වඳ සැත්කම් සහ වඳ පීදුණු “නන්නත්තාර වූ නිරාගමික සහ මාක්ස්වාදී දොස්තර පඩංගු” …

July 4, 2019 at 3:00 pm | lanka C news
වඳ සැත්කම් සහ වඳ පීදුණු “නන්නත්තාර වූ නිරාගමික සහ මාක්ස්වාදී දොස්තර පඩංගු” …

මහාචාර්ය චන්න ජයසුමන මහතාගේ ෆේස්බුක් පිටුවේ පල වූ සටහනක් මෙහි දැක්වෙයි.

මොහොමඩ් ෂාෆි වෛද්‍යවරයාට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් ඔහු සේවය කළ කුරුණෑගල රෝහල මගින් සිදු කළ පරීක්ෂණයේ වාර්තාව මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත. අප මුල සිට පැවසුවේ මේ සම්බන්ධයෙන් සාධාරණ, අපක්ෂපාතී, විනිවිදභාවයෙන් යුතු විමර්ශනයක් කළ යුතු බවයි. එසේ නොකර සැබෑ තත්වය දේශපාලන හෝ මුදල් හයිය මත යටපත් කිරීමෙන් සිදු වන්නේ මුස්ලිම් ජනතාව දෙසත්, මුස්ලිම් වෛද්‍ය වෘත්තිකයන් කෙරෙහිත් සැකය වැඩි වර්ධනය වීමයි. අවාසනාවකට ෂාෆි රැක ගැනීමට පෙරට පැමිණියා මිසක මුස්ලිම් වෛද්‍යවරුන් හෝ මුස්ලිම් සමාජය “වරදක් කර ඇත්නම් ෂාෆිට දඩුවම් දිය යුතුයැයි” පැවසුවේ නැත.

මීට හේතු වූ වැදගත් කරුණක් නම් සමාජ මාධ්‍යවල පැය 24 ජීවත්වෙමින් සිය අන්තවාදී දේශපාලන සහ මතවාදී අවශ්‍යතා වෙනුවෙන් තකතීරු අදහස් අකුරු කරවන “නන්නත්තාර වූ නිරාගමික සහ මාක්ස්වාදී දොස්තර පඩංගු” කිහිපයක් සිද්ධිය සියතට ගෙන “ෂාෆිගෙන් කිසිදු වරදක් සිදු වී නැත” යන පූර්ව අහේතුක නිගමනය මත හිද ඒ වෙනුවෙන් සටන් කිරීමයි (මගේ ගණන් බැලීම අනුව “නන්නත්තාර වූ නිරාගමික සහ මාක්ස්වාදී දොස්තර පඩංගු” 180-200 අතර පිරිසක් වෙසෙති). වෙනත් මතවාදී සහ දේශපාලන කරුණු පිලිබඳ මා සමග පැවති “ඇරියර්ස්” කවර් කර ගැනීමටද ඔවුහු මේ සිද්ධිය යොදා ගත්හ. බැලූ බැල්මට මෙවැනි අපරාධයක් වෛද්‍යවරයකු සිදු කරාවිය යන්න තවත් වෛද්‍යවරයකු වුව නොසිතයි. එහෙයින් බොහෝ දෙනා මුලින් සිතුවේ “ මේ නම් වෙන්න බැරි දෙයක් යනුවෙනි”.

කෙසේ නමුත් ලැබී තිබුණු තොරතුරු සහ ඒවා ලබා දුන් පුද්ගලයන්ගේ විශ්වසනීයත්වය නිසා මුල සිට ස්ථිර අදිටනින් යුතුව “ෂාෆි” සම්බන්ධයෙන් ජනතාවට සාධාරණය ඉටුවිය යුතුය යන තේමාවේ සිට සටන් කිරීමට මම තීරණය කළෙමි. එය කිසිසේත් ජනවර්ගයක් හෝ යම් ජනවර්ගයකට අයත් වෛද්‍යවරු ඉලක්ක කරගෙන සිදු කළ සටනක් නොව මේ නිශ්ශිත සිද්ධි දාමය ඉලක්ක කරගෙන සිදු කළ සටනකි. තොප්පිය සියලු මුස්ලිම් වෛද්‍යවරුන්ගේ ඔලුවේ නැමුවේ “නන්නත්තාර වූ නිරාගමික සහ මාක්ස්වාදී දොස්තර පඩංගු” විසිනි.

