වරායේදීම තහනම් කල පණුවන් සහිත ටින් මාළු කන්ටේනර් තොගයක් නිදහස් කරයි..
May 30, 2018 at 6:26 am | lanka C news
පණුවන් සහිත ටින් මාළු අඩංගු කන්ටේනර් 74 ක් චීනයේ සිට කොළඹ වරායට පැමිණ ඇති අතර එය මෙරටට ඇතුළු කිරීම වළක්වන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය කළ දැනුම් දී තිබියදී එයින් කන්ටේනර් 6 ක් වරායෙන් නිදහස් කර ඇති බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය චෝදනා කරයි.
මේ බව සදහන් කරමින් එම සංවිධානය විසින් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා වෙත යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි.
සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්,
සෞඛ්‍ය අමාත්‍යාංශය,
කොළඹ 07
අධ්‍යක්ෂක ජනරාල්තුමනි,
පණුවන් සහිත ටින් මාළු අඩංගු කන්ටේනර් 6 ය වහාම සෞඛ්‍ය අමාත්‍යාංශ භාරයට ගන්න.
පණුවන් සහිත ටින් මාළු අඩංගු කන්ටේනර් 74 ක් චීනයේ සිට කොළඹ වරායට පැමිණ ඇති අතර එය මෙරටට ඇතුළු කිරීම වළක්වන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය කළ දැනුම් දී තිබියදී එයින් කන්ටේනර් 6 ක් වරායෙන් නිදහස් කර ඇති බව අප වෙත දැනගැනීමට ලැබී ඇත.
එම ටින්මාළු පරිභෝජනය කිරීම මගින් පරිභෝගිකයන්ගේ සෞඛ්‍යයට තර්ජනයක් ඇති වන බැවින් 1980 අංක 26 දරණ ආහාර පනත ප්‍රකාර ආහාර පිළිබද නිසි බළධාරියාවන ඔබගෙන් අප සංවිධානය කරුණාවෙන් ඉල්ලා සිටින්නේ අදාල පණුවන් සහිත ටින් මාළු අඩංගු කන්ටේනර් 6 වහාම සෞඛ්‍ය අමාත්‍යාංශය භාරයට ගෙන නිසි පරීක්ෂණයක් පවත්වන ලෙසය.
රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය
මේවා පළමුවෙන් පාර්ලිමේන්තුවේ කැන්ටිමට බාරදෙන්න