වරායට පාඩු කළ ස්කෑන් යන්ත්‍ර ගැන ජොන්ස්ටන් සොයාගනී…

December 6, 2019 at 8:02 am | lanka C news
වරායට පාඩු කළ ස්කෑන් යන්ත්‍ර ගැන ජොන්ස්ටන් සොයාගනී…

කොළඹ වරායේ පරිලෝකන පරිශ්‍රයේ(scanning) ඇතිවූ අධික තදබදය පිළිබඳව සොයාබැලීමට වරාය නාවික කටයුතු , මාර්ග හා මහාමාර්ග සංවර්ධන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා රේගු අංගනයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක් සිදුකළේ ය.

එහිදී හෙළිවූයේ අලුතින් සවිකරන ලද පරිලෝකන ( ස්කෑන් ) යන්ත්‍ර නිසා මෙම තදබදය ඇතිවී තිබෙන බවයි. වැඩි දුර සොයාබැලීමේදී මෙම බහාලුම් පරිලෝකන( ස්කෑන්)ක්‍රියාවලිය සදහා පසුගිය රජය සමයේ අමාත්‍යවරයකුට අයත්  පෞද්ගලික සමාගමකට ටෙන්ඩර් කර ලබාදී ඇති අතර ඒ සදහා වරාය අධිකාරිය සතු අක්කර 2.5ක භූමියක් ද රේගුවට ලබාදී තිබේ.

සාමාන්‍යයෙන් වරාය අධිකාරිය සතු බිම් කොටසක් ලබාදීමේදී මුදල් ගෙවිය යුතුවන නමුත් මෙම සමාගම මේ වනතෙක් වරාය අධිකාරියට කිසිදු මුදලක් ගෙවා නොමැත. මීට ඉහතදී උක්ත සමාගම මාසිකව රු. මිලියන 45ක්  ගෙවීමට එකගවී තිබුණත් කිසිදු ගෙවීමක් වරාය අධිකාරියට  සිදුකර නැත. එක් කන්ටේනරයක් පරිලෝකනය කිරීම සදහා ඩොලර් (USD)  මුදලක් අය කරන අතර දෛනිකව කන්ටේනර් 2000-2500 සංඛ්‍යාවක් පරික්ෂා කරනු ලබයි. එවැනි විශාල මුදලක් උපයන නමුත් වරාය අධිකාරියට අදාළ සමාගම කිසිදු මුදලක් නොගෙවයි.

මෙම ක්‍රියාවලියේ ගැටලු රාශියක් ඇති බව කන්ටේනර් රථ රියැදුරන් , වෘත්තීය සමිති නියෝජිතයන් අමාත්‍යවරයා  සමග පැවත්වූ සාකච්ඡාවේදී හෙළිවිය.

එක් කන්ටේනරයක් පරික්ෂා කිරීම සදහා මිනිත්තු තිස්පහක කාලයක් ගතවේ. එමගින් විශාල තදබදයක් ඇතිකරනු ලබයි.  තවද එම සමාගම හිතූමනාපයට පරිලෝකන යන්ත්‍ර ක්‍රියාවිරහිත කිරීමෙන් බහාලුම් පරිලෝකනයට ගතවන කාලය ඉහළ යෑමෙන් ඇතිවන තදබදය නිසාකොළඹ වරාය තුළ අන්තර් ප්‍රවාහන සේවය බිදවැටෙයි. එමගින් ලෝකයේ වරායන් අතර කොළඹ වරාය දිනාගෙන ඇති කීර්තියට හානිවන අතර අසමත් අකාර්යක්ෂම වරායක් බවට පත්වීමට ඉඩ තිබේ. මිනිස් ශ්‍රමය, කාලය, ඉන්ධන අසීමිත ලෙස වැයවීමෙන් සිදුවන්නේ අලාභයකි. ස්කෑන් යන්ත්‍ර හරහා කන්ටේනර් ලොරිරථ පැදවීමට සිදුවීම නිසා කන්ටේනර් රියැදුරන්ගේ සෞඛ්‍යාරක්ෂාව  පිළිබඳව ඔවුන් තුළ චකිතයක් මතු වී තිබේ. පරිලෝකන පරික්ෂාවට යොමුකිරීමේදී ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව රියැදුරු නොමැතිව යොමුකළ යුතු වුවත්, සවිකර ඇති පරිලෝකන යන්ත්‍ර වල එම පහසුකම නැත.

