වන සංරක්‍ෂණ ඉඩම් අක්කර ලක්‍ෂ 07ක් බෙදලා දෙන්න සූදානම්..

November 20, 2020 at 12:40 pm | lanka C news
වන සංරක්‍ෂණ ඉඩම් අක්කර ලක්‍ෂ 07ක් බෙදලා දෙන්න සූදානම්..

‘ආණ්ඩුව පත්වෙලා මාසයක් යන්න කලින් බිලියන 600 බදු සහන විශාල සමාගම්වලට ලබාදුන්නා. රජයේ ආදායම නැති කරගෙන කොහොමද ජනතාවට සහන ලබාදෙන්නේ’ යයි විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්‍ෂමන් කිරිඇල්ල මහතා ප‍්‍රශ්ණ කරයි.

පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කලේය.

ඕනෑම අයවැයකින් ජනතාව බලාපොරොත්තු වෙන්නේ ජනතා සහන. අපේ පසුගිය රජයේ පළවෙනි අයවැයෙන් අපි කොච්චර සහන ලබාදුන්නද. විශාල සහන රාශියක් අපි ලබාදුන්නා. හිටපු ජනාධිපතිතුමාත් මෙතන ඉන්නවා ඔබතුමාටත් මතක ඇති. සීනි, කිරිපිටි, සස්ටජන්, පාන්, හාල්මැස්සන්, ටින්මා`එ, උම්බලකඩ, සහල්, මිරිස් වැනි විශාල භාණ්ඩ ප‍්‍රමාණයක මිල අඩුකළා පලවෙනි අයවැයෙන්. නමුත් මෙම අයවැයෙන් කිසිම සහනයක් ජනතාවට නැහැ. ජනතාව බලාගෙන ඉන්නේ පාලම් ගැනවත් පාරවල් ගැනවත් නෙමෙයි. ජීවත් වීමේ ප‍්‍රශ්නයට ආණ්ඩුවෙන් සහනයක් ලබාදෙනවාද කියලයි. අපි සමෘද්ධි සහනාධාරය වැඩිකළා. මහපොළ ශිෂ්‍යාධාරය රු.5000ක් දක්වා වැඩිකළා, වතු කම්කරුවන්ට පර්චස් 07ක ඉඩමක් ලබාදුන්නා, රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිකළා, ගෑස් මිල අඩු කළා. නමුත් මෙම අයවැයෙන් එවැනි සහන කිසිවක් නැහැ. තමුන්නාන්සේලා ගමට ගිහින් ජනතාවට මොනවාද කියන්නේ ? පසුගිය කාලය තුළ රැුකියාවල් ලක්ෂ දෙකක් පමණ අහිමි වෙලා තියෙනවා. ඒ වගේම සෑම රාජ්‍ය ආයතනයකම ආදායම 40 % කින් පමණ අඩුවෙලා තියෙනවා.

ඇත්ත වශයෙන්ම ඇයි ආණ්ඩුවට ජනතා සහන ලබාදෙන්න බැරි? මේ ආණ්ඩුව බලයට පත්වු විගස මාසයක් යන්න කලින් මහා පරිමාණයේ සමාගම් වලට බිලියන 600ක බදු සහන ලබාදුන්නා. ආණ්ඩුවේ ආදායම බිලියන 600කින් අඩුකරගත්තා. ඒක අපේ වරදක්ද ? ආණ්ඩුවට උදව් කළ සමාගම් වලටයි ඒ සහන ලබාදුන්නේ. දැන් ඒ සමාගම් කියන්නේ මොකක්ද ? මේ අවුරුද්දේ බදු විතරක් නෙමේ ලබන අවුරුද්දේ බදු මුදලූත් ගෙවන්න බෑ කියලා. මේ සමාගම් වලට බිලියන 600ක සහන ලබාදීලා ආණ්ඩුවට ලැබුණ සහනය මොකක්ද ? ඒ බිලියන 600 තිබුණානම් ආණ්ඩුවට ජනතා සහන ලබාදෙන්න තිබුණා.

