වර්තමානයේ සිංහරාජ, හන්තාන, මුතුරාජවෙල ඇතිවී තිබෙන පරිසර ගැටලු සියල්ලටම වරද යහපාලනයේ..
March 23, 2021 at 6:26 am | lanka C news
වර්තමානයේ සිංහරාජය, හන්තාන හා මුතුරාජවෙල ප්‍රදේශවල ඇතිවී තිබෙන පරිසර ගැටලු සියල්ල යහපාලන සමයේ නිර්මාණය වූ සිද්ධීන් බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසීය.
රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කර සිටියේ වත්තල නුගපේ බෝපිටිය මාර්ගය සංවර්ධනය කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා,
“මුතුරාජවෙල අක්කර 700 ක් විනාශ කිරීම, හන්තාන පරිසර විනාශය හා සිංහරාජය ඇතුලු පාරිසරික ගැටලු සියල්ල නිර්මාණය වූයේ සමගි ජන බලවේගයට එහෙම නැතිනම් යහපාලනයට උදව් කළ ව්‍යාපාරිකයින් හා හිතවාදීන් නිසා. මේ ගැටලුවලට අපේ රජයට ඇගිල්ල දික් කරන්න බැහැ. හැබැයි මුතුරාජවෙල වගේම හන්තාන හා සිංහරාජය ආරක්ෂා කිරීමට අපි කටයුතු කරනවා. රාජ්‍ය නොවන සංවිධාන ටිකක් එකතුවෙලා පරිසරය විනාශ කරනවා කියලා මතයක් ගොඩ නගන්න හදනවා. හැබැයි මේ පරිසර විනාශය කළේ කවුද ? යහපාලන රජය. සිංහරාජයට, මුතුරාජවෙලට හෝ හන්තාන විනාශයට කිසිදු බලපත්‍රයක් අපේ රජය දීලා නැහැ. මේ සියල්ලේ ආරම්භ වුනේ යහපාලන කාලයේ.
අද විපක්ෂයට රටේ සංවර්ධනය බලන් ඉන්න බැහැ. ඒ නිසා තමා මේ පරිසර ප්‍රශ්නයක් නිර්මාණය කරලා රට තුළ අසත්‍ය ප්‍රචාර නිර්මාණය කරමින් ඉන්නේ අපේ රජය පරිසරය විනාශ කරනවා කියලා. අපේ රජයට ගස් කපන්න කිසිදු උවමනාවක් නැහැ. අපි පාරක් හදනකොට මීටර් විසි පහෙන් විස පහ පැල සිටුවන්න කටයුතු කරනවා. පැලයක් සිටුවන්නෙ නැති ගස් කපපු මිනිස්සු සමාජ මාධ්‍යවල දානවා පරිසරය රකින්න ඕනේ කියලා. අපේ රජය පරිසරය ආරක්ෂා කර ගනිමින් තමා සංවර්ධනය සිදු කරන්නේ.
විහාරමහාදේවී උද්‍යානයේ චිත්‍ර අදින්නේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට නඩු දාපු කෙනා. ඒක ගලවන්නේ සමගි ජන බලවේගයේ නගර සභාවෙන්. බනින්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාට. මේක තමා අද විපක්ෂයේ බංකොලොත්භාවය.
කොවිඩ් වසංගතය ආවාම අතිගරු ජනාධිපතිතුමා කීවේ ආර්ථිකය දියුණු කරන්න පුලුවන්. රටක් සංවර්ධනය කරන්න පුලුවන්. හැබැයි කොවිඩ් වලින් අපේ ජනතාව මැරෙන්නේ නැතිව ආරක්ෂා කර ගන්න එකට තමා ප්‍රමුඛතාවය දෙන්න ඕනේ කියලා. ඒ අනුව දියුණු හා සංවර්ධිත රටවල් වලට වඩා හොදින් අපි කොවිඩ් එක පාලනය කළා. කොවිඩ් පාලනය අතින් අපි දස වෙනි ස්ථානයේ සිටිනවා. එන්නත්කරණය අතින් අපි නව වෙනි තැන ඉන්නවා. ඒක තමා ඇත්ත තත්ත්වය.
