වඳ සැත්කම්වලට රාජ්‍ය අනුග්‍රහය.. වඳ සැත්කම් සදහා දිරි දීමනා ගෙනයි..

June 25, 2019 at 10:40 am | lanka C news
වඳ සැත්කම්වලට රාජ්‍ය අනුග්‍රහය.. වඳ සැත්කම් සදහා දිරි දීමනා ගෙනයි..

පිවිතුරු හෙළ උරුමය පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

ජනතාව දකින විධියට සහරාන්ට වඩා ත්‍රස්තවාදියා ශාෆි ශිහාබ්දින් කියන වෛද්‍යවරයා.  දැනට තමන් බලහත්කාරයෙන් වඳභාවයට පත් කළ බවට දහසකට අධික පැමිණිලි සංඛ්‍යාවක් ශාෆිට එරෙහිව ලැබී තිබෙනවා.  තවම මේ පිළිබඳ වෛද්‍ය පරීක්ෂණ කරලා නෑ.  රෝහල් ආරංචිමාර්ගවලට අනුව මොහු කරන ලද සැත්කම් ප්‍රමාණය 4000ක් නම් 4,000ක් කරන විට 1,000ක් වඳ වෙනවා කියන්නේ සැත්කම් කළ අයගෙන් 25%ක් වඳ වෙලා කියන චෝදනවාව එල්ල වෙනවා.  ශාෆි කියන විධියට සැත්කම් 8,000ක් කළා කියමුකො.  ඒත් 12.5%ක් වඳභාවයට පත් වෙලා.  මොන පැත්තෙන් ගත්තත් සැක කටයුතුයි.

නමුත් ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහය අනුව බලහත්කාරයෙන් වඳ කිරීම අපරාධයක් නොවේ.  ඒ නිසා ඔහුට චෝදනා නැගිය හැක්කේ බරපතල තුවාල සිදු කිරීම කියන වරදට.  බරපතල තුවාලයක් කියන්නේ සදාකාලිකව පවතින තුවාලයක්.  ඒ සඳහා උපරිම දඬුවම වසර 7යි. බරපතල තුවාල සිදු කිරීම ඇප ලැබිය හැකි වරදක් නේද? සාෆිට ඇප ගන්න පුළුවන් නේද කියල කාට හරි හිතෙන්නට පුළුවන්. නමුත් ඇප පනතේ ඉතාම පැහැදිලිව කියනවා මහජන කැලඹීමකට තුඩු දිය හැකි පුද්ගලයෙකුට ඇප ලබාදෙන්න එපා කියලා.

බලහත්කාරයෙන් ජාතියක් වඳ කරනවා කියන්නේ සමූල ඝාතනයක්.   ඒ නිසා බලහත්කාරයෙන් වඳ කිරීමට මරණ දඬුවම ලබා දෙන නීති නොපමාව ගෙන ආ යුතුයි.  පාරලිමේන්තුව එවැනි නීතියක් සම්මත කර ගන්නා තෙක් හදිසි නීතිය යටතේ ඒ සඳහා රෙගුලාසි සැකසීමට ජනාධිපති කටයුතු කළ යුතුයි.

වඳ සැත්කම් සඳහා රාජ්‍ය අනුග්‍රහය

සිංහල ජාතිය වඳ වෙන බවට ආණ්ඩුවේ නිල ලේඛණ අනුව අපි පෙන්වා දුන්නාට පස්සේ වඳ කිරීමේ ජාවාරමක් පිළිබඳ අපිට තොරතුරු ලැබුණා.  දෙවන දරුවා ලබන්න මවක් රෝහල් ගත වුණාට පස්සේ ඇයට වඳ සැත්කමකට යොමු වෙන්න කියලා රෝහලෙන් දැඩි බලපෑමක් එල්ල වෙනවා.  තුන්වන දරුවා ලැබෙන්න රෝහල් ගත වුණු ගුරුවරියකට හෙදියක් පුදුම විධියට ඇවිටිලි කරනවා වඳ සැත්කම කර ගන්න කියලා.  ඒකට අදිමදි කළාම සැමියාට දුරකතන ඇමතුමක් බලෙන්ම අරගෙන පවුල් සැලසුම් කිරීමේ වැදගත්කම ගැන සැමියාටත් උපදෙස් දෙනවා. වඳ සැත්කම් කිරීමට හෙදිය මෙතරම් උනන්දු ඇයි කියලා මට ප්‍රශ්නයක් වුණා.  වඳ සැත්කම් සිදු කරනවාට කවුරු හරි අන්තවාදි සංවිධානයකින් මුදල් ගෙවනවා ද කියන සැකයක් ඇති වුණා.  මේ ගැන සොයා බලද්දි තමයි හොරේ හෙලි වුණේ.  වඳ සැත්කම් කරනවාට මුදල් ගෙවන්නේ දිරි දීමනා ගෙවන්නේ අන්තවාදි සංවිධානයකින් නොවේ.  ආණ්ඩුවමයි.  සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති පවුල් සෞඛ්‍ය කාරයාංශයයි. වඳ සැත්කම් කරගන්න අයටයි ඒ සදහා පොළඹවන අයටයි දිරි දීමනා ලබා දෙන්නේ.

