වරායේ කොටසක් විකුණනවා.. වරද රාජපක්‍ෂ පාලනයේ.. – අර්ජුන

October 6, 2016 at 3:00 pm | lanka C news
වරායේ කොටසක් විකුණනවා.. වරද රාජපක්‍ෂ පාලනයේ.. – අර්ජුන

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තයේ 51% ප‍්‍රමාණයක් රජය සතුව තබාගෙන ඉතිරිය පුද්ගලීකරණය කිරීමට රජය තිරණය කර ඇති බව වරාය හා නාවික කටයුතු ඇමති අර්ජුන රණතුංග පවසයි.

මීට හේතුව වන්නේ ගිය රජය කාලයේ වරාය අධිකාරියේ ඇතිවී තිබෙන අධික ණයබර බවද පවසන ඇමති රණතුංග අදාල කොටස පුද්ගලීකරණය කිරීමට මේ වන විට හොද ආයෝජකයෙකු සොයා ගෙන ඇතැයිද කියා සිටී.

කෙසේ වෙතත් මීට දැඩි විරෝධය පල කරන වරාය පොදු සේවක සමිතිය පෙන්වා දෙන්නේ මේ හරහා වරායේ සමස්ථ මෙහෙයුම් පද්ධතියම බිද වැටෙනු ඇති බවයි.

මෙම විකිණීමේ ක‍්‍රියාමාර්ගය නවතා නොදමන්නේ නම් දැවැන්ත වෘත්තීය අරගලයක් ආරම්භ කරන බවද සමිතියේ ප්‍රධාන ලේකම් චන්ද්‍රසිරි මහගමගේ කියා සිටී.

84 views
Main News