වප් පොහෝදා ගංජා රැගෙන නුවරඑලිය ආ සංචාරකයන් පිරිසක් අත්අඩංගුවේ..
October 24, 2018 at 6:51 pm | lanka C news
වප් පොහෝය දා මත් ද්‍රව්‍යය රැගෙන නුවරඑලියේ සංචාරයේ පැමිණි සිව් දෙනෙක් සැකපිට අද (24) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව හැටන් පොලිසිය පවසයි.
හැටන් පොලිසියේ විශේෂ වැටලිම් ඒකකය මගින් අද පස්වරුවේ හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ මල්ලි අප්පුව ප්‍රදේශයේදි සිදුකල හදිසි මෙහෙයුමකදි මෙම සැකකරුවන් සිව්දෙනා සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකරුවන් සන්තකයේ තිබි කේරල ගංජා මිල්ග්රුම් 2520 සහ මදන මොදක ගුලි කිහිපයක් පොලිස් භාරයට ගෙන තිබේ.
කොළඹ මරදාන ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරුවන් අවුරුදු 60 , අවු 24 ,අවු 25 වයස් කාණ්ඩවල පසුවන අය බවත්, අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව මෙම වැටලිම සිදු කල නිලධාරින් පැවසිය.
– හැටන් රංජිත් රාජපක්ෂ
If these found by Piliyandala police garage OIC, they will surely release for money. Come and see Piliyanadala police area no citizen can live because the hell of the crime under full blessing of this criminal OIC.
යමපාලනය දැන් ගෙනියන්නේ නපුන්සක ආගමක් අදහන් නැති වසලයෝ ටිකක් මෙවෙනි දේ රටේ පැතිරිලා තිබෙන්නේ ඒ නිසා