වරාය-ගුවන්තොටුපල අද රැයේ සිට විරෝධතා..
May 17, 2018 at 5:40 pm | lanka C news
ගුවන් තොටුපල හා වරායේ අද මධ්‍යම රාත්‍රියේ සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීනගේ සංගමය කියයි.
වසර විස්සක පමණ කාලයක් තිස්සේ නොවිසදුනු උග්‍ර සේවා ගැටළු සදහා විසදුමක් ලැබෙන තෙක් මෙම ක්‍රියාමාර්ගය පවත්වාගෙන යන බවද සංගමය සදහන් කරයි.
ආගමන විගමන සේවාව සදහා සේවා ව්‍යවස්ථාව ස්ථාපිත කිරීම, විදේශ දුත සේවාව වලට ආගමන විගමන නිලධාරීන් අනුයුක්ත කිරීම, නඩු පැවරුම් අංශය නැවත ස්ථාපිත කිරීම යන ඉල්ලීම් මූලික කර ගකිමින් වර්ජනය ක්‍රියාත්මක බවද සංගමයේ සභාපති එස්. කණ්ගල මහතා කියා සිටී.
මේ අතර ශ්‍රී ලංකන් ගුවන් සේනය නිවේදනය කරන්නේ ගුවන් තොටුපලට පැමිණෙන සියළු මගීන් පැය තුනකට කලින් පැමිණෙන ලෙසයි.