Pfizer එලිපිට කොල්ලයක.. දොස්තර පවුල් පිටින් විදගනිති.. 12 දැරියකටත් විදී.. ප‍්‍රදේශවාසීන් දැඩි විරෝධයේ..

August 27, 2021 at 12:02 am | lanka C news
Pfizer එලිපිට කොල්ලයක.. දොස්තර පවුල් පිටින් විදගනිති.. 12 දැරියකටත් විදී.. ප‍්‍රදේශවාසීන් දැඩි විරෝධයේ..

කෝවිඩ් 19 වැලැක්විමේ ප්‍රතිශක්තිකරණ වැඩ පිළිවෙල යටතේ එන්නත් ලබා දීමේදි සිදු වු අක්‍රමිකතාවක් පදනම් කර ගෙන හලාවත කොක්කාවිල ප්‍රාථමික විදුහලේ පැවැති එන්නත් කිරිමේ කටයුතු වලට සම්බන්ධවු වෛද්‍ය වරයෙකු හා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියකට වහාම ක්‍රියාත්මක වන ලෙසින් ස්ථාන මාරුවීම් ලබා දුන් බව පුත්තලම ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය දිනුෂා ප්‍රනාන්දු මහත්මිය කිවාය.

මෙම ස්ථාන මාරුවට හේතුවි ඇත්තේ මෙම මස 25 වන දින එම එන්නත් ලබා දිමේ දි වෛද්‍යවරයෙකුගේ වයස අවුරුදු 12ක දියණියකට ‍ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතියකින් තොරව එන්නත ලබා දිමේ චෝදනාවක් අනුව සිදු කළ පරික්ෂණයකින් පසු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ හා වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගේ අනුමතිය ලබා ගෙන මෙම ස්ථානමාරුවිම් දුන් බවත් එම මහත්මිය කිවාය.

මේ අනුව ස්ථාන මාරුවීම ලබා දුන් දෙදෙනාව පුත්තලම මුළික රෝහලේ කොරෝනා ප්‍රතිකාර ඒකකයට මාරු කර ඇරිය බවත් පුත්තලම ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරිය කිවාය.

එන්නත් ලබා ගැනීම සඳහා පැමිණි සිටි ප්‍රදේශවාසීන් සඳහන් කරන්නේ එහි වෛද්‍යවරුන්ගේ ඥාති හිතවතුන් ඈත පළාත්වල සිට පැමිණ ෆයිසර් එන්නත් ලබා ගැනීම සඳහා කටයුතු කළ බවයි.

ප්‍රදේශවාසීන්ට එන්නත් ලබා නොදී එම වෛද්‍ය හිතවතුන්ට ඥතින්ට එන්නත් ලබාදීම සිදු කල බවත් ඉතා අඩු වයස්වල දරු දැරියන් ද එහි සිටි බවත් ඔවුන් කියති.

– හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු/චමිල ගුණරත්න

47,908 views

31 Comments to “Pfizer එලිපිට කොල්ලයක.. දොස්තර පවුල් පිටින් විදගනිති.. 12 දැරියකටත් විදී.. ප‍්‍රදේශවාසීන් දැඩි විරෝධයේ..”

  1. Hi says:

    හරිනම් health sector එකේ ඉන්න හැම මනුස්සයකුගේම පවුලේ සියලු දෙනාටම Pfizer වගේ vaccine එකක් දෙන්න ඕන.
    ඒ මිනිස්සුන් කොතරම් කැපවීමක් කරනවද? සමහරු මාස ගනන් ගෙවල් වලට යන්නෙ නෑ.PPE ඇදගෙන පැය ගනන් ඉන්නෙ.කෑමක් බීමක් හෝ වැසිකිළියට යන්න බෑ.
    ඒ වගේ අයගේ පවුලුත් ආරක්‍ෂා කරන්නඕන.ඒ මිනිස්සුන්ට හොද මානසිකත්වයක් දෙන්නඕන.
    මේ camera එක අල්ලන්න තිබුනෙ කිසිම වැඩක් නොකර දමහජන මුදලින් වැජඹෙන දේසපාලුවන්ට හා ඔවුන්ගේ පවුල්වලට /හිතවතුන්ට Pfizer/AstraZeneca/ ගහද්දි.
    කරුමෙට එහෙම වෙන්නෙ නෑ ලංකාවේ.

