වන ඝණත්වය 30% දක්වා වැඩි කිරීමට රුක් රෝපන වැඩසටහන්..

February 8, 2020 at 2:11 am | lanka C news
වන ඝණත්වය 30% දක්වා වැඩි කිරීමට රුක් රෝපන වැඩසටහන්..

රටේ වන ඝණත්වය 30% දක්වා වැඩි කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ” සෞභාග්‍යයේ දැක්ම ” ජාතික ප්‍රතිපත්තියට අනුව ” හැදෙන රටට වැඩෙන ගසක් ” යන තේමාව යටතේ රුක් රෝපණ වැඩසටහන් රැසක් 2020 වසර ආරම්භයේ පටන් රටපුරා ක්‍රියාත්මක කෙරිණි.

ඒ සදහා මහවැලි සංවර්ධන අමාත්‍යංශය ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය හරහා මහවැලි කලාප දහය තුළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ අතර මහවැලි එච් කලාපයේ එම වැඩසටහන මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ සහ පරිසර හා වනජීවි සම්පත් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතාගේ ප්‍රධානත්වයෙන් තඹුත්තේගම නල්ලච්චිය වැව අසලදී සිදුකෙරිණි.

මෙම අවස්තාවට ප්‍රාදේශීය දේශපාලන නායකයකන්, ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යේෂ්ඨ ඉංජිනේරු සුනිල් පෙරේරා ඇතුළු නිළධාරින් රැසක් එක්ව සිටියහ.

මාධ්‍ය ඒකකය

මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශය

182 views
Main News