1980 දශකයේ දී “පුංචි පවුල රත්තරන්” කියන සංකල්පය යටතේ “අපි දෙන්නයි – දරු දෙන්නයි” කියන තේමාව ප්‍රචලිත කලේ ලංකාවේ 2% ආසන්න ජනගහන ර්වධන වේගයක් පැවැති නිසා.  දැන් ජනගහන ර්වධන වේගය 0.8%යි.  සිංහලයින්ගේ නම් 0.5%යි. ර්ජමනිය වැනි ජනගහන ර්වධනය ඇද ගෙන වැටුණු රටවල් දිරි දීමනාව ගෙවන්නේ වඳ සැත්කමට නොවේ.  දරු ප්‍රසූතියටයි.  ලංකාවත් පීල්ල මාරු කරන්න කාලය උදා වෙලා කියලා අපි සෞඛ්‍ය අමාත්‍යාංශයට සිහිපත්. කරනවා.  දැන් තේමාව විය යුත්තේ “පුංචි පවුල රත්තරන්” නොවෙයි “වැඩුණු පවුල ඉස්තරම්” කියන එකයි.  ඒ නිසා තව දුරටත් ආණ්ඩුවෙන් දිරි දීමනා ගෙවලා වඳ සැත්කම් සිදු කිරීම අවශ්‍ය නෑ.  ඕනෑ කෙනෙකුට වඳ සැත්කම කර ගන්න පුළුවන් සිය කැමැත්තෙන්. හැබැයි දිරි දීමනා ගෙවීම අවශ්‍ය නෑ.

– අරවින්ද අතුකෝරල

23,820 Viewers

11 Comments to “වඳ සැත්කම්වලට රාජ්‍ය අනුග්‍රහය.. වඳ සැත්කම් සදහා දිරි දීමනා ගෙනයි..”

  1. sathya says:

    වඳ සැත්කම් කරනවාට මුදල් ගෙවන්නේ දිරි දීමනා ගෙවන්නේ අන්තවාදි සංවිධානයකින් නොවේ. ආණ්ඩුවමයි. සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති පවුල් සෞඛ්‍ය කාරයාංශයයි.
    Yes. This incentive was started paying from 2008. Gammanpila also was there then.
    Why is he highlighting this as he never knew?

    • එක්නැලිගොඩ says:

      2008 නෙමෙයි මනුස්සයො 90 දශකයේ ඉදන් රජය මේ සදහා මුදල් වියදම් කලා. ඔක්කොම කුණු බේරුවල බොක්කට කිව්ව වගේ මේකත් රාජපක්ෂලගේ ඇගේ ගහන්න සත්‍ය කියන එකා හදන්නේ. අනිකපටන් ගත්තේ කවුරු උනත් දැන් නවත්වමු.

  2. awathare says:

    Gommanpilaya Thawama update Naha

    • සමන්කුමාර says:

      මෙන්න සල්ලිවලට වද කර ගත්ත එකෙට්ට ගම්මන්පිල ඇත්ත කියද්දී සෑහෙන්න රිදිල. කොහොම උනත් මේ අනතුර ගැන නිවැරදිව කතා කරන්නේ උදය ගම්මන්පිල මහත්තය විතරයි.

