වරාය චීනයට දුන්නා.. මත්තල ඉන්දියාවට දෙනවා.. සම්මන්ත්රණ ශාලාවත් දෙනවා.. සූරියවැව ක්‍රිකට් පිටියට මොකද කරන්නේ..- අගමැති
November 6, 2017 at 10:40 am | lanka C news
ණය ගෙවාගන්න බැරිව කොළඹ වරායෙන් ණය ගෙවමින් සිටි හම්බන්තොට වරාය චීන සමාගමක් සමග එක්ව හවුල් ව්‍යාපාරයක් ආරම්භ කිරීම නිසා ණය නිදහස් කර ගැනීමට හැකි වූ බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
මොණරු පමණක් එන මත්තල ගුවන් තොටුපල ඉන්දීය සමාගමක් සමග හවුල් ව්‍යාපාර ආරම්භ කරන්නට සාකච්ච කරමින් සිටින්නේ යයිද අගමැතිවරයා සදහන් කලේය.
අගමැතිවරයා මෙම අදහස් පල කලේ දෙනියාය මධ්‍ය මහා විද්‍යාලයේ පැවති උත්සව සභාවක් අමතමිනි.
ඊළගට ඉදිරි වී ඇත්තේ හම්බන්තොට සම්මන්ත්රණ ශාලාව හා සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාගණය බවත් කී අගමැතිවරයා ක්‍රිකට් පිටියට එන්නේ වල් අලි පමණක් බවත් එය තාම විසදා ගත නොහැකි වූ ප්‍රශ්නයක් බවත් කියා සිටියේය.
වීඩියෝව මෙතනින්
Go… play marbles with the Potti at Suriyawewa.
ගෑනි?