වර්ජනයේ යෙදෙන සියළු දුම්රිය සේවයකන් රස්සාවෙන් දොට්ට දමයි.. නව සේවක බදවා ගැනීම් ඇරඹෙයි..
December 10, 2017 at 8:40 am | lanka C news
වැඩ වර්ජනයේ යෙදී සිටින දුම්රිය සේවකයන් සේවයට නොපැමිණියහොත් ඔවුන් සේවය හැර ගියා සේ සලකා කටයුතු කිරීමට ප්‍රවාහන අමාත්‍යංශය තීරණය කර ඇත.
ඒ අනුව හෙට දිනයේදී සේවයට වාර්තා නොකරන සේවකයන් වෙනුවට අලූතින් සේවකයන් බදවා ගන්නා බව ප්‍රවාහන නියෝජ්‍ය ඇමති අශෝක් අබේසිංහ මහතා පවසයි.
සියළුම දුම්රිය සේවකයන්ගේ නිවඩු අවලංගු කර ඇති බවත් එනිසා වහාම සේවයට වාර්තා කරන ලෙසත් දුම්රිය දෙපාර්තමේන්තුව මේ වන විට සියළු සේවනයන්ට දන්වා ඇත.
කෙසේ වෙත්ත පසුගිය 06 වැනිදා සිට දුම්රිය වෘතීය සමිති හයක් එක්ව ආරම්භ කරන ලද වැඩ වර්ජනය අද දිනයේද ක්‍රියාත්මකයි.
ඔවුන් කියා සිටිනේනේ තම සේවා ගැටළු සදහා නිසි විසදුම් ලැබෙන තුරු සේවයට වාර්තා නොකරන බවයි.
දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ප්‍රකශයට පත් කරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
62 lakshayak u harakta thawath sapa labewaaa