වර්ෂාවෙන් පසු කාපට් පාරවල්වල අලි නාවන වලවල්…

October 11, 2021 at 12:40 pm | lanka C news
වර්ෂාවෙන් පසු කාපට් පාරවල්වල අලි නාවන වලවල්…

කිලිනොච්චිය කරච්චි ප්‍රාදේශයේ පිහිටි කාපට් යොදා පිලිසකර කරන ලද මාර්ග වසර 3 ක් ගතවීමටත් පෙර දැඩි ලෙසින් අබලන් වීම හේතුවෙන් වැසි සමයේ මාර්ගයන්හි ගමන්කිරීමටද නොහැකි තත්වයක් උදාවී ඇතැයි ජනතාව පවසති.

කරච්චි, ස්කන්දපුරම් මුට්කෝමබන් ප්‍රධාන මාර්ගය පසුගිය රජය යටතේ කොන්තාත් කරුවන් විසින් කාපට් යොදා පිලිසකර කලද වසර දෙකක් ගතවීමටත් පෙර සිටම කාපට් ගැලවී ගිය අතරම පසුව වසරක් පමණ කාපට් නොමැතිව ගමනාගමනය යෙදුනද කිසිදු බලධාරියෙකු මාර්ගය ප්‍රතිසංස්කරණය කිරිමට පියවර නොගැනීම හේතුවෙන් මේ වන විට මාර්ගයේ ගමන්කිරීමට නොහැකි තත්වයක් උදා වී ඇති බවටද ජනතාව පෙන්වා දෙයි.

මේ දිනවල ආරම්භ වී ඇති මෝෂම් වාර්ෂාව හේතුවෙන් මාර්ගය දැඩි ලෙසින් මඩ ගොහොරුවක් වී ඇති අතරම ඉදිරියේදී කිසිවෙකුටත මාර්ගයේ ගමනාගමනය කිරීමට නොහැකි වනු තත්වයක් උදාවන බවට ප්‍රදේශවාසීන් පවසති.

යුද සමයේදීද මෙම මාර්ගයන් බෝම්බ වැටීමෙන් ඇති වූ බෝම්බ වලවල් මෙන් වර්ථමානයේදීද දැක ගත හැකි බවටත් එහෙයින් මෙලෙසින් ගම්මානයන්හි අතුරු මාර්ගයන්ද වැසි ජලය හේතුවෙන් දැඩි ලෙසින් අබලන් තත්වයේ පැවතීම මගින් ජනජීවිතය අඩාල වී ඇත.

ගම්මානයන්හි අතුරු මාර්ග පිලිසකර කිරීමේදී ඇතැම් කොන්ත්‍රාත් කරුවන් විසින් ඉතාම අවධිමත් අයුරින් මාර්ග පිලිසකර කිරීම මෙම ගැටලුවට ප්‍රදාන හේතුව බවටත් අබලන් වූ මාර්ග කඩිනමින් පිලිසකර කරදෙන මෙන්ද ජනතාව බලධාරීන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිති.

– වන්නි රොමේෂ් මධුෂංඛ

18,975 views

13 Comments to “වර්ෂාවෙන් පසු කාපට් පාරවල්වල අලි නාවන වලවල්…”

  1. Saradiel says:

    ජොන්ස්ටන්ගේ වීර ක්‍රියා වල ප්‍රතිඵල ….තැබෑරුම් ඇරපල්ලා ,රටේ ජනතාව බේබද්දෝ වුනාම පාරවල් වල ඇති වලවල් දකින්නේ නැහැ ..උන් ඒවා ඇතුලේ වෙරිවෙලා නිදාගනිවී …පොහොට්ටුවේ 225 ට අවශ්‍ය පරිදි සැප විදින්න විදේශවලින් ණය ගන්න පහසුයි ඒවා ඔවුන්ගේ සාක්කුවේ ..රට අගාදයේ මුන් දේශපාලකයෝ නොවේ දේශපාලුවෝ ..කිසිම පක්ෂයක් විශ්වාස නොකලයුතුයි

    • ගිරවා says:

      ජොන්ස්ටන් ඇදිරිනීතිය මැද හදපු මාර්ගයක්ද මේ ? ඌරන් ට ලගින්න වතුර වලවල් සහිත මහා මාර්ග පද්ධතිය සංවර්ධනය,කරපන් ඇමතිතුමෝ .මුදල් දාගනින් සාක්කුවට ..අඩියක් ගහගෙන බයිලා කියපන්

  2. SL says:

    මේවා තමයි හොරා කාපු සල්ලි වල ප්‍රතිපල. RDA එකේ නම් ආරංචි විදියට කිරිඇල්ලගේ දුව හොඳට කෑවා , ජෝනියත් කනවා …අන්තිමේට මිලියන ගානක් වියදම් කරලා කරන වැඩේ අවුරුදු 2-3ක් යද්දී හොදන් යනවා.පාර දෙපැත්තේ කොලර් දාල,ලස්සනට හදන්න දෙන කොන්තරාත්තු වලින් ගසා කාල, ගසා කාල මහජනයාට ලැබෙන්නේ හපයක්

    • හොරා ගෙ යාළුවා says:

      එහෙම නැතුව ගොඩක් කල් තියෙන්න හැදුවාම , අපේ එකා හොරා කන්නෙ අහවල් එකයෑ . ඌට ත් අවුරුදු දෙක තුනක ට සැරයක් වත් බඩගිනි හැදෙනවා . හුඃ .