හැබැයි විපක්ෂය මොකද කළේ. ජනතාවට එන්නත්කරණය කරන්න එන්නත් ගේන වැඩපිළිවෙලක් නැහැ කීවා. එන්නත් ගෙනාවම ගබඩා කරන්න වැඩපිළිවෙලක් නැහැ කීවා. ගබඩා කළාම ප්‍රවාහනයට වැඩපිළිවෙලක් නැහැ කීවා. එන්නත දෙන්න ගත්තාම අතුරු ආබාධ එනවා කීවා. ගේන්නේ නැතිව ඉන්නකොට ගේන්නේ නැහැ කියනවා. ගෙනාවම හොද නැහැ කියනවා. මේක මහ පුදුම විපක්ෂයක් බව” අමාත්‍ය නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් පැවසීය.
– මාධ්‍ය ඒකකය
අප්පේ මේ සිරිසේන sorry නන්දසේන කොන්ද පණ මදී ඒකනේ කැළෑ කපන උන්වයි ඒවා වහන්න හදන පුට්ටුවේ ගොන් ඇමතිලාවයි නවත්වන්න බැරි වෙලා තියෙන්නේ අනික මේ කුඩ්ඩාට සිංහල කථා කරගන්නත් මු කට ඇරියොත් නැට්ටේ ඉඳලා ගොම
යහපාලනයට වරද පැටවීමෙන් ඇති පලය කුමක්ද ? ඒ පාලනය අපේ රටට අහිතකර නිසයි ජනතාව පොහොට්ටුවට ජන්දේ දීලා බලය දුන්නේ ..දැන් තියෙන්නේ යහපාලනය කල වැරදි නිවැරදි කරලා ,වැරදි කරපු පුද්ගලයින්ට විරුද්ධව නීතිමය පියවර ගෙන රටේ ජාතික සම්පත් ආරක්ෂා කිරීමයි …පරිසරය බාර ඇමතිලා 3දෙනෙක් සිටිනවා නේද ? මොකද්ද ඔවුන්ගෙන් දැනට පරිසරය ආරක්ෂා කිරීමට සිදු වූ සේවය ?
වර්තමානයේ සිංහරාජ, හන්තාන, මුතුරාජවෙල ඇතිවී තිබෙන පරිසර ගැටලු සියල්ලටම විසදීමට කටයුතු කිරීමයි …දේශපාලකයෝ එකිනෙකට වරද පැටවීමෙන් පමණක් මේ ප්‍රශ්න විසදෙන්නේ නැත …දැන්වත් පරිසර විනාශ කරන පුද්ගලයින්ට දැඩි දඩුවම් දීමට වත්මන් රජය ක්‍රියා කල යුතුයි …අපිට නම් මේ ආණ්ඩුවෙන් පරිසරය විනාශ වීම හැර , පරිසර ආරක්ෂාවට කටයුතු කරන බවක් නොපෙනේ
Well said my friend, these buggers will repeat the same thing for the next 3 1/2 years for Thier survival. Especially a bloody pimp like this kudu Lansa. He is one of those who is destroying the youth of this land!!
බූරුවො ඒක තමයි යහපාලනේ ගෙදර යවල නන්දසේනයවයි,තොපිවයි බලේට ගෙනාවෙ.දැන් ආපස්සට හැරිල උන්ට බැන බැන නොඉද මේ මහා වන සංහාරය නවත්වපියව්.
ඇත්තටම මහාචාර්ය නිමල් ලන්ස වගේ අය තමයි මේ රට හදන්න තෝරගන්න ඕනෙ.බලන්නකො එයාගෙ අදහස්.අප් ටු ඩේට් අප් ඩේට්?
Find solutions to “වර්තමානයේ සිංහරාජ, හන්තාන, මුතුරාජවෙල ඇතිවී තිබෙන පරිසර ගැටලු සියල්ලටම
instead of Boru Kaiwaru………………..
Basil ge weda bari Tarzan mooo ,,,,,,,,,,,,,,,,, Dinapatha Kaiwaru.
Api danna dewal apita weda nehe. Moota oka therenne nehe ne. Katin rata hadanna behe.