වර්ධාරාජා පෙරුමාල් වගේ වෙයි.. විගනේෂ්වරන් උතුරේ හයිබි්රඞ් උසාවියක් හදන බව කියයි..
February 4, 2017 at 10:40 am | lanka C news
ජාත්‍යන්තර විනිසුරුවන් සහිත හයිබ්‍රිඩ් අධිකරණයක් උතුරේ ස්ථාපිත කරන බව උතුරු පළාත් මහ ඇමැති සී. විග්නේෂ්වරන් ප්‍රකාශ කර ඇත.
ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර විනිසුරුවන් සහිත අධිකරණයක් ස්ථාපිත නොකළහොත් තමා එම පියවර ගන්නා බව ඔහු කියා සිටියේය.
විග්නේෂ්වරන්ගේ මෙම ප්‍රකාශය පළාත් සභා බලතල උල්ලංඝණය කිරීමකි.
ඔහු මේ බව පවසා ඇත්තේ ශ්‍රී ලංකා රජයට අභියෝගයක් ලෙස යයි ආරංචි මාර්ග පවසයි.
ශ්‍රී ලංකාවේ හමුදාවට එරෙහිව ජාත්‍යන්තර හයිබ්‍රිඩ් අධිකරණයක් ස්ථාපිත කළ යුතු බව ඔහු රටවල් රැසකදී ප්‍රකාශ කර තිබිණි.
ද්‍රවිඩ සන්ධානය ද ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ සිදු කළ බව දක්වමින් හියිබ්රිඩ් අධිකරණයක් ස්ථාපිත කරන ලෙස ඉල්ලා තිබේ.
– දිවයින