කන්ටේනර් රියැදුරන් , සහායකයන්, වාප්පු ලිපිකරුවන්, වෘත්තීය සමිති නියෝජිතයන් හා වරාය භාවිතා කරන්නන්ගේ දැඩි ඉල්ලීම පරිදි විධිමත් පරීක්ෂණයක් පවත්වන තුරු පරිලෝකන යන්ත්‍ර හරහා පරික්ෂාව අත් හිටුවීමට අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නියෝග කළේ ය.

මාධ්‍ය ඒකකය
වරාය හා නාවික කටයුතු සහ මාර්ග හා මහාමාර්ග සංවර්ධන අමාත්‍යාංශය.

243 views

13 Comments to “වරායට පාඩු කළ ස්කෑන් යන්ත්‍ර ගැන ජොන්ස්ටන් සොයාගනී…”

  1. Lakmal Premaratne says:

    A window is opened… 😀 It will be closed when what “they” wanted is achieved… Better if someone can look into this to find what was happened … Is it really because of the delay or “something” else…

    • සිංහල බන්ඩා says:

      එතුමාගෙ එතනෝල් ටික ස්කෑන් නොකර පන්න ගන්න. දේශප්‍රෙමි වයඹ ඩිස්ටිලරිස් ගල් අරක්කු ඉතා අඩු මිලට ඔබ අතට

  2. බන්ඩා says:

    පසුගිය වසර පහේම දේසපාලන විරැද්ධ වාදීන් හිරේ යැවිල්ලය් දූෂණයය් හොරකමය් ගැන තමය් යහපාලනය ක්‍රියාත්මක උනේ. ඉතින් ආර්ථික වර්ධනය 2.5 ට වැටුන එක කියන්නත් දෙයක්ද?

  3. Yackandandah says:

    එතනෝල් ටික පන්නන්න වගේ

    • පොහොට්ටු පාක්ෂිකයා says:

      එතනෝල් කියන්නේ අත්‍යවශ්‍ය දෙයක්.

  4. amila says:

    Ethanol Tikak panna ganna athi ehenam

  5. Json says:

    Oken Jonaage Kasippu nam Allanawa Boru …

  6. Mr. Minister, pls leave off this desicion immediately for this may bring you liability in return, and this is just like the desicion that was taken by Minister S.M. Chandrasena, who remove the laws of sand etc being transported.

  7. Roman says:

    Ow me scanner eka nisa hoi our eke patta polim.
    Driverslage health ekatath hoda ne. Pita rata wala container eka vessel eken banakotama scan karanava. Kalaya shamaya indana
    Siyallama ithurui. Mekata hari krama vedayak oni.

  8. ඇමති තුමා, ඔය තීරණය වහාම අවලංගු කරන්න. ඔබතුමා නැති වීම මාවතගම අපට මහා පාඩුවක්. ඔය තීරණය වහාම අවලංගු කරන්න, ඇමති තුමා මේ මම කියන දේ අහන්න.

    • catseye says:

      මාවතගමට එයා මොනවද නන්දෝ කෙරුවේ මෙතුවක් දවසකට……අඩු ගානේ මුල් ගලක් වත් තිබ්බද ….මොකටද ඔයාට එයාව ඕන

  9. කළු සල්ලි සුදු කරන පවුල says:

    දැන් මේක කුඩු ගොට නවත්වනවද? අපෝ නෑ .. එතොකොට ලංකවට ට්‍රාන්සිට් කුඩු ගෙන්නන්න බෑනේ බෑනේ …

  10. catseye says:

    මාවතගමට එයා මොනවද නන්දෝ කෙරුවේ මෙතුවක් දවසකට……අඩු ගානේ මුල් ගලක් වත් තිබ්බද ….මොකටද ඔයාට එයාව ඕන

Main News