වඳ පෙති කතාවෙන් සංචාරක කර්මාන්තය දියුණු කරන්න පුළුවන්..-රන්ජන්

March 16, 2018 at 2:10 pm | lanka C news
වඳ පෙති කතාවෙන් සංචාරක කර්මාන්තය දියුණු කරන්න පුළුවන්..-රන්ජන්

කාන්තාවන් සහ පුරුෂයන් නිත්‍ය වඳ භාවයට පත් කළ හැකි බෙහෙත් පෙති නොමැති බව ජාතියට ප්‍රකාශ කිරීම සඳහා මාධ්‍ය හමුවක් පැවැත්වීමට සිදුවීම ශ්‍රී ලාංකිකයන්ගේ සමාජ දැනුම මනාව තහවුරුකරන්නක් බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා කියයි.

පවුල් සෞඛ්‍යය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් පැවැත්වීම ගැන ඔබ උපහාසයෙන් කතා කරන්නේ ඇයි?

ශ්‍රී ලංකාවේ පවුල් සංවිධාන ව්‍යාපාරය ආරම්භ කළේ 1970 මුල් භාගයේ දීයි. එදා මෙදා තුර උපත්පාලනය කිරීම සඳහා කාන්තාවන් සහ පිරිමින් අනුගමනය කළ යුතු උපත්පාලන ක්‍රම ගැන ජනතාවට ‘ටොකු අනිමින්’ කියා දුන්නා. එහිදී පිරිමින් සඳහා කොන්ඩම් භාවිතයත්, කාන්තාවන් සඳහා ගිලින පෙති භාවිතයත් තුළින් තාවකාලිකව උපත්පාලනය කළ හැකි බව ජාතික මට්ටමින් කියා දුන්නා ඒ වගේම කාන්තාවක නිත්‍ය වඳ භාවයට පත්කළ හැක්කේ ‘ටියුබෙක්ටමි’ සැත්කමින් පමණක් බවත්, පිරිමින් නිත්‍ය වඳ භාවයට පත් කළ හැක්කේ ‘වාසෙට්ටමි’ නම් සැත්කමින් බවත් ‘උස්මුරුත්තාවට’ එන තුරුම ජනතාවට කියා දුන්නා.

ඒවගේම කාන්තාවන් හා පිරිමින් නිත්‍ය වඳ භාවයට පත් කළ හැකි පෙති, කරල් හෝ ඖෂධ නොමැති බව ලෝකයම පිළිගත් කරුණක්. එවත් තත්ත්වයක් තුළ අපේ රටේ ජනතාවට ඒ කරුණ කියාදීම සඳහා මාධ්‍ය හමු පැවැත්වීම ජාතික අවාසනාවක්.

එතකොට ඔබ කියන්නේ එය රාජ්‍ය අංශයේ මෝඩකමක් කියාද?

මෝඩකම ඇත්තේ කා තුළද යන්න පසුගිය කාලයේ අපේ රටේ වූ සිදුවීම් තුළින් ඉතාම පැහැදිලි වෙනවා. ඒඩ්ස් රෝගයට මුල්වන HI වෛරසය සුළඟෙන් බෝවන බව පිළිගන්නා ජනතාවක් වගේම; මස් හොද්දකට පෙත්තක් දැමීමෙන්; නැතිනම් යට ඇඳුමක කිසිවක් ආලේප කිරීමෙන් කාන්තාවන් හා පිරිමින් වඳ කළ හැකි යැයි සිතන ජනතාවක් ගෝත්‍රික සමාජයක හැර දියුණු සමාජයක දකින්නට ලැබෙන්නේ නැහැ. ඒ අතින් අපටත් වඩා ගෝත්‍රික සමාජද දියුණු බව කිව හැකියි.

ඔබ එසේ කියන්නේ ඇයි?

ගෝත්‍රික සමාජ වල බොහෝ විට පිළිගන්නේත්; පිළිපදින්නේත්; ඔවුන්ගේ සාම්ප්‍රදායික මතවාද පමණයි. නමුත් අපේ රටේ සාම්ප්‍රදායික නොවූ යම් යම් පුද්ගලයන්ගේ සිත් තුළ මැවෙන මනස්ගාත ශීඝ්‍රයෙන් සමාජගත වෙනවා විතරක් නෙවෙයි; ජාතික මට්ටමිනුත් ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේවගේ රටක් සංවර්ධනය වෙනවා බලා සිටීම ‘කොකා වෙලේ වතුර හිදෙන තෙක් බලා ඉන්නවා වගේ’ වැඩක්.

මෙවැනි තත්ත්වයක් තුළ අපේ රට ජාත්‍යන්තරය හමුවේ අපකිර්තියට ලක්විය හැකියි නේද?

නමුත් මම හිතනවා මේ වගේ ජනතා සිතුම් පැතුම් මුල්කොට අපේ රටේ සංචාරක ව්‍යාපාරය තවත් ප්‍රවර්ධනය කරන්න පුළුවන් කියා.

