වර්ජකයන්ට පහර දී එළවන්න කාටවත් අයිතියක් නෑ… – විජේදාස
November 30, 2016 at 5:30 pm | lanka C news
වර්ජකයන්ට පහර දී ඉවත් කිරීමට කිසිවකුට අයිතියක් නැති අතර අදහස් ප්රකාශ කිරීමේ අයිතිය කාටත් තිබෙනවා යයි අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.
නීතිගරුක යහපත් සමාජයක් වශයෙන් අප අණපනත් පිළිපැදිය යුතු බව පැවසූ ඇමැතිවරයා වාහන නීති උල්ලංඝනය කරන රියෑදුරන් වෙනුවෙන් දඩ මුදල් වැඩි කළ යුතු බව ද පැවසීය.
හෙතෙම වැඩිදුරටත් මෙසේ ද පැවසීය. දඩ මුදල් වැඩි කළා සේම වාහන අල්ලන නිලධාරීන් ද විනයගරුක විය යුතුයි.
සමහර පොලිස් නිලධාරීන් පාරේ අහුමුලුවල සැඟවී සිට ග්රීස් යකුන් වගේ එක්වරම වාහන නැවැත්වීමට කඩාපනිනවා.
එපමණක් නොවෙයි. වාහනය නවතා රියෑදුරා තමා ළඟටම එනතුරු පොලිස් නිලධාරියා බලාගෙන ඉන්නවා. සමහර පොලිස් නිලධාරීන් පගාව ගහනවා. දඩ මුදල් වැඩි කළා සේම පොලිසිය සැබෑ තත්ත්වය අවබෝධ කරගත යුතුයි. පොලිස් නිලධාරීන්ගේ නිල ඇඳුමටත් කුඩා කැමරාවක් සවි කළ යුතුයි. එවිට ඔවුනට නීති විරෝධී කිසිවක් කළ නොහැකි වෙනවා.
– දිවයින