    • Athal says:

      Koheda ban umba inne? Lankawe nemeida?
      Mu pitarata news balala e dawas wala .. e lankawe newei ban..
      Ape un tamai me awas wala 4 hours withra wada krla ara manasika athathiya duru kara ganna kiyala sindu kiyala natanne

    • හෙට වෙනුවෙන් says:

      Agree With You HI.

    • lolla says:

      Hi kiyana ponnayath doctor kenek da….?

  2. Citizens of Lanka says:

    There is FEW incorrigible Doctors among that largest Good Doctors working in Health Department being devoted for Covid 19 pandemic . We value their services.
    Bad of rotten eggs need to ejcts by shake of keep good name Health Services .

  3. පබිලිස් says:

    මෙන්න ජේවීපී දොස්තර කෙනෙක් ගෙ වෙඩ අවුරුදු 12ක ලමය එන්නත් කරල පුද්ගලික පන්ති යවන්න කරපු විදින .තමා ගේ ලමයා විතරයි ඉගෙන ගන්න ඕනේ.
    මේ ලමයි න්ට ලෙජ්ජ නෙහෙනේ පොඩි කාලෙ ඉදන් න හොර වෙඩ අසරණ මිනිස්සු උදෙ පාන්දර ඉදන් පෝලිමේ ඉන්න කොට කම්බි වෙටවල් වලින් පෙනල එන්න

    • Ajit says:

      ඔයා දෙමළ ද?? වෙඩ, ලෙජ්ජ, නෙහෙනේ, වෙටවල්, පෙනල ….මොනවාද මේ වචන

    • cobra says:

      පබිලිස්—අනුන්ව විවේචනය කිරීමට comment කරන්න ප්‍රථමයෙන් ඔබ හරියට භාෂාවක් ලිවිම ඉගන ගනින් ….කවුරුත් තමන්ගේ දරුවන්ට ආදරෙයි …එහි වරදක් දැකිය නොහැක..ඒ සැම දෙනාම අපේ රටේ පුරවැසියෝ

  4. Norata Eka says:

    ගහ ගන්න කියන්න, ඕවයේ ප්‍රතිඵල එනකොට, දුවන්න පාරවල් නැතිවෙයි…
    මෝඩයෝ…

    • JOHN says:

      covid 19 එන්නත් වල ඌරු තෙල් ඇතිබවට සැක නිසා අන්තවාදී ඉස්ලාම් ජාතිකයෝ එන්නත් ලබා ගන්නේ නැහැ ..පරාදිසියට කන්‍යාවෝ 72 ගන්න බැරි වෙනවලු …හික් ..හික්

  5. කුඹුක්කණ් says:

    දොස්තර කියන්නෙ බුද්ධිමතෙක් නෙවෙයි, බටහිර පදේට එහි ව්‍යාපාර වල අතකොලුවක් වූ උගතෙක්.

    බුද්ධිමතෙක් නං , පරීක්ෂණ තත්වයේ හදිසි භාවිතය title එක යටතේ නිකුත් කරන ලද එන්නතක් තමන්ට ගහගනීද? තමන්ගෙ ලමයින්ට ගහගනීද?