මෙවැනි දෙපැත්ත කැපෙන කාරණාවක් අතට ගැනීමෙන් තිත්ත කුණුහරප, මඩ, අවලාද, තර්ජන ගර්ජනවලට ලක් වන බව ආසනික්, ග්ලයිපොසේට් ප්‍රශ්නවලදී ලත් අත්දැකීම් නිසා මම හොදින් දනිමි. එසේ වුවත් අයුක්තිය හමුවේ කුණුහරප, මඩ, අවලාද, තර්ජන ගර්ජනවලට බියෙන් පළා යෑම මා ප්‍රගුණ කර නැත. CID කරුණු දැක්වීම් හමුවේ “ජයසුමනලා” ඇන ගත්තා යනුවෙන් පවසමින් උදම් ඇනූ පුද්ගලයන් ගැන මම දනිමි. ඔවුහු එතැනින් නොනැවතී මට නඩු දැමීමටද කතා කළහ. දයාන් ජයතිලක වැන්නවුන් සිය රාජ්‍ය තාන්ත්‍රික සේවය ද අමතක කර උවිඳුලා, සුසිරිත්ලා (මේ සියල්ලෝ උග්‍ර බෞද්ධ විරෝධීන්ය) සමග එක්ව උඩ පැන පැන මට පහර දෙන්නට වූහ. අතිරේක වශයෙන් මේ සිද්ධිය යොදා ගෙන ගෝඨාබය රාජපක්ෂ මහතාට, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හා මා සේවය කරන රජරට වෛද්‍ය පීඨයට අපහාස කිරීමේ ප්‍රවනතාවක් දක්නට ලැබේ. ෂාෆි සම්බන්ධ කාරණා මා ඒ මහතා සමග හෝ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග හෝ වෛද්‍ය පීඨය සමග එකගතාවකින් හෝ උපදෙස් මත සිදු කරන ඒවා නොවේ.

අවසානයේ පැවසිය යුත්තේ මේ සිද්ධියෙන් ඊනියා මධ්‍යස්ථ මතධාරීන් රෙදි ගලවා ගත් බවයි. CID කරුණු දැක්වීමෙන් පසු කුරුල්ලන් ඉගිලෙන්න පටන් ගත් නිසා කොක්කු හොඳින් හඳුනා ගැනීමට අපට අවස්ථාව උදා විය. තවත් බොහෝ දේ පැවසීමට ඇතත් කාලයට සහ නීතියට විසදීමට ද බොහෝ දේ ඇති නිසා ඊට ඉඩ දී අපි විමසිල්ලෙන් සිටිමු.

– චන්න ජයසුමන FB

43,965 Viewers

17 Comments to “වඳ සැත්කම් සහ වඳ පීදුණු “නන්නත්තාර වූ නිරාගමික සහ මාක්ස්වාදී දොස්තර පඩංගු” …”

  1. vishnu says:

    නියමයි

    • Janaka says:

      චන්න සර්, දේශ හිතැති සියලු සින්හලයෝ ඔබ සමගයි .රට සූරාකන දේශපාලන තක්කඩි රැල දන් සිටින්නේ ජලය රත්වනතුරු මුට්ටිය ඇතුලේ සිටින කකුලුවෝ වගේ. උන්ගේ අවසානය උන්ම දන්නේ නෑ. මුන්ගේ පස්ස ලේවකන දයාන් ජයතිලක නිලමැස්සාගේ ඇදුන් ගලවා මහපාරේ අවිද්දපු අතීතය නැවතවරක් මතක්කර දෙන්ඩ ඕනෑ.

      • දේවක says:

        මහාචාර්යතුමා කලින් පෝස්ට් මැකුවෙ ඇයි දන්නෙ නෑ. නඩු දායි කියල බයටද?

    • Chandi says:

      Pawban den Channa boruvak vahaganna den thava Boru 1000k vath kivauthui. Muvagey Gon Harakek Moda Musalayek.

    • Susil Kolomba Tantrige says:

      Dear Professor
      Please keep fighting for the Truth!
      I salute you!

  2. The CITIZENS says:

    The power greedy ,opportunistic politicians should understand that if they do not accomplish their obligations ,just as other communities do exercise ,the Sinhala people also have a legitimate right to safeguard their more than 2560 years old civilization and culture,in the face of threats from some religious fanatics ,who try to ruin the majority race by mean ,base hidden tactics.

  3. Nim says:

    ” NIYAMY ”
    SATHIYA JAYA GANEE.

  4. Preethi Cooray says:

    Dan ape sinhala nam walin thambi uooro comment daanna patan Aran…!!! Ekek thamayi. Mekata comment da Api chandi kiyanne

  5. Raawana says:

    සිහ්ළ විරෝදි හැම පරයෙක්ම සනසා අලුදූවිලි කල යුතුයි

  6. Akila says:

    Channa ugath modayek..mahinda gottek wela..paw ape sir…sinhala blood saha muslim blood handunaganna widihak hoya gaththada danne naha

  7. Piyadasa Yalagala says:

    We have to say that JVP are not that Marxist,that they are anarchist or adventurous.
    This a very simple fact can be realized by Pro Channa Jayasumana. Buddhist is different from Marxism . I do not wanted you to condemned Marxism by nexus to politics of JVP’s deeds.

  8. perera says:

    We are with you sir. Go ahead.commendable service.Lord Buddha also had lot of insults from the society.

  9. Jagath Silva says:

    May God Natha Protect you

Main News