ඒ කොහොමද?

සුළඟින් ඒඩ්ස් බෝවෙන බව; මස් හොද්දකට පෙත්තක් දැමීමෙන් ස්ත්‍රීන් හා පුරුෂයන් වඳ භාවයට පත් කළ හැකි බව මේ රටේ ජනතාවගෙන් වැඩි කොටසක් විශ්වාස කරන පුවත ජාත්‍යන්තරව ප්‍රචාරය කළ හොත් අපේ රටට සංචාරකයන් වඩ වඩා අද්දවාගන්නත් බැරිවෙන එකක් නැහැ.

ඔබ සිතන අන්දමට ඔවුන් එසේ පැමිණෙන්නේ කුමක් සඳහාද?

මේ වගේ ලෝකයම මවිත කරන ‘උසුළු විසුළු’ නිර්මාණය කරන ‘අපේ අයියලගේ’ මුහුණු දැක බලා ගැනීමට තමයි.

– lakbima

89 views

11 Comments to “වඳ පෙති කතාවෙන් සංචාරක කර්මාන්තය දියුණු කරන්න පුළුවන්..-රන්ජන්”

  1. Athula says:

    තමන්වගේ පශ්චාත්තාපය උස්සන අය ඉන්නකම් සංචාරක ව්‍යාපාර හොඳට දිවුණුවෙනවා.

  2. Niru says:

    Moo Kohe indalada pathune.???

  3. john the baptice says:

    නපුන්සකයන් ගැන කනගාටු වෙනවා

  4. Kolitha says:

    meeka maara ugathekne balaagena giyahama.. …pawul sanwidaana amathikamak denna watinawane…..meyaage goothtrikayekuta….

  5. සිංහල බන්ඩා says:

    ගොන්ජෝ ගොංජෝ මේ අහපන් ගොංජෝ! අමු හෝ බාගෙට පැසුණු අන්නාසි, ගස්ලබු වැනි පළතුරු වල අැති රසායනික ද්‍රව්‍ය වලින් ඇතැම් විට මුල් මාස තුන තුළ කලලයට හානි විය හැකි නිසා ගැබිනියන් විසින් අාහාරය නොගත යුතු බවට වෙෙද්‍ය වරැ නිර්දේස කරති. ඒහෙනම් එවැනි ‘හානි කර රසායනික ද්‍රව්‍ය’ අඩංගු පෙත්තක් විටමිනයක් ලෙස නිපදවිම කජ්ජක්ද?

    • ගම් බයියා says:

      රන්ජෝ මෙන්න අට පාස් දොස්තර බන්ඩා කමෙන්ට් එකක් දාලා. …

  6. රවුෆ් says:

    වඳ පෙති නැති උනාට අපිල ගාව සතකුප්ප තියෙනවා. පකිස්තානෙන් ටොන් ගණන් එව්වා අපිලට එවනවා. එව්වා අපේ කඩවලින් තොපිලට හොඳට කවනවා.

  7. දේශාභිමානී දේශ හිතෛශියා says:

    රවුෆ් කිව්වා වගේම පකිස්ථානෙන් හාල් අල එහෙම ගෙන්නන්න කටයුතු කරන බවත්අ ලංකාවෙ වැව්වෙ නැති වුණාට ප්රශ්ණයක් නැති බවත් දුමින්ද කෘෂි ඇමති පහු ගිය දවසක ප්රකාශ කළා…. කව්රැවත් හිතන්නේ නෑ සත්පය නම් පකිස්ථානය කියන්නේ පස දූෂණයට ලක්වෙලා පසේ ආසනික් සාන්ද්රණය ඉතාම වැඩි වුණ රටක් ……එහෙම රටේ හදන එළවලු අර්තාපල් සහල් ධාන්‍ය ආදී සියලු දේ ත=ළ විවිධ බැර ලෝහ සහ රසායන ද්රව්‍ය අධි සාන්ද්රව තියෙනවා ඒවා කෑමට ගන්නා අපිට දෙවියන්ගෙම පිහිටයි ….

  8. ගොන්ජ්ජා says:

    ගොන්ජ්ජා, වද පෙති නෑමයි කියමුකො… ඉතින් යකො මොන පෙත්තක් හරි කෑමට දාන්නේ මොකටද කියලා හොයපල්ලකො..විටමින් C වත් දාන්ඩ ඔනේ නෑ..

  9. silva says:

    uba dannawada adumakata poison spray karala minissu marannath puluwan kiyala…danne nathnam soyala balapan rusiyawa gana

  10. බබා උක්කුන් says:

    ගොන්ජෝ, සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න නම් තවත් හොද යෝජනාවක් තියෙනවා.
    අපි ප්‍රචාරයක් අරිමු උඹ වගේ පිරිමි ගණිකාවෝ මෙහෙ ඉන්නවා කියල. එතකොට ඔය වේලි වේලි ඉන්න ලොන් හැලිච්ච නාකි සුදු අම්මණ්ඩිල ගෙන්න ගන්න පුළුවන්.

Main News