වරාය ආසන්න ඉඩම් අක්කර 13ක් චීනයට.. කැබිනට් පත‍්‍රිකාව වරාය ඇමතිගෙන්…

July 28, 2021 at 2:10 pm | lanka C news
වරාය ආසන්න ඉඩම් අක්කර 13ක් චීනයට.. කැබිනට් පත‍්‍රිකාව වරාය ඇමතිගෙන්…

කොළඹ වරාය ආසන්නයේ ඉඩම් අක්කර දහතුනක් දීර්ඝ කාලීන බදු පදනම මත චීනයට ලබාදීම සඳහා රජය සූදානම් වෙයි.

ඒ සඳහා අනුමැතිය ඉල්ලමින් වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ.

වරාය වගරයේ කටයුතු කරන චීන සමාගමකට සේවා සැපයුම් කටයුතු සඳහා මධ්‍යස්ථානයක් පිහිටුවීමට මෙම ඉඩම යොදාගැනීමට බලාපොරොත්තු වන බවද එම කැබිනට් පත‍්‍රිකාවේ දැක්වේ.

වසර 35 ක කාලයක් සඳහා මෙම ඉඩම එම සමාගමේ ව්‍යාපෘති සඳහා ලබා දීමට එම කැබිනට් මණ්ඩල පත්‍රිකාව මගින් යෝජනා කර ඇත.

35,695 views

18 Comments to “වරාය ආසන්න ඉඩම් අක්කර 13ක් චීනයට.. කැබිනට් පත‍්‍රිකාව වරාය ඇමතිගෙන්…”

  1. Darshana abayakoon says:

    අතිගරු දේශප්‍රෙමි විමල්, ගම්මන්පිල ඇතුලු රාජපක්ෂ ආන්ඩුවකින් බද්දට තියා සින්නකර විකුනුවත්, මව් බිමට අබමල් රේණුවක වත් හානියක් නොවෙන බව 69ලක්ෂයක් ජනතාව දන්නවා. එදා පොට්සීට්ය ශැන්ග්‍රිල්ලාව චීනයට විකුනද්දී අප රාජපක්ශ වරුන්ට සහය දැක්වූ සේම බටහිර ජැටිය, වගේම මෙම ඉඩම විකුනද්දීත් එක පයින් රාජපක්ශවරු සමගයි.

  2. wajira says:

    චීනෙන් දෙන එන්නත් දෙන විදිහට රටමත් දිලා මදි වෙන ලයින් එකක් තියෙන්නේ !!

  3. Ulama says:

    Mage eta deka baddata denna beri weida danne ne…Raththaranne..watinawa ethi sehenna…horikada balla…

Main News