දැන් දේශීය ආර්ථිකය ගැන කථා කරනවා. හැම ආණ්ඩුවක්ම සල්ලි නැති උනාම තමා දේශීය ආර්ථිකය ගැන කථා කරන්නේ. 70, 77 සම`ගි පෙරමුණ ආණ්ඩුවත් දේශීය ආර්ථිකය ගැන කථා කලා. මොකද ආණ්ඩුවට විදේශ විනිමය නෑ. විදේශ විනිමය නැති උනාම තමා දේශීය ආර්ථිකය මතක් වෙන්නේ. වත්මන් රජය, රජයේ ආදායම බිලියන 400 ක් අඩුකර ගත්තා. දැන් ඒ සල්ලි නැති කරගත්තම විදේශ රටවල් සමග ගනු දෙනු කරන්න බෑ. භාණ්ඩ ගේන්න බෑ. එතකොට තමා දේශීය ආර්ථිකය මතක් වෙන්නේ. බලන්න තව ටික කාලයක් යනකොට මොකද වෙන්නේ කියලා. දැනටමත් පෝලිම්. සමූපකාරයේ බඩු නෑ. ජනතාව පෝලිමේ. සමහර සමූපකාර වහලා දාන්න යනවා. ඇත්තෙන්ම මේක තමයි වත්මන් රටේ තත්වය.

රාජ්‍ය සේවකයන්ට අපි රු:10,000 කින් පඩි වැඩි කෙරුවා. නමුත් වත්මන් රජය මොකක්ද රාජ්‍ය සේවකයන්ට දීලා තියෙන තෑග්ග? රැුකියාවෙන් පස්සේ ඕනේනම් තව රැකියාවක් කරන්න අවස්ථාව ලබාදීලා. උදේ 9 ඉදලා හැන්දෑවේ 4 වෙනකම් කාර්යාලයේ වැඩ කරලා තව රැකියාවක් කරන්න පුළුවන්ද ? එතකොට ගෙදර රස්සාව කරන්නේ කවුද. මේවා තනිකරම විහිළු.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිතුමා ජනාධිපතිවරණ ප‍්‍රකාශණයේ කිව්වා වනාන්තර 30% ක් වැඩි කරනවා කියලා. නමුත් මොකක්ද කරලා තියෙන්නේ වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට අයිති ඉඩම් අක්කර ලක්‍ෂ 07 ක් ප‍්‍රාදේශීය හා දිස්ති‍්‍රක් ලේකම් යටතට පවරලා. මොකක්ද මෙහි යටි අරමුණ? මේවා බෙදලා දාන්නයි මේ හදන්නේ.

ආණ්ඩව නිතරම බැදුම්කරය හා පාස්කු ප‍්‍රහාරය ගැන කථා කරනවා. දැන් අවුරුද්දක් බලයේ හිටියා කෝ බැදුම්කරයට සම්බන්ධ අයට නඩු දැම්මද. බැදුම්කරය ගනුදෙනුවේ යම් ප‍්‍රශ්ණයක් තිබුනා. මන් නෑ කියන්නේ නෑ. නමුත් ඒ සම්බන්ධ අයගේ ගිණුම්වල ඒ මුදල් තහනම් කරලා තියෙනවා. බිලියන 11 ක් ඒ මුදල් නැවත ලබාගන්න පුළුවන්. ගරු නියෝජ්‍ය කථානායකතුමනි, දැන් නිදහසට කරුණු අවශ්‍ය නෑ. ඡන්දය කාලේ මොකද කිව්වේ. කේ.පී ගෙනාවා වගේ කණෙන් ඇ`දන් එනවා කියලා කිව්වා. එහෙමයි කිව්වේ. අනිත් කරුණ තමයි පාස්කු ප‍්‍රහාරය. ඇත්තටම මේක ටෙලි ඩ‍්‍රාමා එකක්. පොලිස්පති යනවා සාක්‍ෂි දෙනවා හිටපු ජනාධිපති , ආරක්‍ෂක ලේකම්, හිටපු අගමැති සාක්‍ෂි දෙනවා.නමුත් අති උතුම් කාදිනල්තුමා මෙතෙක් ඇහුවේ එක ප‍්‍රශ්ණයයි, බෝම්බ තියපු අය ඇල්ලූවද ? මේ අයට අල්ලන්න බෑ. උවමනාවකුත් නෑ. මොකද පාස්කු ප‍්‍රහාරය නිසයි මේ අය බලයට පත්වුනේ. මම අභියෝග කරනවා මොකද මේ කාරණා දෙක නිසයි මේ අය බලයට පත් වුනේ. නමුත් බලයට පත්වුනාම කියපු දේවල් කරන්නේ නෑ.

