වරාය, ගුවන්තොට, භූමිය විකිණීමට එරෙහි හම්බන්තොට ස්වදේශිකයෝ පාරට බසිති.. මහා පොලිස් බලඇණි සීරුවෙන්..

October 6, 2017 at 11:25 am | lanka C news
වරාය, ගුවන්තොට, භූමිය විකිණීමට එරෙහි හම්බන්තොට ස්වදේශිකයෝ පාරට බසිති.. මහා පොලිස් බලඇණි සීරුවෙන්..

හම්බන්තොට වරාය මත්තල ගුවන් තොටුපල විදේශ රටවලට විකුණා නොදමන්නැයි රජයට බල කරමින් පවත්වන විරෝධතාවක් වැලැක්වීම සදහා අති විශාල පොලිස් බල ඇණි හම්බන්තොට නගරය, හම්බන්තොට වෙරල උද්‍යානය, හම්බන්තොට වරාය, ෂැංග්‍රල්ලා හංදිය, කටුවැව හංදිය ආසන්නයට යොදවා සිටී.

මෙම විරෝධතාවය තහනම් කරමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරුන් වන නාමල් රාජපක්‍ෂ ඞී.වී. චානක යන මහත්වරැුන්ට එරෙහිව ඊයේ දිනයේ අධිකරණ නියෝගයක්ද නිකුත් කර ඇත.

හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ සියළු පොලිස් ස්ථාන සූදානමින් රදවා ඇති අතර අමතර බැල ඇනි, කැරලි මර්ධන ඒකක, ජල ප‍්‍රහාරක රථද කැදවා ඇත.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා පවසන්නේ අධිකරණ නියෝගයට අවනත වෙමින් මෙම විරෝධය අද දිනයේ පවත්වන බවයි.

10 views

One Comment to “වරාය, ගුවන්තොට, භූමිය විකිණීමට එරෙහි හම්බන්තොට ස්වදේශිකයෝ පාරට බසිති.. මහා පොලිස් බලඇණි සීරුවෙන්..”

  1. OLU says:

    Stop selling Hambantota port
    President Sirisena ,Prime Minister Ranil Please RESIGN …..ENOUGH is ENOUGH!
    People have learn lot ..You both are Traitors…Our People suffered lot,That’s enough..
    Now We got tired of Yamapalanaya…..They always ,try to do same thing, Selling our Country
    We the Sri-Lankan people are totally opposed to a sale or lease of Sri-Lankan land
    Stop selling our natural resources!

Main News