වරායේ කන්ටේනරයකින් මත්පෙති කෝටි එකහමාරක් අල්ලයි.. වටිනාකම නියම කල නොහැකියි..

September 6, 2018 at 12:40 pm | lanka C news
වරායේ කන්ටේනරයකින් මත්පෙති කෝටි එකහමාරක් අල්ලයි.. වටිනාකම නියම කල නොහැකියි..

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් සිදුකරන ලද වැටලීමකදී කොළඹ වරාය පරිශ්‍රයේ කන්ටේනරයක තිබියදී ට‍්‍රැමඩෝල් මත්පෙති විශාල තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ.

මත් පෙති එක්කෝටි පනස් ලක්ෂය ඉක්වමු ප‍්‍රමාණයක් මෙසේ අත්අඩංගුවට ගත්තේ යයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කරයි.

පොලිසිය සඳහන් කරන්නේ පෙට්ටි 585 ක් අසුරා තිබූ මෙම තොගය ලිබියාවට රැගෙන යාමට ඉන්දියාවේ සිට කොළඹ වරායට ගෙනවිත් තිබූ බවයි.

මත් පෙති තොගයක් වටිනාකම මෙතෙක් ගණනය කර ඇති බවත් එය ඉතා ඉහළ වටිනාකමක් ඇති බවත් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කියයි.

21 views
Main News