනඅලියාගේ පහරදීමත් සමග අසල්වාසීන් වන අලියා කැලැයට පන්නා දැමීමට පියවර ගත්තද වන අලි ප්රහාරයෙන් නිවෙස් හිමියා අදාල ස්ථානයේදීම මිය ගොස් සිටි බවද එසේ මිය ගොස් ඇත්තේ 70 හැවිරිදි පුද්ගලයෙකු බවට පරික්ෂණ සිදු කරන කිලිනොච්චිය පොලීසිය වැඩි දුරටත් පැවසීය.
– වන්නි රොමේෂ් මධුෂංඛ