වර්ෂාව තව දුරටත්.. රත්නපුරට, නුවරඑලියට නාය යාම් අනතුරු ඇගවේ..

August 19, 2017 at 8:02 am | lanka C news
වර්ෂාව තව දුරටත්.. රත්නපුරට, නුවරඑලියට නාය යාම් අනතුරු ඇගවේ..

ඇද හැලෙමින් පවතින වර්ෂාව හේතුවෙන් රත්නපුර හා නුවරඑලිය දිස්ත‍්‍රික්කයන්හි නාය යාම් අවදානම් ඇති ප‍්‍රදේශයන්හි ජනතාව දැඩි අවධානයෙන් සිටින ලෙස ආපදා කලමනාකරන මධ්‍යස්ථානය පවසයි.

කුකුලේගග ජලාශයේ වාන් දොරටු විවෘත කර ඇති නිසා ඒ දෙපස ජනතාවටද විමසිල්ලෙන් සිටින ලෙස ඔවුන් ඉල්ලා සිටී.

මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ ඉදිරි පැය 24 තුලදී සබරගමුව හා මධ්‍යම පළාත්වල, කළුතරල, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇතවන බවත් වයඹ, ඌව පළාත් වලත්, කොළඹ, ගම්පහ, හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසිවාර කීපයක් ඇතිවනු ඇති බවත්ය.

ඇතැම් ස්ථානහන්හි මිලි මීටර් 75 පමණ තරමක තද වැසි ඇතිවනු ඇතැයිද දෙපාර්තමේන්තුව කියයි.

258 views
Main News