වරායේ ස්කෑන් යන්ත‍්‍රයෙන් යහපාලන ප‍්‍රබලයෙකුට මසකට ඩොලර් ලක්‍ෂ ගණනක් පරම්පරා ගානකට..

December 15, 2019 at 6:48 pm | lanka C news
වරායේ ස්කෑන් යන්ත‍්‍රයෙන් යහපාලන ප‍්‍රබලයෙකුට මසකට ඩොලර් ලක්‍ෂ ගණනක් පරම්පරා ගානකට..

කොළඹ වරාය දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ වාර්ෂික විවධ ප්‍ර‍සංගය එම පරිශ්‍රයේදී පැවැත්විණ.

එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස වරාය නාවික කටයුතු, මාර්ග හා මහා මාර්ග සංවර්ධන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍ර‍නාන්දු මහතා සහභාගී වූයේය.

එහිදී සභාව ඇමතූ අමාත්‍යවරයා කොළඹ වරායේ ස්කෑනින් සිදුවීම සම්බන්ධව මෙසේ අදහස් ප්‍ර‍කාශ කළේය.

වරායේ ස්කෑනින් ප්‍ර‍ශ්නය ආවා. විශාල තදබදයක් තිබුණ නිසා තමයි මම ගිහින් බැලුවෙ. ස්කෑනින් කරන එක හොදයි. ස්කෑනින් කරන්න ඕනැ. හැබැයි ඒකට විධිමත් ක්‍ර‍ම වේදයක් තියෙනවා. එහෙම ප්‍ර‍මිතියෙන් යුතු වරායවල්වල තදබදයක් තියෙන්න බෑ. කන්ටේනර් සිය ගානක් පෝලිමේ. වරායේ දෛනික කටයුතු වලට බාධාවක් නොවෙන හැටියට ස්කෑන් කරන්න පුළුවන් නම් තමයි වඩාත්ම හොද. අද වරායේ ස්කෑනින් යන්ත්‍ර‍ පිළිබදව සිද්ධියේදී මට විශාල වශයෙන් ඇතැමුන් මඩ ප්‍ර‍හාර එල්ල කරනවා. මම ඒවා සතපහකට ගණන් ගන්නේ නෑ. මොකද මම හරි දේ කරන්න ආව පුද්ගලයෙක්. මම හැම වෙලාවෙම කරන්නෙ නිවැරදි දෙයයි. අද වැරුද්ද ඔප්පු වෙලා තියෙනවා.

මේ ස්කෑනින් යන්ත්‍ර‍ ව්‍යාපෘතිය පහුගිය යහපාලන ආණ්ඩුවෙන් පරම්පරා ගානක් ඩොලර් ලැබෙන විදිහට හදා ගත්ත ව්‍යාපෘතියක්. මට ආරංචි විදිහට ස්කෑනින් යන්ත්‍ර‍ මිලදී ගැනීමට රුපියල් ලක්ෂ 30000ක් මුදල් ලබා දීලා තිබෙන්නෙත් මහ බැංකුවෙන්. පිටරටින් මේකට සල්ලි දීලා නෑ. වරායට බාධාවක් තදබදයක් නොවන විදිහට වරායට නියමිත ආදායමක් එන විදිහට මේ ස්කෑනින් කරන්න ඕනෙ. ඒ වගේම තද බදයක් ඇති නොවෙන විදිහට මේ විධිමත්ව ස්කෑන් පරීක්ෂාව සිදු කරන්නෙ කොහොමද කියලා හොයා බලන්න කියලා මම වරායේ බලධාරීන්ට දැනුම් දුන්නා.

එක කන්ටේනරයක් පරික්ෂාවට ඇ. ඩොලර් 12ක් අය කරනවා. ඒකෙන් ඩොලර් 02ක් රේගුවටයි. වරායට අවම වශයෙන් බදු මුදලවත් ගෙවලා නැහැ. ඉතිරි ඩොලර් දහයෙනුත් ඩොලර් 04ක් දේශපාලඥයෙකුට යනවා කියලා තමයි වාර්තා වෙන්නෙ. මේකෙන් වරායට සත පහක ආදායමක් ලැබෙන්නේ නෑ. මම මේ පිළිබදව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාට පැමිණිලි කෙරුවා. මේ ගනුදෙනුව පිටිපස සිටින සමාගම් ගැනත් පුද්ගලයන් ගැනත් අපි සොයා බැලිය යුතුයි.

– මාධ්‍ය ඒකකය

121 views

12 Comments to “වරායේ ස්කෑන් යන්ත‍්‍රයෙන් යහපාලන ප‍්‍රබලයෙකුට මසකට ඩොලර් ලක්‍ෂ ගණනක් පරම්පරා ගානකට..”

  1. 'ස්කෑන් කෑන්' says:

    මොහුගේ දේපල රාජසන්තක කරලා දාන්න… ! රටටම මොහු ගැන හෙලි කරන්න..!

  2. Dp says:

    ඔබතුමාටත් කියන්න තියෙන්නේ මාද්‍ය සන්දර්ශන වැඩක් නෑ.දූෂණයක් වෙලා තියෙනවනම් හොයල බලල නඩු දාන්න.කෙලින් වැඩ කරන නායකයෙක් ඒ මනුස්සයාවත් කන්න එපා

  3. Nawodhi says:

    Now the government is yours. Why not taking action against these corruptive people?

