වරාය ගිවිසුම අවුලෙන් අවුලට.. චීන්නු අත් නොහරී.. මුදල් අමාත්‍යාංශයේ හදිසි සාකච්චාවක්.. ඇමති අර්ජුණට බැණ වදී..

January 5, 2017 at 2:10 pm | lanka C news
වරාය ගිවිසුම අවුලෙන් අවුලට.. චීන්නු අත් නොහරී.. මුදල් අමාත්‍යාංශයේ හදිසි සාකච්චාවක්.. ඇමති අර්ජුණට බැණ වදී..

හම්බන්තොට වරායේ කාර්‍යන් සහ නිශ්චල සහ චංචල දේපල ඇතුළු සියලු වත්කම් අයිතිය සීයයට 80% ක් වසර 99 කට හෝ ඊට වැඩි කාලයක් සඳහා ඇ.ඩොලර් බිලියන 1.2 කට විදේශීය සමාගමක් වන චයිනා මර්චන්ට් පොර්ට් හෝල්ඩිග්ස් සමාගමට පැවරිමට 2016 දෙසැම්බර් මස දින ගිවිසුමකට එලබුනි.

ඒ අනුව මෙකි දේපල සහ හම්බන්තොට වරායේ කාර්යයන් ගිවිසුම අනුව මෙම සතියේදී චයිනා මර්චන්ට් පොර්ට් හෝල්ඩිග්ස් සමාගමට භාරදීමට සුදානම් කොට තිබුණි. නමුත් මේ වනවිට මෙම වරාය පැවරීමේ ගිවිසුම හරහා සිදු වී ඇති දූෂණය සම්බන්ධයෙන් වරාය අධිකාරිය විෂය භරා අමාත්‍යවරයා විසින් 2016/12/ 07 දින යවන ලද ලිපිය ජනමාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත්වීමත් සමඟ රජයේ ඉහළම පාර්ශවයන් කලබලයට පත්ව ඇති අතර ගිවිසුම අත්සන් කිරීම ඒ අනුව සති කිහිපයකට කල් දමා ඇති බව අද ලංකාදීප පුවත්පත ප්‍රධාන සිරස්තලය ලෙස වාර්තා කර තිබුනි.

චීන රජයේ මැදිහත් වීම මත චීන තානාපති විසින් ශ්‍රීලංකා රජයට මෙම ගිවිසුම අනුව ක්‍රියාත්මක නොවිම සම්බන්ධව තම අප්‍රසාදය පලකොට ඇති අතර මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් මුදල් අමාත්‍යාංශයේදි මුදල් ඇමති රවි කරුණානයක ගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පැවත්වුනි.

මේ සඳහා චයිනා මර්චන්ට් පොර්ට් හෝල්ඩිග්ස් සමාගම නියෝජිතයින් මෙන්ම ශ්‍රීලංකාව වෙනුවෙන් එම ගිවිසුම අත්සන් කොට ඇත්තේ මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර් එච් එස් සමරතුංග. වරාය හා නාවුක අමාත්‍යාංශයේ ලේකම් එල් එම් ජයම්පති හා උපායමාර්ග සංවර්ධනය හා ජාත්‍යන්තර වෙලද කටයුතු අමාත්‍යාංශයේ ලේකම් චාන්දනී විජේවර්ධන මහත්මිය යන ලේකම්වරුන් ඇතුළු නිලධාරින් කිහිප දෙනෙකුම මෙම සාකච්ඡාවට සහභාගි වුන අතර එහි විශේෂත්වයක් වනුයේ ඒ සඳහා වරාය අධිකාරිය විෂය භරා අමාත්‍යවරයා වන අර්ජුන රණතුංග හෝ වරාය අධිකාරිය සභාපතිවරයා මෙම සාකච්ඡා සඳහා සහභාගි කාරවා ගෙන නොමැති බවයි.

එම සාකච්ඡාට සහභාගි වූ දෙපාර්ශ්වයම එනම් රජයේ සහ චීන සමාගමේ නිලධාරින් මුදල් අමාත්‍යවරයා ඉදිරියේ අර්ජුන රණතුංග අමාත්‍යවරයාගේ දෙබිඩි ක්‍රියා පිලිවෙල මෙන්ම වරාය අධිකාරිය සභාපතිවරයාගේ ක්‍රියාකලාපය එම සාකච්ඡාවෙදි ඉතා දැඩිව විවේචනය කලහ.

එම ගිවිසගත් ගිවිසුමට අනුව චීනයේ චයිනා මර්චන්ට් පොර්ට් හෝල්ඩිග්ස් සමාගම ඇ.ඩොලර් මිලියන 5 ක අත්තිකාරම් මුදලක් ගිවිසුම අත්සන් කල දිනයේදීම මුදල් අමාත්‍යාංශයේ ලේකම් වෙත ද ගෙවන ලදි.

34 views
Main News