වර්ජකයන් හිර කරයි.. දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවයක් කරයි.. පෙන්ෂන් ගිය සේවකයන් යලි බදවා ගනී..

June 26, 2019 at 12:40 pm | lanka C news
වර්ජකයන් හිර කරයි.. දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවයක් කරයි.. පෙන්ෂන් ගිය සේවකයන් යලි බදවා ගනී..

ශ්‍රී ලංකා දුම්රිය සේවාවෙන් විශ්‍රාම ගත් දුම්රිය එංජින් රියදුරු, දුම්රිය නියාමක, දුම්රිය ස්ථානාධිපති, සංඥා පරීක්ෂක, මාර්ග පරීක්ෂකවරුන් යළි සේවයට එක් කර ගැනීමේ වැඩසටහන 2019 ජූනි මස 28 වැනිදා එනම් සිකුරාදා නාරාහේන්පිට ශාලිකා ශාලාවේදී පැවැත්වෙයි.

ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග සහ රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහගේ ඍජු අධීක්ෂණය සහ සහභාගිත්වය යටතේ පැවැත්වෙයි.

එම වැඩසටහනට දැනට විශ්‍රාමලත් දුම්රිය එංජින් රියදුරු, දුම්රිය නියාමක, දුම්රිය ස්ථානාධිපති, සංඥා පරීක්ෂක, මාර්ග පරීක්ෂකවරුන්ට සහභාගි වන්නැයි ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ ලේකම් එල්. පී. ජයම්පති මහතා ඉල්ලා සිටී.

– තමීර මංජු

28 views

9 Comments to “වර්ජකයන් හිර කරයි.. දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවයක් කරයි.. පෙන්ෂන් ගිය සේවකයන් යලි බදවා ගනී..”

  1. john the baptice says:

    වර්ජනය කිරීම නතර කර මේ කාලකන්නි රජය පෙරලීමට එකතුවන්න

  2. Nishantha says:

    Its a good move.there salary is not tally with their education and qualifications.some drivers and guards earn more than two lacks.thats more than engineers and drs.most of them have only o/l.

  3. බන්ඩා says:

    පාඩු ලබන ඉතාම අකාර්යක්ෂම දුම්රිය සේවයේ කිසිවෙකුට පඩි වැඩි කිරීම ජාතික අපරාධයක්.

  4. Gayantha says:

    ඔකුන්ට ඔහොමයි කරන්බ ඔන. දේශපාලුවා වගේම රට කන හරක් තමයි වුර්තිය සමිති කාරයෝ.

  5. Sira says:

    Arjuna, I don’t like for being with this stupid govt. You are in the wrong side of politics. However, do not giving to strikers. If anyone need a pay hike, they must run trains without losses. Treasury can not bail off these loss making enterprises.

    • Vipul says:

      මමත් සක්විතිගෙ ක්ලාස් යන්න කලින් ඔහොම තමා ඉන්ග්‍රීසි කතා කලේ දැන් නම් ටිකක් පුළුවන්.

  6. Aurora says:

    මොන ආණ්ඩුවක් තිබුනත් මේ පසුගාමී අන්තවාදී දුම්රිය සේවකයන් ඉන්නකම් මේක ගොඩදාන්න බැහැ. මම දවසක් උදේ 5.00 ට විතර බ්‍රිස්බේන් දුම්රිය ස්ථානයෙන් සිඩ්නි – මෙල්බර්න් සීග්‍රගාමී දුම්රියට ගොඩවුනා. දුම්රිය වේදිකාවට ළඟාවූ වහාම මම ලංකාවේ ක්‍රමයට දුම්රියට ගොඩවුනා. නමුත් දුම්රිය පිරිසිදුකිරීමේ කාර්යමණ්ඩලය වහාම මාව වේදිකාවට බස්වා මැදිරි පිරිසිදුකිරීම ආරම්භකලා. අතුගා, මොප්කර, වැකියුම්කර, සියලුම ආසන දුම්රිය ගමන්කරන දිශාවට හරවා අවසාන කිරීමට එම කණ්ඩායමට ගතවූවේ මිනිත්තු 10 කට අඩු කාලයක් පමණයි. මමත් මගේ ගමන් බෑග් මගේ ආසනයට නියමිත ස්ථානවල තැන්පත්කර ගමන් අරම්භකිරීමට තවත් මිනිත්තු 15 පමණ කාලයක් තිබුන නිසා දුම්රිය එන්ජිම දිශාවට ඇවිද ගියා. එවිට මා දුටුවේ ලංකාවේදී කිසිදා දැකීමට නොලැබෙන දර්ශනයක්. දුම්රියේ රියදුරන් වතුර බාල්දි සහ රෙදි බුරුසු යොදාගෙන දුම්රිය එන්ජිමේ වීදුරු සියල්ල සෝදා පිරිසිදු කලා. මේ ලංකාවේදී නොදැකියහැකි දර්ශනයකි. ලංකාවේදී මා දැක ඇති දර්ශනයක් නම් දුම්රිය රියදුරන් රේස් පත්තරේ කියවන එකයි.

  7. sathya says:

    Great !

  8. හරියට හරි.

Main News