  4. kamal says:

    මගෙ ෙනාෙහාත් අජාසත්ත කුමාරයාෙග් චිත්ත විසුද්ධිය නැතිවුන හැටි
    මම දන්නෙ නැ ෙකාෙහාමද වුනෙ කියා ඒත් මම කියන්නම් මට මහණ වෙන්න ඉඩ දෙන්නෙ නැති නිසා මිට අවුරුදු 13කට කලින් මට බුදු දහම අ කියාදුන් අම්මා හා නංගි කෙරෙහි සිතෙ ගැටුම ඔඩු දුවා වයිර චෙතනා ද්වෙෂ චෙතනා බවටද ද්වෙෂ ෙචතනා රාග ෙචතනා බවට පත්වුනා ඒහි විපාකයක් වශෙයන් අම්මා කෙරෙහි හා නංගි කෙරහි ද්ෙව්ෂය හට ගත්තා නමුත් මම තනියම විදදරා ගත්තා නමුත් ෙලාෙක ඉන්න වැඩිමල්ම කන්තාව වන මගෙ හදවත වන මම අම්මාට වඩා අාදරය කරන ප්‍රජාපති ෙගාතමි ෙකෙරහි සිත අපැහැදුනා.ඒවිට අාර්ය උපවාදය කියන දරුණු අකුසලය මගෙ අතින් සිදුවුනා නමුත් මට පාලනයක් නැ ඒවිට මගෙ චිත්ත විසුද්ධිය නැතිවුනා නමුත් කිරිබත්ෙගාඩ ඤණානන්ද හිමි මගෙ ගුරුදෙව් මම කෙරෙහි අනුකම්පාවෙන් මා වෙත වැඩියා. ඒවිට සිදුවුනෙ ෙනාසිතපු දෙයක් දවස් 28කින් චිත්ත විසුද්ධිය නැවත අාවා නමුත් අය මට ඒවගෙ දෙයක් වෙන්නෙ නැ ෙමාකද කපටි කම කියන ඒක දුරු කරලා තිෙයන්ෙන මගෙ අම්මා ප්‍රජාපති ෙගාතමි පිරුණුවන් පාන විට ෙපන්නපු ඍද්ධි ප්‍රතිහාර්යය මට විදර්ශනාවට උදව් වුනා.මෙක සමහර විට අජාසත්ත කුමාරයා දුස්සිලයා කියලා බැනපු ප්‍රජාපති ෙගාතමි කෙරෙහි තිබුනු සංසාර වයිරයක් ෙවන්න අැති. නැත්තම් මට ඒෙහම ෙවන්න බැ මට ඒච්චර ශ්‍රද්ධාව තියෙනවා.

  5. Disce ammata discede says:

    රටේ අවශ්‍යතාව අනුව නිළධාරීන් ප්‍රොජෙක්ට් එක ඩිසයින් කරනවා. යමපාලන ඇමතියා ඒකෙ ලාබෙ දකිනවා.
    රජයෙන් කරන්නේ නැතුව පුද්ගලික අංශය ට දෙමු කියා ඔහු තීරණය කරනවා .

    ඔහුම කොම්පැනිය ක් හදනවා.
    රජයේ බැංකුවෙන් ම ණය ගන්නවා. ඒ සල්ලි වලින් උපකරණ ගෙන්වා සවිකරනවා . ඉන් පසු සෑම කන්ටේනරේකින්ම සල්ලි අය කරනවා.
    ඉන් සුලු කොටසක් ණය වාරිකය වෙනුවෙන් බැංකුවට ගෙවනවා.
    ඉතිරි වැඩි කොටස ජීවිත කාලය පුරා ඇමතියගෙ හා සනුහරේ සාක්කුවේ.

    භාන්ඩාගාර බැදුම්කර හොරකමත් කලේ මේ ලෙසමයි. රජයේ බැංකුවෙන් අඩු පොලියට ණය අරන් රජයටම වැඩි පොලියට දුන්නා.

  6. mali says:

    කොහොමත් එතනෝල්, කුඩු වගේ ඒවා ඉක්මනට ගෙන්න ගන්න, බැරි වෙලාවත් ජනාධිපති කිව්වොත් ස්කෑනායර් එක යලි පටන් ගන්න කියා?

  7. kumara janaka says:

    මේකේ ආරංචිය ආවේ අම්පාර පැත්තේ පොරක්ට….අම්මපා මුන් හැමතැනින්ම උරාබීලා හපකරලා ඉවරයි ….තවටත් හංගන්න එපා…..ලංකාවට ඕනේ වැඩ කරන කෙලින් මිනිහෙක්…..ඒ හින්ද කෙලින් තීරණ ගන්න බයවෙන්න එපා ..මොකද රටේම මිනිස්සු දැන් බලාගෙන ඉන්නේ……ඔයාලත් ඒ පාරෙම යනවද කියලා …….නීතිය හරියටම කරවන්න…..එච්චරයි ඕනේ .

  8. මාතර සුනිල් says:

    දයා ගමගේ කියන්නෙත් හොද හොරෙක් තමයි. ඕක විතරක් නෙවෙයි, ගම්මිරිස් වලිනුත් මුළු රටටම කෙලිය.

  9. Upul says:

    There are no checks and audits or if any, then, they are not done properly in SL. The other issue is law and order is not equally applied to everybody. The third and the main thing is most of them (majority) are corrupt to the bone. If these can be corrected, then, you can look for a better society and a country.

  10. Sun says:

    That is why they go to politics to make money not to serve people oe the country. Most of the low quality politicians have such mentality of making money. They think they are happy when they have a load of money to show the people. That is the wrong mentality induced from such quality people. The goal is only money.

Main News