– මාධ්‍ය ඒකකය

13,106 views

13 Comments to “වන සංරක්‍ෂණ ඉඩම් අක්කර ලක්‍ෂ 07ක් බෙදලා දෙන්න සූදානම්..”

  1. kamal says:

    ලංකාවේ සියලු දෙනාටම රතන සුත්‍රයෙන් බලය නොලැබෙන්නෙ ඇයි.
    1 රැපවාහිනි නාලිකා වලින් පවා බුදු හාමුදුරුවො ලංකාවේ ඉපදුනා කියා මුසා කිම මෙය ප්‍රඥා නාලිකාවේ සමහර හිමිවරු විසින් කරයි
    2 රාවණා කියා මිසදුටුවක් ප්‍රචාර කිරිම
    3 මහාවංශය ප්‍රතික්ෂේප කිරිම මෙහිදි වෙන්නෙ විජයට පහර ගැසිමයි
    4 යක්ෂයන් හා නාගයන් මනුෂ ග්‍රෝතකයන් කියා බුදු හාමුදරුවන්ට අපහාස කිරිම
    5 ඇවත් නොදෙසන හාමුදුරුවරු සිටිම
    6 සිවුර පවා පිටරටින් ගෙනිම
    7 සර්ව ආගමික සංකල්ප ගෙනිම
    8 පාලි භාෂාව හැල්ලු කර හෙල බස මගධි කියා මුසා කිම
    9මිහිදු හාමුදුරුවන්ට අවඤ්ඥා කිරිම
    10 ඍද්ධි බලය විස්වාස නොකරන සංගයා බිහිවිම
    11 කපටිකමට කෘර කමට ලංකාව ආසනය කර ගැනිම නමුත් ඇත්තෙ එක ආසනයයි ඒ ඉන්දියාව නමුත් ඉන්දියාවට ගරු නොකිරිම
    12 කපටිකමට හා කෘර කමට ඉන්දියාවට බැනිම හා පවා දිම අජාසත්තට නොසැලකිම හෙවත් කෘර ලෙස සැලකිම හා කිරිබත්ගොඩ හිමිටද කෘර ලෙසසැලකිම
    13කපටිකමට කෘර කමට වසර 2564ක සිංහල ඉතිහාසය නැති කිරිම ඒ කල්ලා ඉන්දියාවේ බමුණන්ට ඔන පැලැන්තියක් හැදිම හෙවත් පක්කලිකම් කිරිම
    14 කොරෝනා වගේ ලෙඩ වලට හේතුව සිංහල අධ්‍යාපනය වන සිංහල සාහිතයය හා ඉතිහාසය නැති කර කවියට තිබ්බ තැන මයිකල් ජාක්සන්ට දිම
    15 ජනාධිපති පවා සිංහල භාවිතයෙන් ඇත් විම නමුත් ඇත්තෙ එන මනුස්‍යත්වයයි ඒ තමයි කමල්. කමල් හෙවත් අජාසත්ත ජනාධිපති වන්නෙ 2026 ජනවාරි 2 පවත්වන ජන්දයෙන් ඒකල්ලා 2031 ජනවාරි 6 මහණ වෙනවා

    • sunimal says:

      මු නම් අංගොඩින් පැනලා ආපු එකෙක් වහාම අල්ලා බාර දෙන්න.

    • Love nature says:

      උදේ ආහාරයෙන් පසු අංගොඩ මානසික රෝහලේ රෝගීන් එහි අංගනයේ රැස්වී අල්ලාප සල්ලාපයේ යෙදී සිටියදී පුවත්පත් වාර්තාකරුවෙක් සහ කැමරා ශිල්පියෙක් ඔවුන් වෙත පැමිණියහ.

      “අපි ආවේ පත්තරෙන්… අපිට අවශ්‍ය වෙලා තියෙනවා මානසික රෝගීන් ගැන සමීක්ෂණයක් කරන්න. ඉතින්…” ඔවුන් දෙදෙනා තම අවශ්‍යතාව විස්තර කරද්දී ඊට බාධා කරමින් කමල් මානසික රෝගියා මෙසේ කීය.

      “ආ… ඔය මහත්තයලට ඕනෑ කරන්නෙ මානසික රෝගීන් ගැන තොරතුරු දැන ගන්න නෙ. ඒ ගොල්ලො ඔක්කොම ඉන්නෙ අන්න අර කාමරේ. එහෙට යන්න.” කියමින් වෛද්‍යවරුන් සඳහා වූ පොදු කාමරය පෙන්වීය.