  3. sakalabujan says:

    උදය ගම්මන්පිල මහතා lamai ki denek innawada ? Ko a aya ?

    • This power crazy rulers seeking minority votes ,seem to be giving a side support to those people ,who have sinister ,mean plans to sterilize the majority race.Just like these crafty,opportunistic ruler’s”SAHAJEEVANAYA”,birth control is also meant only for Sinhala people.”JAATHIYE KARUMAYA”.

  4. Love nature says:

    අවදි වෙයව් සිහලුනේ

    1981 ජන සංගණන වාර්තාවලට අනුව සිංහල, දෙමළ හා මුස්ලිම් ජන කොටස් පිළිවෙළින් මිලියන 10.9, 2.7 හා 1.0 වශයෙන් සදහන් වී තිබිණි. (1981 පැවති සංගණනය මුළු රටම ආවරණය වුවක් නොවේ. එබැවින් එම දත්ත ඊට වඩා වැඩි විය හැකිය) 2012 සංගණනය අනුව එහි වැඩි වීම ඉහත පිලිවෙලින්ම මිලියන 15.2, 3.1 හා 1.8ක්, එනම් ප්‍රතිශතයක් ලෙස එහි ඉහල යාම 39%, 15% හා 81%කි.

    ප්‍රතිශතයක් ලෙස ගත් කල මුස්ලිම් ජනගහනය 1981 පැවති මුස්ලිම් ජනගහනයට සාපේක්ෂව 81%කින් ඉහල ගොස් තිබේ. මුස්ලිම් බහුතරයක් වෙසෙන ත්‍රිකුණාමලය හා අම්පාර දිස්ත්‍රික්කවල සාඵල්‍යතා අනුපාතය පිලිවෙලින් 3.02ක් හා 2.73කි. කොළඹ දිස්ත්‍රික්කයට සාපේක්ෂව ත්‍රිකුණාමලයේ කාන්තාවක් එක් දරුවෙක් වැඩි පුර ප්‍රසුත කරන බව එමගින් නිරුපනය වේ. (සියලුම දත්ත 2012 ජන සංගණන වාර්තාව – ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව.)

    2042 වසර වන විට ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනය මිලියන 25 ඉක්මවනු ඇති බව ඇස්තමේන්තු කරයි. එවිට මාගේ ඇස්තමේන්තුව මුස්ලිම් හා දෙමළ ජනගහනය මිලියන 3ක සම තත්වයට පත් වනු ඇති යන්නයි

  5. amarabandu says:

    goma me safi hireta damme wada sathkam case ekata nemei. Kalu salli case ekata.

  6. කුසල් says:

    උදය මේ ගැන කතා කරද්දී සූකරයන්ට හා වදයන්ට හරියට රිදිලා තියෙන හැඩයි.

  7. Gayantha says:

    රාජ්‍ය අනුග්‍රහයෙන් ඉස්සර සිටම ඕක වුනා එක එක එන්ජිඕ ගෙනාපු උපත් පාලන ක්‍රම වලට අහුවෙලා.
    හැබයි ඔය සැත්කම කරන්න ගෑනු කෙනගේ අවසරේ තියෙන්නෙ ඔන.
    ඕකෙන් හානි වැඩිම වුනේ සින්හල පවුල් වලට. ඉස්සර පවුල් වල 10-15ත් ඉදලා තියෙනවා පස්සේ 3-5 වගේ වුනා දැන් එකයි දෙන්නයි. ශාෆිගේ සිද්ධිය ගැන කතා කරල වැඩක් නෑ ඒක සම්පුර්ණයෙන්ම මෝඩ පොලිස්කාරයෙක් එක එකාගේ ලනු ගිලලා අනාගත්තු දෙයක්. ඒකයි අර දොස්තරයව නීතිය ඉස්සරහට ගේන්න බැරුව තටමන්නේ. මොලෙන් ගේම් ගහන්න ඔන නැතුව හරක් වගේ කරහම ප්‍රතිඵලත් එහෙමමයි

  8. Mangala says:

    Rajithaya wanda sathkamwalata rajya anugrahaya laba denawata anthawadi thambingen billion ganan gannawa wage. Oya balakarana ewntath ganak labenawa athi.Mun mewa mokada thambinta kiyanne naththe.

Main News