  3. Citizen says:

    There is no point doing the roads without focusing on how to manage surface water. This is an issue that gets reported during the Monsoons for many years now and no authority has taken note of it.

  4. පැන්ඩෝරා පේපර්ස් says:

    ජොනී ජෝකර්ට අනුව මේ ආණ්ඩුව අතිශය සංවේදී ආණ්ඩුවක් , ජනතාවගේ ඉල්ලීම් වලට ඇහුම්කන් දෙනවා , ජනතාව මේ වෙලාවේ ඉල්ලන්නේ පාරවල් මංතීරු හදනඑක , ඉන්ධන , කිරිපිටි ,සිමෙන්ති ,ගෑස් ,හාල් ,සිනී ,බේකරි නිශ්පාදන වගේ සෑම බාණ්ඩයකම මිල ඉහල ගිහිල්ලා , ඩොලරය රාජ්‍ය බැංකු හරහා 203 ක අගයකට හිරකරගෙන , කලු කඩේ 240 ක් වගේ , කබ්බා හිටු කියලා සල්ලි අච්චු ගහනවා , උද්දමනය වැඩිවෙලා , භාණ්ඩ මිල ඉහල ගිහිල්ලා ,ඊට සාපේක්ෂව පඩි වැඩිවෙලා නෑ , ගොඩහේවලා පම්පොරී ගහනවා ආ.වර්ධන වේගය 8% යි ලූ. මේ විදියට රට අයාලේ යනවනං අවංකවම ආණ්ඩුවක් ඔන්නෑ , මේක නිකං පොඩි එවුන්ගේ සෙල්ලං ගෙයක් වගේ. මහ එවුන් සැපගන්නවා , රට සවාරී ආතල් , පිනට වාහන ,ඉන්ධන පඩි නඩි ,පැන්ශන් , පොඩි මිනිහා වේලක් ඇර වේලක් කාලා හූල්ලනවා. උබලා එදා මේක තමයි සෞභාගේ දැක්ම කියලා කිව්වනං උබලට 69 නෙමෙයි ලක්ශ 40 ක් වත් ගන්න බෑ. ගොං බෛයන්ව පැත්තකට දාපංකො , උන් සදාකාලීකවම වහල්ලූ ,මැදමුලනෙන් තොර ලෝකයක් උන්ට නෑ ,හැබැයි අර සැබෑ වෙනසක් වෙනුවෙන් චන්දේ දුන්න එවුන්ට අද පාරට බැහැලා යන්න බෑ. ලැජ්ජයි ,පසුතැවෙනවා.

  5. Saleem says:

    ඉහළ ඉදන් පහළට ඔක්කොම හොරු. වගකීමක් වගවීමක් නෑ. ඕවට විරුද්ධව හඩ නැගුවොත් පිටි පස්සෙන් සුදු වෑන් එයි. රටට ගිය කල

  6. Alapaluwa says:

    මුන් යහපාලන කාලෙ ෆොටෝ දාන්නෙ. ජනාධිපතිතුමා එක්ක කොහෙද ඔය සෙල්ලම්.
    From SA

    • ලයනල් says:

      නොදකිං ගොං වහලා. තෝ ඇඹරිල වැලලිලාම පල.

  7. desta says:

    jhonsta saha volatile godane e ethi

  8. Ruwani says:

    China magic

  9. SAMAN says:

    ජොන්ස්ටන්ගේ වීර ක්‍රියා වල ප්‍රතිඵල ….තැබෑරුම් ඇරපල්ලා ,රටේ ජනතාව බේබද්දෝ වුනාම පාරවල් වල ඇති වලවල් දකින්නේ නැහැ ..උන් ඒවා ඇතුලේ වෙරිවෙලා නිදාගනිවී …පොහොට්ටුවේ 225 ට අවශ්‍ය පරිදි සැප විදින්න විදේශවලින් ණය ගන්න පහසුයි ඒවා ඔවුන්ගේ සාක්කුවේ ..රට අගාදයේ මුන් දේශපාලකයෝ නොවේ දේශපාලුවෝ ..කිසිම පක්ෂයක් විශ්වාස නොකලයුතුයි

  10. අපතයා says:

    ඊළග ට එන්න ඉන්නෙ අලි නේ . ඔය වලවල් වල දාල පරන කුනු හෝදල ම ගමු , නේඃ .