    • Love nature says:

      පිස්සු කතා

      ඔන්න පිස්සෙක් ඔය පිස්සන් කො‍ටුවෙන් පැනලා යන්ට දවස් ගාණක් තිස්සේ කල්පනා කරලා කල්පනා, කරලා පැනලා යන්න ක්‍රමයක් හොයා ගත්තලු.අහ් කියන්න අමතක උනා.මේ පිස්සන් කො‍ටුව වට කරලා තාප්පයක් හදලා තියෙන්නෙ හරිද?.ඔන්න මූ පැනලා යන්ට හදාගත්ත ක්‍රමේ මොකක්ද දන්නවද? ඉනිමගක් තාප්පෙට තියලා එහා පැත්තට පැනලා යන්න.මේ යකා කොහොමින් කොහොමින් හරි ඉනිමග තියලා පැනලා යන්ට පුරුදු උනා කියමුකෝ….
      ඔන්න මේ පිස්සා පැනලා යන්ට පුරුදු වෙලා යන්ට දවසකුත් ලෑස්ති කරගත්තලු.ඉන්පස්සේ මූ පොරගේ යාලුවන්ටත් කිව්වලු මම අහවල් දවසේ මෙහෙන් පැනලා යනවා කියලා.ඉන්පස්සේ ඔන්න මේ යකා පැනලා යන දවසත් ආවා.ඒ දවසත් කොහොමින් කොහොමින් හරි ගෙවිලා ගිහින් පහුවෙනි දවස උදාවුනා.
      මෙන්න බොලේ අර පිස්සා දාහට(1000) අරන් සත පහටවත් දී ගන්ට බැරිවුනා වගේ පැත්තකට වෙලා එපා වෙලා ඉන්නවලු…. ඒ ගමන අනික් පිස්සෝ මුගෙන් අහනවලු.මොකෝ බන් උඹ ඊයේ රෑ පැනලා යනවා කිව්වට ගියේ නැද්ද බං කියලා.
      එතකොට මූ කියාපි මෙන්න මෙහෙම.
      “බලපන් බං අපිටමනේ වෙන්නේ.ඊයේ රෑ වැහැලා තාප්පේ කඩා වැටිලා.ඉනිමග තියාගන්න විදිහක් නෑ

    • Nimal says:

      2026 ලංකාවේ චන්දයක් නෑ බන්, අන්න කොංගෝවේ නම් එකක් තියනවලු එහෙ පලයන්

  2. Sinhalaya says:

    Mohu sinhala bawddayaku nowe borukara hora desathdrohiyaki

  3. Nimal says:

    උබ සියබලා කැවේම නෑ අනේ පලයන් සේමසිරි නාකිය යන්ට , ගහන්ට පුළුවන් ගැහිලි සේරම ගහලා , හත්මුතු පරම්පරාවටම හම්බ කරගෙන දැන් එනවා බන කියන්ට, ලජ්ජා නහරේ නැතිහින්ද ගානක් නෑ. තොපිල මැරෙන්නේ පනුවෝ ගහලා

  4. Saradiel says:

    පළමුවෙන් උබලා අන්ත පරාජයට පත් උනේ ඇයි කියලා ජනතාවට කියාපල්ලා රට කාපු හැත්ත තුක් නොදකින්.

  5. siri says:

    muge mulu pawlama horu, gotha gagaha boru kiyana gona.

  6. ඩපයා says:

    කිරිඇල්ල බූරුවෝ ඔක්කොටම කලින් ඔය අක්කර 7 බෙදන ප්‍රදේශ ලංකාවේ සිතියමක ලකුණු කොරලා මාද්‍ය හමුවක් කැඳවලා පෙන්නපිය.

  7. ක්‍රිමිනල් says:

    අවුලක් නෑ රිශාඩ් විල්පත්තුවේ ගස් හිටවනේ ! යකො මුං එක අවුරුද්දට මෙහෙම කෙලි කෙලිනවනං ,ඊලග අවුරුදු හතරේ මොනවා නොකරයිද ? 😂😂😂

  8. Nalaka says:

    People who voted this bloody nut to bring back to parliament again let eat this buggers shit……

  9. sena says:

    රටේ මිනිස්සුන්ට බෙදලා දෙන්න හදන්නෙ මේතුමානන් හන්තානෙ වන රක්ෂිතය අක්කර ගානක් අල්ලගෙන මේතුමාගෙ පවුලේ උදවියට නඩුත් තියෙනවානෙ

Main News