නවක වදය දරුණු වේ.. යාපනය විශ්වවිද්‍යාල තාක්ෂණ පීඨය වසා දමයි..

February 28, 2019 at 8:02 am | lanka C news
නවක වදය දරුණු වේ.. යාපනය විශ්වවිද්‍යාල තාක්ෂණ පීඨය වසා දමයි..

යාපනය විශ්වවිද්‍යාලයේ කිලිනොච්චියේ පිහිටි තාක්ෂණ පීඨය 26 සිට සතියක පමණ කාලයක් තාවකාලිකව වසා දැමීමට විශ්වවිද්‍යාල පාලක සභාව තීරණය කළ බව යාපනය විශ්වවිද්‍යාල උප කුලපති මහාචාර්ය රත්නම් විග්නේශ්වරන් මහතා පැවසීය.

කිලිනොච්චියේ පිහිටි තාක්ෂණ පීඨයේ නවක සිසුන් පැමිණීමේදී ඇති වු නවක වද සිදුවීමක් පාදක කර ගනිමින් ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් ඇති වූ නොසන්සුන්තාවයක් හේතුවෙන් තාවකාලිකව විශ්වවිද්‍යාල පීඨය වසා දැමීමට පාලක සභාව තීරණය කොට ඇත.

කෙසේ වෙතත් තාක්ෂණ පීඨයේ ඇතිව තිබෙන තත්ත්වය සමතයකට පත්වු විගස පීඨය නැවත ආරම්භ කරන බවද ගැටලු සහගත තත්වය ඇතිවීමට හේතුව සෙවීම සඳහා විනය පරික්ෂණයක්ද යාපනය විශ්වවිද්‍යාල පාලක සභාව විසින් ආරම්භ කොට ඇති බවටද වාර්ථා වෙයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

81 views
Main News