    • CAT says:

      සෑම පුද්ගලයෙක්ම තමන්ගේ ජිවිතයට ආදරෙයි ..තමන්ගේ පවුලේ උදවියට ආදරෙයි …එන්නත් ඔවුන්ට ලබා දීම වරදක් නොවේ

      • sunimal says:

        දොස්තර covid වෛරසයෙන් බේරුනොත් තමයි රෝගීන්ට ප්‍රතිකාර කිරීමට පහසු වන්නේ ..උබද රෝගීන්ට බෙහෙත් දෙන්නේ ?ආත්මාර්ථකාමී වෙන්න එපා

    • Norata Eka says:

      දරුවෙක්ට මේ වගේ එන්නතක් ගහන්න තරම් බයක් නැති හැටි, අසරණ දරුවො…
      ඊශ්‍රායලයේ අතිශය බහුතරය සම්පූර්ණයෙන්ම Pfizer එන්නත් කල අය, දැන් ඔවුන්ගේ රෝහල් ගතවූ අය 85-95 අතර ප්‍රමානයක් සම්පූර්ණ එන්නත්කරනයට ලක් වූ අයයි…
      මේ රටේ දොස්තරලා කියන්නේ පුහුණු කරන ලද රොබෝ වරු…

  6. හමූදා එන්නත් කරපු කිසිඳු මධයස්ථානයක අපි කිසිඳු අවිධිමත් සිඳුවීමක් දැක්කේ නැහ.ඒ නිසාම හැබිචෝල් දේශපාලනඥයින් ඔවුනට නොයෙකුත් අපහාසාත්මක වදන් පාවිචිචි කරා.මෙහි පෙන්වු රූප රාමුත් හමුදා එන්නත් කරන ස්ථානයන්හි රූප රාමුත් සංසන්දනය කර බලන්න

  7. එන්නත විදින්නද? says:

    කටුකම්බි වැටෙන් රිංගවා දරුවන්ට එන්නත් කෙරෙව්වේ එන්නත ඒ තරම් වටිනා බව ඒත්තු ගන්නවා කුඩා දරුවන්ටත් විද්දවන්නද?

  8. takaran says:

    මුස්ලිම් බහුතරය සිටින ප්‍රදේශයට හොඳම එන්නත දීම අධිකරණ ඇමතිගේ නියෝගයක් ද ?

    • Amila says:

      කරල තියන වැඩෙ වැරදියි තමා
      ඒත් සිංහල බහුතරයක් සිටින අපේ හලාවත
      පුරවරය ට මුස්ලිම් කියල අපහසු කරන්න එපා සහො
      සිංහල වෙදෙක්ම තමා හොර පාරෙන් වැක්සින් ගහලා තියෙන්නේ

  9. NuwanJ says:

    වැඩි අවදානමක් තියන සෞඛ්‍ය පවුල් හා වෙනත් අයට කනත්තෙ වැඩ කරන අය දක්වා හොදම එන්නත් දෙන වැඩපිළිවෙළ කට යන්න දං කාලය යි.
    මොකද දැං ⁣ Pfizer, AstraZeneca වගේ එන්නත් රටට එන නිසා.

    එවගෙම ගමට ලැබෙන එන්නත් හොරෙන් ගන්න එන අය ගමම එකතුවෙලා පන්නල දාන්න සංවිධානය වෙන්න .
    එක ගමකින් රහට කැවං ආයෙ කොහෙවත් හොරෙන් ගහන්න යන්නෙ නැ

  10. බයියා says:

    ගමේ ජනතාව වශයෙන් එකතු වි ගහල වාහන කුඩු කරල පන්නල දැම්මනම් කවදාවත් කිසිම එකෙක් වත් කම්බි වැට පැනලා හොර පාරෙන් විදගන්න හිතන්නෙ වත්නැ අතිගරැ ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ අපේ යුධ හමුදාවට මේ එන්නත්කරණ මධ්‍යස්ථාන අධීක්ෂණයට බාර දෙන ලෙසය. තවද මීට සම්බන්ධ දොස්තරයව වැඩ තහනම් කර පන්නා දමන ලෙසය නැත්නම් අවසානෙ විපක්ෂයවුන් නටන්නෙ ඕකටත් ආණ්ඩුවට වැරැද්ද දමන්න.

Main News