වර්ෂාව හේතුවෙන් උතුරේ ගව රංචුවක් මරුට..

December 26, 2019 at 2:04 am | lanka C news
වර්ෂාව හේතුවෙන් උතුරේ ගව රංචුවක් මරුට..

මුලතිව් දිස්ත්‍රීක්කයට බලපෑ වර්ෂාවෙන් ඇතිවූ ජල ගැලීම් වලදී ගවයින් 20 කට අධික ප්‍රමාණයක් මිය ගොස් ඇති බවටත් තවත් ගවයින් එවැනි ප්‍රමාණයක් අතුරුදහන් වී ඇති බවටයි.

වර්ෂාව පැවති දිනයන්හි ජලගැලීම් වලට මිය ගිය ගවයින්ගේ මළ සිරුරු කිහිපයක් මේ දිනවල කැලෑවේ ස්ථාන කිහිපයකින් හමු වී ඇති අතර මේ දිනවලද වර්ෂාව ඇදහැලීම හේතුවෙන් ගවයින් ඇතුලු අනෙකුත් ඇතිකරුන සතුන්ට විවිධ රෝගකාරකයන් පැතිරීමේ අවධානමක්ද පවතින බවට සතුන් අයිතිකරුවන් පවසා සිටිති.

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් රජය විසින් ගංවතුරෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ පියවරට අනුව ගංවතුර හේතුවෙන් මිය ගිය හා හානි වූ ගව එළු සත්ව හානි වෙනුවෙන්ද හානි ලබා දීමේ පිලිවෙලක් සලසා දෙන ලෙසටද මුලතිව් වැසියන් වැඩි දුරටත් කියා සිටිති.

– වන්නි රොමේෂ් මධුෂංඛ

163 views

One Comment to “වර්ෂාව හේතුවෙන් උතුරේ ගව රංචුවක් මරුට..”

  1. Amda says:

    අප්පට හුඩු……අර සම්බන්දනයායි සුමන්තිරනයාත් මැරිලද ???????????